SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ටික කාලෙකට කලින් Chamara Guruge ලාගේ කොමඩි ෂෝ එකක් ගැන දැනගන්න ලැබුනා. (එයාලාගේ පළවෙනි වැඩේද මන්ද)..

ඒ වැඩසටහන රසවත් වුනත් එකම කාන්තාවක්වත් ඒ වැඩසටහනේ හිටියේ නෑ. ඒ ගැන හොයලා බැලුවාම ලැබුන උත්තරේ තමයි ලංකාවේ ඉන්න ඉදරිගාමීම කෙල්ලෝ සෙට් එකේ යම් ප්‍රමාණයක් (මට අනුව) පිරිවරාගෙන ඉන්න එයාලාගේ මිතුරු කවයේ, කාලා බීලා වැල් බයිලා ගහන්න කෙල්ලෝ හිටියාට, එක කෙල්ලෙක්වත් ඒ වැඩේට සම්බන්ද වෙන්න ඉදිරිපත් වුනේ නෑ කියලා. ඒක පුදුම සහගත උත්තරයක් කියලා මට හිතුනේ ලංකාවේ ටිකක් වෙනස් විදිහට හිතන රැඩිකල් ගැහැණු ළමයි (නැවතත් මට අනුව), විශේෂයෙන්ම රංගන ශිල්පිනියෝ පවා එයාලාගේ සමීප මිතුරු කවයේ හිටපු නිසා.

ඉතින් මං හොයලා බැලුවා ඇත්තටම ඒක එහෙමද කියලා. ඒ කතාව ඇත්ත. ඒ සියලු ගැහැණු ළමයි අඩු වැඩි වශයෙන් ඒ වගේ වැඩකට සම්බන්ද වෙන්න කැමැත්තක්, ඕනෑකමක් හෝ ධෛර්යයක් තිබුනේ නැති අය. කොහොමහරි අවසානේදී මේ කොමඩි ෂෝ එකේ දැන් ගැහැණු ළමයෙක් ඉදිරිපත් කීරීම් කරනවා කියලා දැක්කා..

හරිම සතුටුයි Nathasha Edirisooriya, ඔයාගේ මේ ආරම්භයට සහ මම සුබ පතනවා ඔයාට..! මේ හැකියාව තව දියුණු කරගෙන ලංකාවේ Comedy Show වල ඉදිරියට යන්න.

මේ පිංතූර ඇගේ බිත්තියේ පළකරලා තිබුන, පහුගිය දවසක පුංචි තියටර් එකේ තිබුන SOS Comedy Show එකේ  පිංතූර.. මම තාම මේක බලලා නෑ.. ඒ නිසා ඇගේ ඉදිරිපත් කිරීම් ගැන අදහසක් කියන්න මම තාම දන්නෑ නේ...

ලංකාවට ආවාම අනිවාර්යයෙන්ම ඊලඟ ෂෝ එකක් බලන්න ඉන්න වැඩක්. බලලා ඒ ගැන ලියනකල් ඉවසගෙන ඉන්න බැරිවයි මේක දැම්මේ..