SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"777 Charlie"(2022)#69#

"චාර්ලි" ෆිල්ම් එකේ පළවෙනි විනාඩි දහයෙන්ම පිස්සුම හදවනවා ආයේ දෙකක් නෑ..

 

කොරවෙලා යන්නම..Cinematography and Editing නම් ආයේ පර්ෆේක්ට්..Different Shots, Different Camera Angleවලින් ළග ළග කැපෙන shot cutting එක්ක තනිකරම සිනමාත්මක විශ්මකර්මයක් පාදුර්භුත කරන්න ඒ හැටි වෙලාවක් යන්නේ නෑ. අනෙක් පැත්තට ඇට මිදුලු කකියවන Background Music එක සහ Screenplay එක. Screenplay එක පුරාවටම Character Build up එක නමි සූපර්. මට චාර්ලි මාස්ටර්පීස් එකක් වෙන්නේ එතනින්. වශීකරණයේ කූටප්‍රාප්තිය සිද්ධ වෙන ෆිල්ම් එකේ චාර්ලිගේ Entering scene එක පටන් ගන්නෙම පට්ටම චිල් සිංදුවකින්..I am Free(මම නිදහස්)..මාරයි...

 

සැබෑ බල්ලෙකු යොදාගෙන චිත්‍රපටයක් හදනවා කියන්නේ අසීරු අභියෝගයක් වුනත්, "චාර්ලී" සිනමාපටය එම අභියෝගය ජයගෙන ඇති බව පේන විශේෂ දෙයක්. මන්දයත් චිත්‍රපටය පුරාවටම "චාර්ලි" කියන සුනඛයාගේ ගති ස්වභාවය සහ "චාර්ලි" මුහුණදෙන ⁣ඉන්දියානු සංස්කෘතික පරිසරයන් කෙරෙහි දක්වන ප්‍රතිචාරය සහ හැඩගැන්වීම පිළිබඳව අපුරුවට සිනමාපටය විසින් ග්‍රහණය කරගෙන තිබෙනවා. උල් දතුත්, මුගුරුත්, රජ කරනා මෙි ගම්මානයේ සහ නගරයේ මුග්ධයන්ගේ ගති ලක්ෂණ සමඟ පොර බඳන "චාර්ලිගේ" ජීවිත කතාව සිනමාපටයේ අපුරුවට දිග හැරෙනවා.

චාර්ලිගේ කරුණාවන්ත ස්වාමියා වු ධර්මාගේ මනුෂ්‍ය ගති ස්වභාවයත්, චාර්ලි තම දිවියේ ලබන අප්‍රමාණ වු ජීවිත පරිඥානයත්, ධෛර්යසමිපන්නබවත් එළිපෙහෙළි වෙයි. පරිසරය හා ජන්මය විසින් ඒ හැම සත්ත්වයකුගේ ගතිගුණ තීරණය වෙිය යන්න "චාර්ලි" තුළින් ගම්‍යමාන වෙයි. සත්ත්ව කතාවක සීමාවෙන් ඔබිබට ගොස් මිනිස් සත්තාවත්, මානුෂ සත්තාවත් එකට මුසු කරන " චාර්ලිගේ" නිරූපණය අතිශයින්ම සිත් ඇදගන්නාසුළු ය. චාර්ලිගේ වීරෝන්මාදනීය බව සැබෑ සුනඛයකුගේ අරුමැසිබව තුළින් විශ්වසනීයභාවය වැඩි කරයි. සවිමත් මිත්‍රත්වයත්, තදබල ආලකමත් සමඟ බැඳුණු මේ අපුරු සුනඛ පෝතක කතාන්දරය වසරේ නරඹන්නට ලැබුණු විශිෂ්ටවුත්, අලංකාරවූත් සිනමාපටයක් බව නම් කිව යුතුමයි.

Full movie