SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

‘‘අලංකාරය යම් කුතුහලයකට ආරාධනා කරන බව මම දනිමි.

එහෙත්, ඔස්කාර් වයිල්ඩ් පැවසූ පරිදි, එම කුතුහලය පවත්වා ගැනීමට ඔබට වෙනත් කිසිවක්

ආදේශක නොමැති නම් එකී අලංකාරය ඹබෙි සිතේ රැදෙන්නේ මිනිත්තු පහක් පමනි.”

- Monica Bellucci

ඉතාලි සිනමාව ලෝකයට දායද කල අග්‍රතම ත්‍යාගයකි මොනිකා ඇනා මරියා බෙලූචි. ඇයයි ඉතාලි ගැහැණියගේ පැතිකඩ සහ ඉතාලි ගැහැණියකගේ රාගය, පෞරුෂය, නිර්මානගුණය හා කාන්තිය. සොපියා ලොරේන් ඉතාලිය බිහිකල විශිෂ්ටතම රංගවෙිදිනියක වුවත් ඇගේ ඌරුව එක්සත් ජනපදයේ හෝ එක්සත් රාජධානියට අයත් වන්නාක් වැන්න.

ඉතාලි ජාතික පුවත්පත් දෙකකට අනුව, මොනිකා බෙලුචි ඉතාලියේ ලිංගික සංකේතයක් ලෙස සැලකේ.

 monika6

Irréversible 2002

මොනිකා අප හදුනාගන්නේ ජගත් කීර්තියට පත් Malèna (2000), සිනමා කෘතියෙනි. විචාරකයන් පවසන්නේ මොනිකාගේ අග්‍රතම රංගනය Irréversible 2002 බවයි. සහතිකවම මම ඒ කෘතිය නැරඹුවෙමි. එය අතිශය අපහසුවෙන් හා වෙිදනාවෙන් නැරඹිය යුතු කෘතියකි. එපමණටම එය කෘෘරතරය ඇය ඉතාලි චිත්‍රපටවල සිට හා පසුව ඇමරිකානු චිත්‍රපට සහ ප්‍රංශ චිත්‍රපට සඳහා සංක්‍රමණය වීය.

මොනිකා ඇයට දැන් 58 කි. එහෙත් බෙලූචි වසරක් පාසා ලෝකයේ ලස්සනම කාන්තාවන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින අතර ඇය දශක ගණනාවක් තිස්සේ අඛණ්ඩව පිළිගැනීමට ලක්ව ඇත. වයස අවු. 50 ට පසුවත් ඕනෑම ආකාරකින් කාන්තාවකට අලංකාර ලෙස සිටිය හැකි බව ඇය අපට ආදර්ශයක් සපයයි .නිළිය ඇගේ වයස ගැන ආඩම්බර වේ. දිනක් ඇය මෙසේ පැවසුවාය: “මට කිසිම දෙයකට නැවත මගේ අවු. 20 ට යාමට අවශ්‍ය නැත.”

monika1

නිශ්චිත වයස් සීමාවකට පසු නිළියන්ට තවදුරටත් ප්‍රේමවන්තියගේ චරිතය රග දැක්විය නොහැකි බවට වූ විචාරක මතයට මොනිකා සමච්චල් කලාය.. ඇය එය එසේ නොවන බව ප්රායෝගිකව ඔප්පු කර පෙන්වීය. 51 වන වියේ දී ඇය Specter, හි ජේම්ස් බොන්ඩ්ගේ පෙම්වතිය බවට පත් වූ අතර තවත් වසරකට පසුව එමීර් කස්ටුරිකාගේ On the Milky Road හි රඟපෑවේ සර්බියානු කිරි බෙදන්නාගේ පෙම්වතිය ලෙසයි.

මොනිකා බෙලූචි අන්දෝලනාත්මක වූයේ 2004 දී, තම දියණිය දේවා බිහිකිරීමට ගර්භණීව සිටියදී ඉතාලි වැනිටි ෆෙයාර් සගරාවෙි හි සමිපූර්නයෙන් නිරුවතින් පෙනී සිටි නිසාය. ඒ විෂමලිංගික යුවළයන්ට සශ්‍රීක ප්‍රතිකාර ලබා දීම සීමා කරන සහ තනිකඩ කාන්තාවන් හෝ සමලිංගික ජෝඩු ඉන් බැහැර කරන ඉතාලි නීතියට විරෝධය දක්වමිනි.

වින්සන්ටි කැසේල් නැමති සුප්‍රකට ඉතාලි නලුවා හා විවාහ වී සිටි ඇය ඔවුන්ගේ පළමු දියණිය බිහි කලේ ඇයට වයස 39 දීය. මොනිකා සහ වින්සන්ට්ගේ දෙවන දියණිය උපත ලැබුවේ නිළියට වයස අවුරුදු 45 දී වන අතර ඉන් වසර 3 කට පසුව යුවළ වෙන්වීමට තීරණය කළහ. වෙන්වීමට ටික වේලාවකට පෙර බෙලූචි පැවසුවේ, “විවාහ වී වෙන්වීම, එය කොපමණ කාලයක් පවතිනු ඇත්දැයි අපි නොදනිමු ... එහෙත් එය අද සිට ක්‍රියාත්මක වේ,

monika2

මොනිකා ඇනා මරියා බෙලූචි මොන වගේ ගැහැණියක්ද යන්න ඇය හා කතාබහ කල https://the-talks.com වෙබි අඩවියේ කෙටි උපුටනයක් මෙහි එල්ලා තබමි.

‍‍බෙලූචි මහත්මිය, ඔබ ලස්සන නිසා ඔබට චිත්‍රපට චරිත ලැබෙනවාද?

‘‘අලංකාරය යම් කුතුහලයකට ආරාධනා කරන බව මම දනිමි. එහෙත්, ඔස්කාර් වයිල්ඩ් පැවසූ පරිදි, එම කුතුහලය පවත්වා ගැනීමට ඔබට වෙනත් කිසිවක් ආදේශක නොමැති නම් ඒ අලංකාරය ඹබෙි සිතේ රැදෙන්නේ මිනිත්තු පහක් පමනි. . මම හිතන්නේ නැහැ මම ලස්සන නිසා මේ වෘත්තියක් කරාවි කියලා. මොකද අධ්‍යක්ෂවරු මට කියන්නේ ‘‘ බෙලූචි මෙි ඔබේ අලංකාරය නිසා නොවෙි ඔබේ දක්ෂතාවය නිසාය."

ඔබ බොහෝ විට ආන්තික චරිත තෝරා ගන්නේද?

‘‘ සමහරවිට ඔවු‘‘. මට ගවේෂණය කිරීමට අවශ්‍යයි. කවුරුහරි නව අදහසක් හෝ අවදානම් දෙයක් කිරීමට , මා ගැන උනන්දු නම් මම එය කරන්නෙමි. මම බොහෝ ආන්දෝලනාත්මක තත්වයක් ගෙන එන චිත්‍රපටයකට කැමතියි. මගේ අත්දැකීම් අනුව, මම චිත්‍රපට කළ සෑම අවස්ථාවකම ඔවුන් මේ ආකාරයේ තත්වයක් නිර්මාණය කලා. ඉර්වර්වර්සිබල් , ද පැෂන් ඔෆ් ද ක්‍රිස්තුස්, මාලනා; ඒවා ඉතා සිත්ගන්නා සුළුය. මනුෂ්‍යත්වයේ අඳුරු පැත්ත ගවේෂණය කිරීමට මම කැමතියි. ඒ නිසයි මම තවම නිළියක්"

වරින් වර එම පැරණි චිත්‍රපට නැවත බැලීමට ඔබ කැමතිද?

‘‘නෑ, මට කවදාවත් දෙවරක් චිත්‍රපටියක් බලන්න බැහැ. මන්ද මම මාලනා දුටු නිසා එය නැවත නැවත දැකීම එක්තරා ආකාරයක විහිළුවක් වගේ නිසා .

ඔබේ සැමියා වන වින්සන්ට් කැසෙල් ද නළුවෙකි. ඔබ දෙදෙනා පුද්ගලික ඡීවිතයේදී ඔබේ වැඩ සහ චිත්‍රපට ගැන සාකච්ඡා කරනවාද?‘‘

 කිසිසේත් නැත. වින්සන්ට් සහ මම සිටින්නේ වෙනස්ම ලෝක දෙකක . මම ඔහුගේ මිතුරන් දන්නේ නැහැ අනෙක් අතට ඔහු මගේ මිතුරන් දන්නේ නැහැ. අප එකම පුද්ගලයින් නොවෙි ඒ නිසා අපට එකම ජීවිතයක් නොමැත. වරෙකෙට මම මගේ ලෝකයෙන් පැමිණිනෙමි එවිට, ඔහු ඔහුගේ ලෝකයෙන් පැමිණේ, අපි එකිනෙකා මුණගැසෙමු. නමුත් හැම විටම අපි වෙනස් ආකාරයක සතුන් දෙදෙනෙක්. මම එතරම්ම ස්වාධීන වන අතර ඔහු ද එතරම්ම ස්වාධීන ය, එබැවින් එකට සිටීමට ඇති එකම ක්‍රමය එය යැයි මම සිතමි.

monika3