SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

චෙහෙරේ...(CHEHRE)

සීතල හැන්දෑවක්.. හිම වැටෙන නිසා ගමන දුශ්කරයි.. ඒත් කොහොම හරි අඳුරු වැටෙන්න කලියෙන් දිල්ලියට යාගන්නත් ඕනෑ...කරන් පොඩ්ඩක් ඉක්මන් කරලා ඇක්සලේටරේ පෑගුවා..

ඉස්සරහින් පාර දෙකට බෙදෙනවා.. දෙකම දිල්ලියට.. ඒත් එකක් ශෝර්ට් කට් එකක්..

"මේ පාර දිල්ලියටද යන්නෙ..?" කරන් වාහනේ නවත්තලා අසලසිටි පුද්ගලයෙකුගෙන් විමසුවා..

" නෑ.. මේ පාර කොහෙවත් යන්නෙ නෑ.. ඒත් පාරෙ යන අය යන්නෙ නම් දිල්ලියට...

මහ හඬින් හිනා වුනු කරන් ඔහුට ස්තුති කර පිටත්වුනා..

ඔහුට මීටර් සීයක් යන්න නොලැබෙන්න ඇති.. මහා හඬින් කඩා වැටුණු ෆයින් ගසකට යට නොවී ඔහු බේරුනේ අනූනමයෙන්.. ඒත් වාහනෙන් යන්න නම් බැරි වෙයි.. පාර හරස් වෙලා..

"යමු.. අපේ යාළුවෙල්ගෙ ගෙයක් තිගෙනවා මේ ළඟ.. අද රෑ එහෙ ඉඳලා උදේට යන්න.. "

තමන්ට මඟ කියූ පුද්ගලයා ඔහුව අසල පාළු බංගලාවට එක්කන් යනවා..

මහා අපරාධයක සුල මුල හෙලිවෙන හෙලිදරව්ව ඇරඹෙන්නෙ ඉන් අනතුරුව..

මේ නිවස ඇතුලෙ රාත්‍රිය ගෙවන්න යන කරන්ට හමුවෙනවා අපූරු මිතුරන් කිහිප දෙනෙක්..ඇඩ්වොකේට් වීර්, ඇඩ්වොකේට් ආනන්ද් ,සහ ජජ් රතන් ශාහ්..

ඒ වගේමයි ගෙදර වැඩට ඉන්න ලස්සන කෙල්ල නේහා..

රැය ගත කරන්න කම්මැලි නිසා කට්ටිය පොඩි සෙල්ලමක් කරනවා.. මේක හරි අපූරු වගේම භයානක සෙල්ලමක්.. ඒ සෙල්ලම මොකක්ද කියලා දැනගන්න ඉතුරු ටික බලන්න කියලා කුතුහලයෙන් පිරි ඔබට මම මෙහෙම ආරාධනා කරන්නම්..

කෝට් රූම් චිත්‍රපට බොහෝමයක් බලා තිබුනත් "චෙහෙරේ" චිත්‍රපටය ඊට ලබා දෙන්නෙ වෙනත් "මුහුණක්"

වෛද්‍ය වාර්තා, ඇසින් දුටු සාක්ශි, ලිඛිත හෝ වෙනත් භෞතික සාක්ශි නැතුව හෘද සාක්ශිය එක්ක පැය දෙක හමාරක් ගෙවන්න අනිවාර්‍යෙන් මේක බලන්න..

වෙනස්ම මානයක කෝට් රූම් කථාවක්.. ඉම්‍රාන් හශ්මී, අමිතාබ් බච්චන්, අන්නූ කපූර්,ද්‍රිතිමන් චැටර්ජී ප්‍රධාන චරිත නිරූපණය කරන චෙහෙරේ බලනවා නම් ඔබට එහි උපසිරැසි වලට වඩා හිංදි දැනුම තිබෙනවා නම් බොහොම වටීවි කියලා හිතෙනවා.

කොහොම නමුත් සෑම මිනිසෙක් තුලම ඉන්න අපරාධකාරයා ඉවෙන් අඳුනා ගන්න ඕනෑ නම් මේක බලන්න. IMDB 6.6 වුනාට මම නම් මේක 7 රේට් කරනවා.. සියළු අපරාධකරුවෝ මනුශ්‍යයෝය කියලා අහලා තිබ්බට මේක බැලුවම නම් හිතුනෙ සියළු මනුශ්‍යයෝ අපරාධකරුවෝය කියලයි..!!