SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හරාකිරි  කියන්නේ ජපන් ජාතිකයින් සම්ප්‍රදායිකව සිය දිවි හානි කර ගන්න ක්‍රමයක්.

මේ චිත්‍රපටය අද අපේ තත්වෙට ගැලපෙනවා

සමුරායි වරු කියන්නේ සම්ප්‍රදායට, සංස්කෘතියට ගරු කරන, ඒ අනුව ජිවත් වෙන පිරිසක්, ගෞරවය ගැන ගොඩක් හිතන, මාන්නය වැඩි පිරිසක්

මේ චිත්‍රපටයේ සමුරායි වරුන්ට රටේ දේශපාලන තීරණයක් නිසා උන් හිටි තැන් නැති වෙනවා , තමන්ගේ සම්ප්‍රදායික යැපුම් ක්‍රමේ ඉවරයි , කන්න බොන්නවත් විදිහක් නෑ , කුලී වැඩට යන්නත් පෝලිම් වල ඉන්නවා

මේ අස්සේ සමහර සමුරායිලා පාලකයින්ගේ ගෙවල් වල ගිහින් මෙහෙම ජිවත් වෙලා වැඩක් නැති නිසා හරාකිරි කර ගන්න , නැත්තම් තමන්ගේ ජීවිතය නැති කර ගන්න පහසුකම් ඉල්ලනවා , මොකද හරාකිරි කරගැනීමත් උත්සවයක් විදිහට සම්ප්‍රදායකට යටත් වෙලා කරන්න ඕනි , ඒකට ඒ සාම්ප්‍රදායික සමුරායි ප්‍රධානියෙක් ඉන්න නිවසකට යන්න ඕනි , අපි තේරුම් ගන්න පාලකයෝ කියමුකෝ , දැන් මෙහෙම ජිවිතේ නැති කර ගන්න ඉල්ලගෙන සමුරායි කෙනෙක් ආවම එයාගේ නිර්භීත කම ගැන පැහැදිලා  ජිවිතේ හානි කර ගන්න එක වලක්වලා පාලකයෝ ඒ අයට මුදල් හෝ රැකියාවක් දීලා පිටත් කරනවා

දැන් මේ කතාවේ එක සමුරායි වරයෙක් ආර්ථික වශයෙන් ආගාධයට වැටෙනවා , කන්න  බොන්න විදිහක් නැති වෙනවා , තමන්ගේ නම්බුව , වන්ශේ , ජාතියේ ආඩම්බරේ බින්දුවටම වැටෙනවා , ජිවත් වෙන්න කියක් හරි හොයා ගන්න කුලී වැඩ පොළවල් වලට යනවා එත් ලැබෙන්නේ නෑ , මේ සමුරායි වරයාගේ බිරිඳයි දරුවයි හොඳටම ලෙඩ වෙනවා , බෙහෙත් ගන්නවත් මුදල් නෑ , කර කියා ගන්න විදිහක් නැතුව මෙයා තීරණය කරනවා , පාලකයෙක්ගේ ගෙදරට ගිහින් හරාකිරි කර ගන්න ඉල්ලන්න , මෙයා හිතනවා එතකොට පාලකයෝ මෙයා ගැන පැහැදිලා අර අනිත් සමුරායි ලාට කරා වගේ මුදල් ටිකක් දීලා එවයි කියලා.

හැබැයි වෙන්නේ හිතුවේ නැති දෙයක් , පාලකයෝ මෙයාගේ හාරාකිරි උත්සවේ සංවිධානය කරනවා , මෙයාට මැරෙන්න ඕනි නෑ , තමන්ගේ ලෙඩ ඇඳේ පන අදින බිරිඳ , දරුවා මතක් වෙනවා , ඔහු තමන්ට දවස් දෙක තුනක් දෙන්න නැවත එන්නම් කියල ඉල්ලනවා , හැබැයි පාලකයෝ ඒකට කන් දෙන්නේ නෑ , හරාකිරි කරගන්න බල කරනවා , නැත්තම් පන පිටින් යන්න කොහොමත් ලැබෙන්නේ නෑ කියල තර්ජනය කරනවා .

සම්ප්‍රදායට අනුව හරාකිරි කර ගන්න ඕනි තමන්ගේ කඩුවෙන් , සමුරායි වරයෙක්ගේ කඩුව කියන්නේ තමන්ගේ පරම්පරාවේ , ජාතියේ , සාඩම්බරය , ගෞරවය , සමුරායි වරයෙක් මොනම හේතුවක් නිසා වත් තමන්ගේ කඩුව නැති කර ගන්නේ නෑ , ඒක ලැජ්ජාවට අවමානයට කාරණයක් , නමුත් මේ හරාකිරි කරගන්න එන සමුරායි වරයා සතුව තමන්ගේ කඩුව වත් නෑ කියල පාලකයෝ දකිනවා , ඔහු කඩුවත් විකුනලා මුදල් අරගෙන අඹු දරුවන් වෙනුවෙන් වියදම් කරලා , කඩුව වෙනුවට ඔහු ගාව තියෙන්නේ උන බට වලින් හදපු බොරු කඩුවක් , බොරු කඩුවකින් හරාකිරි කරගන්න බෑ .

හැබැයි මේ පාලකයෝ අර සමුරායි වරයාට උණ බට කඩුවෙන්ම  හාරාකිරි කරගන්න බල කරනවා , ලෙඩ වෙලා ඉන්න බිරිඳ දරුවා රැක ගන්න අන්තිම විසඳුම හොයාගෙන ආපු ඔහුට හිමි වෙන්නේ වේදනාකාරී ම්ලේච්ඡ මරණයක් .පාලකයෝ ඒ මරණය සිදු කර ගන්නවා වට වෙලා බලන් ඉන්නවා.

දැන් අපි මේ මොහොතේ ජිවත් වෙන්නේ ඒ සමුරායි වරයා වගේ , අපේ අභිමානේ ඉවරයි , ආඩම්බර කම ඉවරයි , ලෝකේ හැම තැනින්ම හිඟා කමින් තමයි අපි එදා වේල ගැට ගහ ගන්නේ

පාලකයා මේ මොහොතේ  ඉන්නේ අපිට උණ බට කඩුවකින් හාරාකිරි කරගන්න බල කරමින් ..

 @ ලිව්වේ - හසිත එරංග