SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 ‘‘ලෝකයේ අසභ්‍ය ම දර්ශනය ගෑනියෙකුයි මිනිහෙකුයි සංසර්ගයේ යෙදෙන එක නෙමෙයි.

ජර්මනියේ බුකන්වෝඩ්වලයි, ඩැකාව්වලයි ගොඩගහලා තිබුණු මළකඳන් කන්දරාව ඊට වැඩිය හරිම අසභ්‍යයි. මිනිස් ඇඟපතෙහි කිසිම ග්‍රාම්‍යත්වයක් නෑ. ඒ ඇඟපතට වද හිංසා කිරීම ග්‍රාම්‍යයි. අසභ්‍යයි...”

ඒ එතෙක් නිර්මාණය කරන ලද සරාගිකම සිනමාපටය ලෙස ඇතැමුන් විසින් හැඳීන්වූ I Am Curious (Yellow) චිත්‍රපටයට විරුද්ධව 1968 දී ඇමරිකාවේදී පවත්වනු ලැබූ නඩු විභාගයේදී නිව්යෝර්ක් නගරයේ ජඩ්සන් අනුස්මරණ පූජ්‍යස්ථානයේ ප්‍රධාන පූජක අතිගරු හොවාඩ්ස් මූඩ් ලබාදුන් ප්‍රකාශයයි.

මෙම සිනමා පටය වෙනුවෙන්, අය් ඈම් කියුරියස් හි අධ්‍යක්ෂ, ප්‍රකට ස්වීඩන් සිනමාකරු Vilgot Sjöman ටත් අතිගරු හොවාඩ්ස් මූඩ්ටත් අමතරව තවත් වැදගත් නාමධාරී සිනමා විචාරකයෝ හා මාධ්‍යවේදීහු කිහිප දෙනෙක් සාක්ෂි ලබා දුන්නහ.

 G11

I Am Curious (Yellow) සිනමා පටයට එරෙහිව 1968 දී ඇමරිකාවේ පැවති මෙම නඩු විභාගය සිනමාව තුළ පමණක් සමස්ත කලාවන් තුළම ප්‍රති නිර්මාණය විය හැකි ලිංගිකත්වය පිළිබඳ විෂය පථය හා ආකල්පයන් පුලුල් කිරීමය සමත් වූ වැදගත් හැරවුම් ලක්ෂයක් සේ හැඳින්වීම සාවද්‍ය නැත. මෙම නඩු විභාගයේදී I Am Curious (Yellow) ඊට එරෙහි කුහක සදාචාරවාදී තර්කයන් ඛණ්ඩනය කරමින් ජයග්‍රහණය කරන්න සමත් වූ අතර, ඒ අනුව එය වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ ඇමරිකාවේ ප්‍රදර්ශනය විය.

මෙය කොතරම් විප්ලවීය කෘතියක් වීද යන්න සහ එය තත්කාලීන ඊනියා සදාචාරවත් සමාජයට කොතරම් බලපෑම්සහගත වීද යන්නට, එවකට ඇමරිකානු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිගේ බිරිඳ වූ ජැකී ඔනාසිස් (Jacqueline Kennedy Onassis) මේ සිනමා කෘතිය නැරඹීමට සිනමා ශාලාවට ගොස් චිත්‍රපටයෙන් භාගයක් පමණක් නරඹා සිනමා ශාලාවෙන් පිටව යන වේලේදී ඇයව ඡායාරූපගත කළ මාධ්‍යෙව්දියකුට බිම වැටෙන්නට ඇය විසින් පයින් ගසන ලද සුප්‍රකට පුවතින් පෙනේ. (https://www.gettyimages.com/.../jacqueline.../97276903)

G12

ජැකීට සිනමා කෘතියෙන් භාගයක් නරඹා එළියට එන්න උනේ ඇයි? ජනාධිපති බිරිඳක සිනමා ශාලාවකට ගොස් සිනමා පටයක් නැරඹීට ජනමාධ්‍යට පුවතක් වුනේ ඇයි?

සිනමා ශාලාවට ගොස් එළියට එන තමාව ඡායාරූපගත කිරීම, එම ඡායාරූප ශිල්පියාට බිම ඇදවැටෙන තරමට පයින් ගැසිය යුතු වරදක් ලෙස, ජනාධිපති බිරිඳක වූ ජැකී දැක්කේ ඇයි? මේ සියල්ල තත්සමාජයේ පැවති කුහක සදාචාරය පිළිබඳ ජිවමාන සාක්ෂි නොවේද?

G13

1968 දී I Am Curious (Yellow) සිනමාපටයට එරෙහිව ඇමරිකාවේ සිදු කළ මේ නීතිමය ක්‍රියාදාමය, කලාව හා ලිංගිකත්වය කෙරේ ලොව තීරණාත්මකම නඩු තීන්දු අතරට ගැනෙන අතර වඩා ප්‍රකට නඩු තීන්දුව වූ ඩී.එච්. ලොරන්ස්ගේ ‘චැටර්ලි ආර්යාවගේ පෙම්වතා‘ නවකතාවට එරෙහිව පැවති සුප්‍රකට නඩු විභාගය තරමින්ම වැදගත්යැයි කිව කීවෝතින් එය සාවද්‍ය නොවේ.

‘‘මම චිත්‍රපට හතරක් හදලා තියෙනවා. ඒ හැම චිත්‍රපටයකම පෙම් ජවනිකා මෙහෙයවද්දී මට හැඟී ගියා අපි හරි ගතානුගතිකයි කියලා. ඒ කියන්නේ ගෑනියෙකුයි මිනිහෙකුයි කායිකව එක්වෙන දර්ශන මැවීමේදී අප නොදැනීම සමහර ගතානුගතික සම්මත ශිල්ප ප්‍රයෝගවලට යට වෙනවා. ඇමරිකත්, ප්‍රංශ හා ස්වීඩිස් චිත්‍රපටවලින් බිහිවී ඇති මේ ප්‍රෙයා්ග තුළින් මවන පෙම් ජවනිකා හරිම ව්‍යාජයි, කෘත්‍රිමයි කියලා මට හිතෙනවා. I Am Curious (Yellow) චිත්‍රපටයේදී මට ඕන උනේ මේ ගතානුගතිකත්වවෙන් මිදෙන්න...”

- I Am Curious Yellow අධ්‍යක්ෂ Vilgot Sjöman නඩු විභාගයේදී..

නවතම ලිපි