SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ටී.එම්. ජයරත්න සහ උමාරියා සිංහවංශ ගායනා කළ

"සුමුදු සයනේ” නම් හංසවිලක් චිත්‍රපටයේ අඩංගු ගීතය මේ වනවිට යූ ටියුබ් ශ්‍රාවකයන් කෝටිය ඉක්මවා රසවිඳ ඇත. 

එම ගීතය යූ ටියුබ් ජාලයට මුදාහැර ඇත්තේ 2019 පෙබරවාරි පස්වැනිදාය. ඉන් වසර තුනකට පසුව මෙම පෙබරවාරි 11 වන දින වනවිට එහි ශ්‍රාවක රසික සංඛ්‍යාව 10,060,100 ඉක්මවා තිබිණි. මේ අනුව එක් දිනක් තුළදී අවම වශයෙන් රසිකයන් 9,200කට ආසන්නව එය නරඹා රසවිඳ ඇත.

ධර්මසිරි බණ්ඩාරනායක විසින් අධ්‍යක්ෂණය කළ ‘හංසවිලක්’ චිත්‍රපටය 1980දී තිරගත කර තිබිණි.

එය මුලින්ම ටී.එම්. ජයරත්න සමග සුනිලා අබේසේකර ගායනා කළ අතර පද රචනය කර තිබුණේ චිත්‍රපට අධ්‍යක්ෂ ධර්මසේන පතිරාජය. මෙහි සංගීත නිර්මාණය ප්‍රේරමසිරි කේමදාසගේය.

(lankatruth.com)

@ Theleader.lk