SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Norvegian Forest Cat

බල්ලෙක් තරම් ලොකු පූසෙක් එක්ක ජීවිතේ ලේසි නෑ.

 

cat 7

 

මගේ මිත්‍රයෙක් ඉන්නව ඕස්ලෝ නගරයේ ෆිලිප්ස්ටාඩ්කයියා ( Filipstadkaiiya) කියන ගමේ. මුලින්ම මම නෝර්වීජියානු කැලෑ පූසෙක් දැක්කෙ එයාගෙ ගෙදරදි. එක්කෙනෙක් නෙවේ දෙන්නෙක්.

හවසට මිනිහ ඇවිදින්න යනව මේ පූසො දෙන්නත් එක්ක... දැක්කම පුදුමයි ඉස්සරහට හමුවෙන බල්ලන් ( අයිති කරුවන් එක්ක ඇවිදින්න යන අය) මේ අය දැක්කම මගෑරල යනව.

එහෙමත් පුංචි බල්ලෙක් තමා ලඟට ඇවිල්ල හුරතල් වෙන්නෙ.

 

cat 1

 

ඇත්තටම මේ පූසන් උනාට සාමාන්‍ය පූසන් තරම්ම ආඩම්භර නෑ...මම දැක්කෙ බල්ලෙකුට සමාන ගති ලක්ශණ .. බොහොම නිහඬයි.. ස්වාධීනයි.. නමුත් නම කියනව ඇහුන ගමන් අහල පහල තියන ඔක්කොම පෙරළගෙන දුවගෙන එන්නෙ.

මේ අයගෙ ඉතිහාසය හොයාගෙන යද්දි තමයි දැනගත්තෙ ක්‍රිව 1000 දි පමණ වයිකින්ග් වරුන් විසින් මේ අයව ස්කැන්ඩිනේවියානු කලාපයට හඳුන්වාදුන් බව. ඒ කාලෙදි වයිකින්ග් වරු තමයි යුරෝපයේ බලවත්තු.

 

cat 2

 

ඉස්තාන්බුල් පූසො වගේම මේ අයත් මුලින්ම රාජකාරි කරල තියෙන්නෙ වයිකින්ග්ලගෙ නැව් වල. ඒ කාලෙ බ්‍රිතාන්‍යයේ භූමි වල ගොවිතැන් කරපු වයිකින්ග්ල බ්‍රිතාන්‍යයෙන් තමයි මේ අයව සේවයට අරගෙන තියෙන්නෙ.

ඉන් පස්සෙ නෝර්වීජියානු සීතල දේශගුණයට හැඩ ගැහුණු මේ හාදයො කාලයත් එක්කම හෙමිහිට අතුරුදන් වෙනව.

විශේෂත්වය තමයි කැලෑවට හුරුවුනු පූසන් ප්‍රමානයෙන් විශාල වෙනව.. මේ අය හරිම වේගවත් .. ඒ වගේම ලොම් අනිත් පූසන්ට වඩා බොහොම දිගයි..

නමුත් ගම්බද නෝර්වීජියානුවො දන්නව මේ අය කැලේ බොහොම සාමාන්‍ය හැබැයි රහසිගත ජීවිත ගත කරන බව.

බිම්මල් එකතු කරන්න ගිය තරුණියක් හා මේ පූසෙකු අතර මිත්‍රත්වය ගැන ලියවුනු ලස්සන කවි නෝර්වේ ගම්බද පලාත්වල අදත් ප්‍රසිද්ධයි.

 

cat 4

1938 දී ඕස්ලෝ නගරයෙදි නෝර්විජියානු කැලෑ බළල් සංගමය පිහිටුවා ගන්නෙ මේ පූසන් ගැන හොයා බලන්නත් ..ආපහු සැරයක් මිනිස් සමාජයට හඳුන්වාදීමේ බලාපොරොත්තුවකුත් එක්කයි.

දෙවන ලෝක යුද්දෙත් එක්ක මේ වැඩසටහන පොඩ්ඩක් අඩපණ වුනත් 1950 දී නෝර්වේ රාජ්‍යයේ රජතුමා වූ පස්වන ඔලාව් ( King Olav V ) රජතුමා මේ කැලෑ පූසව නෝර්වේ රාජ්‍යයේ නිල බළලා විදිහට නම් කරනව.

 

cat 8

 

මේ අය ටිකින් ටික ආපහු සැරයක් මිනිස් ඇසුරට පුරුදු කරනව.

1970 වෙනකල් මේ අයව රටින් පිට කරන එකටත් බොහෝම නීති රීති තිබුන. නමුත් අද නම් ඕනෙ කෙනෙක්ට මේ පූස් පැටවුන්ව මිළදී ගන්නත් .. වෙනත් රටවලට අරගෙන යන්නත් පුළුවන්.

හැබැයි අනිත් සතුන්ට වගේම තමා.. පූසෙක් මිළදී ගැනීමේදී ඒ අයව නඩත්තු කරන්න හැකියාව තියනවද.. සත්ව හිංසා වලට වැරදි කරුවන් වෙලා තියනවද කියල ඒ අය හොයල බලනව.

 

cat 3

 

cat 6

මේ සාමාන්‍ය පූසෙක්ගෙ බර කිලෝ හතක් අටක් විතර වෙනව.. අවුරුදු පහලවක් විතර ජීවත් වෙන්න පුළුවන්.

ඔළුව පහලට හරවන් උස ගසකින් බහින්න පුළුවන් පූස් වර්ග ඉතාම අඩුයි. මේ අයට නම් ඒක ඉතාම සුළු වැඩක්.

උශ්ණත්වය සෘණ අංශක විස්ස ..තිහ දක්වා පහල ගියත් මීටර් ගණන් උසට හිම වැටුනත් මේ අය කිසි කරදරයක් නැතිව ඒ පරිසරයට ඔරොත්තු දෙනව.

ආහාර පුරුදු අනිත් පූසන් වගේම තමා.

නරියෙක් පිටුපස දුවන පිංතූරය ලබා ගත්තෙ අන්තර්ජාලයෙන් නිසා ඒ ගැන තොරතුරු හරියටම කියන්න මම දන්නෙ නෑ,

@ Malcolm sang