SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

(සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ අභාවයෙන් පසුගියදා වසර 17 ක් පිරුනි. මේ වියමන ඒ නිමිත්තෙනි)

“ෂාරුක්ට හොඳටම ගැලපෙන පෙම්වතිය කවුද කියන ප්‍රශ්නයට මහා භාරතය ඇතුළු මුළුමහත් සිනමා විශ්වයම ඝෝෂා කරන හඬ හින්දි චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකයෝ එක වචනයකින් හඬනගා කියාවි.

කාජල්!

ඇයි එතකොට ජූහි,මධුරි,ශ්‍රී දේවී, රාණි අයිශ්චර්යා වගේ අයත් එක්ක ශාරුක් කරපු පෙම් රැඟුම් සාර්ථක නැද්ද ඒ චිත්‍රපට දිවුවෙ නැතිද...? දිව්වා ආදායම් උපයමින් අති සාර්ථක වුණා... ඒත් කාජල් එක්ක රඟපානවා වගේ ඒ එකක්වත් නැහැ ඒ මොකද ඒ... ශාරුක්-කාජල් එක්ක ප්‍රේමවන්තයින් හැටියට රඟපානකොට ඒ ප්‍රේම ජවනිකා, ප්‍රේම ගීත, විරහ ගීත, පෙම් සටන් ජවනිකා පුදුමාකාර තාත්විකත්වයක් තියෙන්නේ... ඒ දෙන්නා එකිනෙකා ගේ ඇස් දිහා බලාගෙන දෙබස් කියනකොට ඊයම් බරු උණුවෙලා දියවෙනවා වගේ දරුණු පපු කැවුතු තියෙන අපේ හදවත් මෙළෙක් වෙනවා... අපි සංවේදී වෙනවා...

 

gamini 7

හැමෝම දන්නවා ශාරුක් බැන්දේ ගෞරීව... ගාමිණී බැන්දේ සුමිත්‍රාව... කාජල් බැන්දේ අජේව... ඒත් මාලිනී බැන්දේ නැහැ කාවවත්... ගාමිණී-මාලනී යුගය ඉවර වෙනකම්ම...

'ප්‍රාග්ධනය' ගාමිණී එක්ක ලියන කාලේ ලේක්හවුසියේ උපාලි සමරසිංහ තමයි මට පට්ට කතා තොගයක් හමුවෙලා කිව්වේ... ගාමිණී මාලිනී යුගය ගැන. අපේ සිනමා ක්ෂේත්‍රය කියන එක පොල් කට්ටක් තරම් වත් ලොකු නැහැ... industry එකක් හැටියට දියුණු නැහැ... දියුණු කරන්න ඉඩ දෙන්නෙත් නැති නිසා ගොසිප් කියන්න ඉඩක් නෑ... නැතිනම් මට කියපු කතා ටික ලේක්හවුස් එකේ ඉන්න උපාලි අද වෙනකල් මට කිය කිය ඉඳියි ද...?

 

gamini 8

ගාමිණීට මාලිනී එක්ක පෙම් කරන්න රිසි සේ ඉඩ නොලැබුනාට ශාරුක්ට කාජල් එක්ක රිසිසේ පෙම් කෙළින්න ඉඩ ලැබෙන්නේම ගෞරීගෙන්...ඇයි...? ෂාරුක් කාජල්ගේ පෙම් කෙළි ඉන්දියානු රුපියල් කෝටි ගණනක් වටින නිසා... ඒවා ඒ ඒ රටවල මුදල් ඒකක වලට හරවල දාල බැලුවොත් කෙළ කෝටි ගණන් මුදල් ගලන entertainment industries... ගාමිණී මාලිනී යුගය අහවර වෙන කල් මාලිනී වෙන දීගෙක නොගියත් ෂාරුක්ට වෙනම දීගයක් තියෙනවා... කාජල්ට වෙනම දීගයක් තියෙනවා... ගෞරීවත්...අජෙවත් කවමදාවත් මේ පවුල් දෙක කඩාගෙන වැටෙන්න.... කුඩුපට්ටම් වෙන්න ඉඩ තියන්නේ නැහැ. තරුණ නළුවෙකු වන රිතික් රෝෂන්ගේ ...පවුල කඩා බිඳ වැටෙනවා... ඒ නිසාම රිතික්ගේ නළු කමත් බිඳගෙන වැටුණා... ඒත් ෂාරුක්ගේ දක්ෂතා...පෙම්-කෙළි විකුණන්නේ ගෞරී... ශාරුක් තමයි ලෝකයේම වැඩිම ආදායම් ලබන නළුවා... එංගලන්තෙත් එයාලට ගෙවල් තියෙනවා...

මොකද්ද ෂාරුක්ගේ රැකියාව...? මුදලට පෙම් කෙළීම ! කෙලින පෙම්... ලස්සනට රූපගත කර විකිනීම...

මේ තත්ත්වයම තමයි එඩී-රුක්මණීටත් තිබුණේ... ඒ දෙන්නාටත් කිසිම පවුල් බාධකයක් තිබුණේ නැහැ.... රුක්මණී දීග ගියේ නාට්‍ය චිත්‍රපට සංගීත කලා පවුලක් එක්ක...එඩී පෙම්වතා නූනත් විකටයා වෙන අතර රුක්මණී විවිධ නළුවන් එක්ක පෙම් කෙලියා...

 

gamini 11

 

එක්තරා කාලයක් ගාමිණී මාලිනී එක්ක තරහ වෙනවා... අවුරුදු දහයකට වඩා ඔවුන් දෙන්නා තරහා වෙලා ඉන්නවා එකට act කරන්නෙම නැහැ... විවිධ අධ්‍යක්ෂකවරු ... නිෂ්පාදකවරු පුදුම උත්සාහයක් ගන්නවා මේ දෙන්නව එකතු කරලා චිත්‍රපටි කරන්න... ඇයි...? කර්මාන්තයම බිඳවැටිලා හින්දා... කර්මාන්තයම බිඳ වැටෙන්නේ කොහොමද නළුවෙකුයි නිළියකුයි නිසා...? මාර වැඩක්නෙ.... ඔව් මාර වැඩක් තමයි ඒක... ගාමිණී මාලිනී හින්දා මුළු industry එකක් ශක්තිමත්ව තිබුණා... නිෂ්පාදකවරු අධ්‍යක්ෂකවරු ගාමිණී මාලිනී එකතුකරන්න පිටපත් අරගෙන ගාමිණී හමුවුණා...

 

gamini 5

 

හමුවෙලා යාප්පුවෙන් කතාවට වැටෙනවා... පිටපත ගාමිණිගේ අතට දෙනවා... දීලා කියනවා "...ගාමිණි මහත්තයා, මේකෙ ප්‍රධාන කාන්තා චරිතය ට ගන්න හදන්නේ මාලිනීව... ඔබතුමාගේ අකමැත්තක් නෑ නේද...? එක් නිමේෂයකින් ගාමිණීගේ මුහුණ කෝපයෙන් පිපිරෙනවා ආරූඪ වෙනවා...ඔහු පිටපත අතට අරන් දෙකට ඉරනවා... ආපහු නිෂ්පාදකගේ අධ්‍යක්ෂකගේ අතේ තියෙනවා... කොයිතරම් මේ ඉහවහා ගිය ආදරය වෛරය දුරදිග ගියා ද කියලා ඔබට තේරෙනවා නේද...? ගාමිණී ඉන් නැවතුණේ නැහැ... ඔහු මානෙල් වානගුරු වගේ නවක නිළියක් අරගෙන ඇය එක්කත් පෙම් කෙලලා...චිත්‍රපටි හදලා.... දින 100 පන්නල ආදායම් ලබලා පෙන්නුවා මාලිනීට....

 

gamina 2

"නාකියා උඹ දැන ගනින් ! දැන් උඹ වයසයි... උඹට පෙම් කෙළින්න බැහැ...!

 අන්න එහෙම කියපු එක්කෙනාටම පේන්න ගාමිණී wig එකක් පාවිච්චි කරලා රඟපාල විදෙස් නිළියෝ එක්කත් පෙම් කෙලලා ආදායම් ලබන චිත්‍රපටි හැදුවා... ඇත්තටම ගාමිණීට පෙම්කරපු ජීවරාණිගේ යුගයේ නිළියෝ ගැන මම කතා කළේම නැහැ...

අන්තිමට ගාමිණී මාලිනීව රඟපෑමට එකතු කළේ ලකී... ඒ 'අන්තිම රාත්‍රිය' චිත්‍රපටයට.... හැබැයි ඒ වෙනකොට ගාමිණී මාලිනී යුගයත් ඉවරයි...පෙම් කෙළිත් ඉවරයි....

 

gamini 12

ගාමිණී මාලිනී තරහා වුණේ ඇයි කියන එකට ගාමිණී press උත්තරයක් දුන්නා... ඒ තමයි '...සපත්තු පිහදාපු උන්ගේ කේලම් හින්දා අපි ඈත්වෙලා හිටියා...' කියලා.

ඒත් මම හිතාගත්තා කවදා හරි මුන ගැහුනොත් කර්මාන්තයට වැදගත් ප්‍රශ්න වලින් එකක් හැටියට මම මේක ගාමිණීගෙන් අහනවාමයි කියලා... කර්මාන්තයේ ඉහළ නිෂ්පාදන ආයතන වල සිට චිත්‍රපටි ශාලාව අතුගාන පිරිසිදු කරන එකා දක්වාම... ජීවත් වෙන්ට පනං හතරක් හොයාගත්තු එකා දක්වාම... ගාමිණී මාලිනී ගේ පෙම් කෙළියට හිත වැටුණු හේතුව වයෝවෘද්ධ ජීවිතේ අවසන් සැඳෑ සමයේ මිය ගන්ට දින කිහිපයක් පමණක් ඉතිරිව තියෙද්දි මම ඔහුව කොටු කරලා අල්ල ගත්තා... මේ ප්‍රශ්නය අහන්න...

 

gamini 10

මම ; සර්... සර් සිනමාවෙදි වැඩියෙන්ම ආදරේ කලේ කාටද...?

ගාමිණී ; (සිනා සෙනවා) ...හ්ම්ම්...තමුන් දන්නේ නැති ද...?

මම ; දන්නවා සර්...

ගාමිණී ; එහෙම නම් ඇයි අහන්නේ....?

මම ; සර් ඇත්තටමත් ආදරේ එයාටම ද...?

ගාමිණි ; දන්නේ නැති ද...?

මම ; දන්නවා සර්...

ගාමිණි ; එහෙනම් ඇයි අහන්නේ...?

මම ; එහෙනම් ඇයි එයාගෙන් ඈත් වෙලා හිටියේ...?

ගාමිණී ; (නිශ්ශබ්දතාව මිනිත්තුවකට ආසන්නයි) ඕකිට මම කිව්වා 'නිධානය' කරන කාලෙදිම 'රඟපෑම' කියන එක ඉගෙන ගනින් කියලා... ඒත් ඕකිට ලොකු වුණේ මගෙන් පස්සේ මේ ක්ෂේත්‍රයට ආපු එවුන්ගෙ මේක...

මම ; (බිම බලාගෙන)

 

gamini 9

ගාමිණී ; නිළියෝ හරිම උද්ධච්චයි අයිසේ... රඟපාලා උන්ටත් අනාගතයක් ඇති කරලා දුන්නම කා ගන්නවා... කාලා දානවා... ඉන් පස්සෙත් පිස්සු නටන්න පටන් ගන්නවා... උන් හිතනවා ෆිල්ම් දුවන්නේ උන් හන්ද කියල... උන්ගේ රූපය පෙන්වන එක තමයි රඟපෑම කියලා උන් හිතන්නේ... තමුන්ගේ මුහුණේ තියෙන facial expressions variations දහයක් පෙන්නන්න බැරිනම් කොහොමද ඕයි එයා නිලියක් වෙන්නේ, ලස්සන තිබුනට...

මම ; (නිශ්ශබ්දයි බිම බලාගෙන)

ගාමිණී ; මොකෝ...?

මම ; මේ ක්ෂේත්‍රයේ ඉන්න top leval එකේ නළු නිළියෝ පැදුරු එළාගෙන සතියකට දවසක්වත් සර් එක්ක ශාස්ත්‍රීය සංවාදයකට එන්නේ නැද්ද...?

 

gamini 14

ගාමිණී ; (මහ හඬින් සිනාසේ) පිස්සු ද... ඔහෙට පිස්සු ද ...? ඔහේගේ මේ පොත ඒකනෙ මං කිව්වේ... මීට අවුරුදු හතළිහකට කලින් එන්ඩ තිබුන පොතක් කියලා... එහෙම නම් මට කියන්න තිබුණා මුන්ට... මේ පොත අරගෙන කියවපල්ලා මේක හොරෙන් වත් අරගෙන කියවපල්ලා කියලා...

ඒ වගේම තමාත් නොදැන හෝ දැනගෙන බලවත් වැරැද්දක් කරලා තියෙනවා මේ පොතේ 'පිදුම' මටයි මාලනීටයි දීලා...!

මම ; සමාවෙන්න සර්... ඒ ඇයි සර්...?

 

gamini 1

ගාමිණී ;

තමා මේ 'පිදුම' දිය යුතුව තිබුණේ ලංකාවේ පළමු වතාවට රඟපෑම විදෙස් රටක ඇකඩමි එකකට ගිහින් උගත් නිළියකට... තමුන් ඒ පුද්ගලියව අමතක කරලා දාලා තියෙනවා සහමුලින්ම... අඩුම ගනනේ මේ පොතේ දෙවෙනි edition එකකදිවත් අයිරාංගනී ගැන සඳහන් කරන්නට වග බලා ගත්තොත් හොදයි... අවශ්‍ය නම් ඈව සම්බන්ධ කරල දෙන්ට මට පුළුවන්... ඒ වෙනුවට ඉගෙන ගත්තා කියලා LAMDA ගිය නිළියක් ගැන පිටු ගානක් ලියලා තියෙනවා... ඒක ඇත්ත නෙවෙයි... හොඳට කරුණු හොයලා බලල ලියන්ට වගබලා ගත්තොත් හොඳයි... පොත් ලියනකොට... තේරුණා ද...?

මේ කියන නිළිය රඟපෑම ඉගෙන ගත්ත ද කියලා හොඳට හොයල බලනවා... ඒක තමාගේ වගකීමක්... 'who the hell is she men...!'

මම ; (ඉක්මනින් පියවි සිහියට ආවා) සර්... මම මගේ වැරැද්ද පිළි ගන්නවා... මං අද හෙටම මිසිස් අයිරාංගනීව මුණගැහෙන්නම් ...මගෙන් සිද්ධ වුණු වැරැද්ද නිවැරදි කරන්න...

 

@This email address is being protected from spambots. You need JavaScript enabled to view it.