SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Jordanne Whiley නම ඉදිරියේ කේවල ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාම 4 කි.

බ්‍රිතාන්‍ය ජාතික ඇය රෝද පුටු ටෙනිස් ක්‍රීඩිකාවකි. වයස අවුරුදු 14 දී බ්‍රිතාන්‍යයේ ජාතික කාන්තා කේවල ටෙනිස් ශූරතාව දිනා ගත්විට එය එතෙක් දිනාගත් ලාබලතම ක්‍රීඩිකාව ලෙස ඇය ඉතිහාසයට එක්විය .රෝද පුටු කේවල 2015 එක්සත් ජනපද විවෘත තරඟය මෙන්ම, ග්‍රීඩ් ස්ලෑම් යුගල ටෙනිස් ශූරතා 9 ක් දිනා ගැනීමට බිලී සමත් විය. 2020 දී ඇය ඕස්ට්‍රේලියානු විවෘත හා එක්සත් ජනපද විවෘත ද්විත්ව ශූරතා දිනා ගත්තාය. 2020 පැරා ඔලිම්පික් උළෙලේදී එක්සත් රාජධානිය නියෝජනය කිරීම සඳහා නම් කළ ටෙනිස් ක්‍රීඩකයින් 6 දෙනා අතර ඇයද විය.

 

ජෝර්දාන් 3

 

පැරාලිම්පියන් ක්‍රීඩකයෙකු වූ සහ ලෝකඩ පදක්කමක් දිනා ගත් ඇගේ පියා වන කීත් මෙන්ම ජෝර්ඩානීද උපතින්ම ඔස්ටියොජෙනසිස් ඉම්පර්ෆෙක්ටා රෝගයෙන් පෙළෙයි. එය පාදවල අස්ථි දියකර ඒවා මොලොක් කරයි.

දැන් ඡායාරූ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍පයේ කතාවට එමු.

ජෝර්ඩානී මෙසේ නිරුවත් ඡායාරූපයකට පෙනි සිටියේ 2016 රියෝ පැරා ඔලිම්පික් උළෙලට පෙර පැරා ඔලිම්පික් තාරකාවන්ගේ ඒකාකෘති බිඳ දැමීමේ අරමුණිනි.

ඇය සම්පුර්ණ නිරුවතින් පෙනී සිටියේ ජාත්‍යන්තර ක්‍රීඩා සගරාවටය.

සගරාවට අදහස් දැක්වු ඇය,

"මට එය කිරීමට අවශ්‍ය එක් හේතුවක් නම්, ඇත්තෙන්ම ලස්සන රූගත කිරීම් කිරීමට ඔබ තාරකා පහක හයක නිරූපිකාවක් විය යුතු නැති බව මිනිසුන්ට පෙන්වීමටය, එය ඉතා පැහැදිලිය.

“මම ඉතා කෙටියි, මම ආබාධිතයි, මම පරිපූර්ණ නැති උනත්ත් මගේ සම ඉතා මටසිලිටියි. මම සෞඛ්‍ය සම්පන්නයි. එමෙන්ම මම ශක්තිමත්. මම හිතන්නේ කාන්තාවන් උත්සාහ කළ යුත්තේ එයයි. ”

 

ජෝර්දාන් 1

 

"බොහෝ යෞවනයන් බියොන්සේ හෝ පැරිස් හිල්ටන් වැනි අය දෙස බලා සිටින අතර, කෙට්ටු හා හොඳ පෙනුමක් ලබා ගැනීමට කැමතියි. නමුත් ජීවිතයේ ඔබට බලා සිටිය හැකි සෑම ආකාරයකම මිනිසුන් සිටිනවා. සමහරවිට එයා සර්වසම්පූර්ණ නැති රෝද පුටුවක සිටින කෙනෙක්. නමුත් සැරයටියක් අවශ්‍ය නොවී ක්‍රීඩාවේ යෙදෙන සහ සෞඛ්‍ය සම්පන්න කෙනෙක්, මිනිසුන්ට එය ආශ්වාදයක් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනව. “මට මිනිසුන් දිරිමත් කළ හැකි නම්, ඒ පිළිබඳව මට ආඩම්බර විය හැකියි.”

 

ජෝර්දාන් 4

 

 

එහෙත් ලස්සන ජෝර්ඩානී 2016 පෙබරවාරී 12 සිය ටිවිටර් ගිනුමේ මෙසේ සටහන් කලාය.

“තවත් නම් නිරුවත් ඡායාරූප රූගත කිරීම් මගේ ලැයිස්තුවේ නැත. මෙය පුරුද්දක් බවට පත් වෙමින් තිබේ”.

 

@ උපාලි ජයසිංහ