SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඕස්ට්‍රේලියානු සිනමා අධ්‍යක්ෂිකා Kitty Green ගේ The Assistant සිනමා කෘතිය

මේ මොහොතේ අප අතර උණුසුම්ව සාකච්ඡාවකට ගැනෙන ලිංගික බලහත්කාරය හා ලිංගික සමානාත්මතාව අහිමිවීම, වෙනස්කොට සැළකීම පිළිබඳ සංවාදයටද අළලා රස විඳිය හැකි සිනමා කෘතියකි.

  

 

මෙය සිනමා නිශ්පාදන සමාගමක කාර්‍යාල සහායකාවියක ලෙස කටයුතු කරන තරුණියකගේ එක් දිනක ජීවිතය අළලා කෙරුණු නිර්මාණයකි.

ඉතා සියුම්ව සිදුවීම්, දෙබස් මෙන්ම නිහඬතා විසින්ද, ඉතා දියුණුයැයි සම්මත සමාජ තුළදී පවා ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව, රැකියා තත්ත්වය අනුව, පන්තිමය වෙනස්බව අනුව ස්ත්‍රිය මුහුණ දෙන වෙනස්කොට සැළකීම ඉතා සැහැල්ලු මෙන්ම දියුණු සිනමා භාෂාවක් තුළින් Kitty Green මනරම්ව The Assistant සිනමා කෘතිය තුළින් ප්‍රේක්ෂකයාට ගෙන එයි.

ඇය කාර්‍යාලයට පැමිණෙන්නේ සැමට පෙරය; ඉන් පිටවන්නේ සැමට පසුය. ඒ කාලය තුළ ඇයට පැවරුණු නිශ්චිත රාජකාරියක් නැත. කාර්‍යාල කටයුතු සියල්ලේ සිට ප්‍රධානියාගේ කුඩා දරුවන් බලාගන්නා කාර්‍යය දක්වා සියල්ල ඈ කරයි.

 

the assis 1

 

ඇගේ පිරිමි කාර්‍යාල සගයන් ඇතැම්විට ඇයට පණිවුඩ දෙන්නේ කොල ගුලි ඇඟට වීසි කිරීමෙනි. අවසානයේ කාර්‍යාලය තුළ ස්ත්‍රීන්ට සිදුවන අසාධාරණය පැමිණිලි කිරීමේ වරදට ඈට ප්‍රධානියාගෙන් සමාව ගැනීමට සිදුවීමේදී ඒ සමාව ගැනීමේ ලිපියේ විය යුතු දේ පවා තීරණය කරන්නේ පිරිමි කාර්‍යාල සගයන් විසිනි.

මුළු චිත්‍රපටය පුරා ඉතා සියුම් සිදුවීම් හා තියුණු දෙබස් තුළින් කාර්‍යාල පරිසරය තුළ ස්ත්‍රිය අත්විඳින වෙනස්කොට සැළකීම අධ්‍යක්ෂවරිය මතු කරයි.

 

the assis 3

 

මෙහි ප්‍රධාන චරිතය රඟන Julia Garner ගේ රඟපෑම විශිෂ්ට එකකි. දෙබස් වලට වඩා හැඟීම් ප්‍රකාශනයටද, එම හැඟීම් ප්‍රකාශනයන් වඩාත් තීව්‍ර කිරීමට යොදා ගන්නා විශිෂ්ට කැමරා භාවිතාවන්ද කලකට අමතක නොවන සිනමා අත්දැකීමක් ප්‍රේක්ෂකයාට ලබා දෙයි.

නූතන ධනේෂ්වර ආර්ථික සංකීර්ණතා විසින් උණුසුම් මිනිස් සබඳතා ගණු දෙනු සබඳතා බවට පත්කර ඇති තත්ත්වයක් තුළ, තනි පුද්ගල මිනිස් ජීවීන් පත්වන අසරණ භාවය චිත්‍රපටයේ අවසන් දර්ශනය තුළ උපරිමයෙන් ගැබ් වෙයි.

රැකියා ස්ථානයෙන් පිටව රාත්‍රියේ අසළ ඇති කුඩා අවන්හලකට ගොස් කෙටි ආහාරයක් ගනිමින් ජේන් තම පියාට දුරකථන ඇමතුමක් දී ඔහුගේ උපන්දිනයට සුබ පතමින් ඔහුගෙන් සමාව ඉල්ලන්නේ කාර්‍යාලයේ අධික කටයුතු අතර තමන්ට ඔහුට උදෙන්ම සුබ පැතීමට නොහැකි වීම ගැනය.

 

The assis 2

ඒ දුරකථන සංවාදය අතර ජේන්ට තමන්ගේ කාර්‍යාල ගොඩනැගිල්ලේ ප්‍රධානියාගේ කාමරයේ ජනේලය තුළින් එහි ඇතුළත යාන්තමට පෙනෙයි. එහි දිස්වන්නේ අලුත් සිනමා පටයකට සම්බන්ධ වීමට පැමිණි තරුණ නිළියක තම කාර්‍යාල ප්‍රධානියා ලිංගිකව අපයෝජනය කරන අයුරුයි.

අවන්හලෙන් පිටවන ජේන් වීදිය දිගේ අඳුර වෙත ගමන් කරයි.

 

2020 වසරේ නිකුත් වූ The Assistant, මඟ නොහැර නැරඹිය යුතු සිනමා කෘතියකි.