SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විනාඩි 10යි තත්පර 32ක් දිවෙන කෙටි චිත්‍රපටයක්. වෘත්තීයෙන් ඇය ගණිකාවක්.

චිත්‍රපටය අගභාගයේ හරියටම විනාඩි 6කට පමණ පසු හරි ලස්සන කතාබහක් යනවා ඇයගෙන් සේවය ලබාගන්න පැමිණෙන පිරිමියෙක් යැයි කියාගන්නා පිරිමියෙක් එක්ක.

 

 

+ කොච්චර කල්ද දැන්?

- මොකක්ද ?

+ පටන් අරන්?

- ඇයි අහන්නේ?

+ නිකන්.

- නිකන්?

+ ඇයි ? මං ඔයාව දන්නවනේ, අපි යාළුවෝනේ.

- යාළුවෝ, අපි?

+ ඇයි, එහෙම නෙවේද?

- යාළුකම් පවත්තන්නද ඔයා ආවේ?

+ හරි හරි, ඇයි ඔයා මේක කරන්නේ?

- පිරිමි එන නිසා.

 

petunia 2

 

+ ඔයා ඕක කරන නිසානේ පිරිමි එන්නේ. ඔයාට පුළුවන් හොද කෙනෙක් හොයාගෙන කසාද බදින්න.තරුණයි, ලස්සනය, සෙක්ස් වලදි සුපර්බ්. ඉතින් ඔයාට ලේසියෙන්ම පාර්ට්නර් කෙනෙක් හොයාගන්න පුළුවන්නේ. ඇයි පිළිවෙලකට ජීවත් වෙන්න බැරි.

- මොකක්ද මගේ තියෙන අපිළිවෙල?

+ ඕකත් ජීවිතයක්ද එක එක උන් එක්ක.

- මං මට ගෙවන්න පුළුවන් මිනිහෙක් අල්ලගෙන ඌ එක්ක බුදියනවා. එකෙන් මං හොදට කාලා ඇදලා ජීවත් වෙනවා. මොකක්ද ඒකේ තියෙන ප්‍රශ්නේ? ඔව් මේක කාලකණ්ණි ජිවිතයක් එහෙමනේ පිරිමි කියන්නේ. මාත් කැමති හොද කෙනෙක් කසාද බදින්න මට ආදරේ කරන්න පුළුවන් කෙනෙක්, ජිවිතේ බෙදාගන්න පුළුවන් කෙනෙක්. ඔයා කැමතිද මාව කසාද බදින්න?

ඔහු නිරුත්තරයි. ගලවා පසෙක තිබු කලිසම කඩිමුඩියේ ඇදගෙන යන්තන් ලෑස්ති වෙනවා.

- ඇයි උත්තර නැත්ත. දැන් ටිකකට කළින් ඔයාමනේ කිව්වේ මේ හැමදේම නවත්තලා හොදින් ජීවත් වෙන්න කියලා. මාව girl friend හරි wife හරි කියන්න මදිකමක් නෑනේ නේද? ඔක්කොම ඇගැලුම්කම් බිත්ති හතරක් ඇතුලේ විතරයි. එළියෙදි හම්බුණාම ලිෆ්ට් එකක් දෙන්නත් උන් බයයි. මහලොකු ඕපන්මයින්ඩඩ් ශ්‍රි තින්කින් පිරිමි. උන් අහන්නෙම ඇයි ඔයා කසාද බැදලා පිළිවෙලට ජිවත් වෙන්නේ නැත්තේ. තක්කඩි පිරිමින්ට ඕක අහන්න ලෙසි උන් ඕක අහන්නේ උන්ට වෙන කියන්න දෙයක් නැති හින්දා. හැබැයි මං ඔයාව කසාද බදින්න කැමතියි කියන්න ඔය එකෙකුටවත් කොන්ද පණ නෑ.

කාමරේ දොරත් ඇරගෙන කිසිම ප්‍රතිචාරයක් නැතුව ඔහු එළියට ගිහිල්ලත් ඉවරයි.

අවසානයේ ඇය කෑගහලා කියනවා. අයේ ඕන වුණොත් කෝල් කරන්න මොකද මේක මගේ රස්සාව මං කසාද බදින්න මිනිස්සු හොයන්නෑ කියලා.

ඔය කතාව අස්සට මේ ටිකත් එකතු කරන්න හිතුණා. භූමි හරේන්ද්‍රන්ගේ එක interview එකක භූමි කියනවා, මම පිරිමියෙක් වෙලා ඉදලා කාන්තාවක් වෙච්ච නිසා පිරිමි හිතන්නේ පිරිමියෙක් සතුටු කරන්න මං හොදට දන්නවා කියලා.

තවත් එක යූ ටියුබ් නාලිකාවක විදි ගණිකාවක් කියනවා, මං දැන් පිරිමියෙක් එක්ක ජීවත් වෙනවා එයා තමා මාව මෙතනට ගෙනත් දාන්නේ. මං එක්ක කවුරු හරි යන්න ආවොත් එයා තමා හයර් එකට යන්නේ. මට ගාණක් ගෙවනවා වගේම එයාටත් ගාණක් දෙන්න ඕන කියලා.

මීට වඩා දෙයක් නොලියමි. තේරුම් ගැනිම ඔබ සතුයි. ඕපන් මයින්ඩඩ් කියාගන්නා සමහරක් පිරිමින්ගේ ඇත්ත ඇති සැටියෙන්.

කාන්තාවක් විදියට තමන්ට එය සිදුවෙනකන් සියල්ලෝම නිශ්ශබ්දයි. තවත් කාන්තාවක් වෙනුවෙන් තවත් එක මනුස්සයෙක් වෙනුවෙන් කතා කරන්න ඇත්ත ඇත්ත විදියට දකින්න බය වෙන්න එපා. කාන්තාවක් විදියට අඩුම කාන්තාවක් වෙනුවෙන්වත් කතා කරන්න.

 

@ගෝතමී අබේනායක