SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නෝරා ජෝන්ස්(Norah Jones)

රවි ශංකර් නැමති ලෝක කීර්තිධර සිතාර් වාදකයාට, 1979 මාර්තු 30 වැනි දින ඇමෙරිකා එක්සත් ජනපදයේ සූ ජෝන්ස් නැමති ගැහැණිය තමාට දාව බිහිකල ඒ කෙල්ලව සමහර විටෙක හදිසි උපතක් ලෙස පෙනෙන්නට ඇත‍. ඔහු ඔවුන් තනිකර ගියේ එනිසා වන්නටත් ඇත.

සූ ජෝන්ස් නැමති එක්සත් ජනපද යුවතිය එවකට එක්සත් ජනපදයේ සංගීත උළෙලකට රවි ශංකර්ව කැඳවු සංගීත උළෙලේ නියෝජිතවරිය විය. එහි ප්‍රතිපලයක් ලෙස රවි ශංකර්ට දාව ඇය උක්ත දිනයේ කෙලි පොඩිත්තියක් බිහි කලාය. එහෙත් ඔවුහු නීතිය ඉදිරියේ අවිවාහකය. එසේ තිබියදීත් රවි ශංකර් ඒ පුංචි කෙල්ලගේ උප්පැන්නය ඉදිරියෙන් තම වාසගම සමග ඉන්දියානු නමක් තැබීය, “ගීතාලී ශංකර්”.

 

NEW YORK, NY - JUNE 13:  Norah Jones performs onstage during the 15th Annual Webby Awards at Hammerstein Ballroom on June 13, 2011 in New York City.  (Photo by Jamie McCarthy/Getty Images for The Webby Awards)

 

තම අම්මාගේ නමත් ඔහු දුන් වාසගමත් එකතුකල විට ඒ කෙලි පොඩිත්තිව ලෝකය හැඳින්වූයේ ගීතාලී නෝරා ජෝන්ස් ශංකර් ලෙසය. තවත් වසර 6 කට පසු රවී ශංකර් ඒ ගැහැණියද සිය දියණියද අතහැර ඉන්දියාවට ගොස් තිබිණි. සූ ජෝන්ස් නැමති අම්මා තනිවම මේ පුංචි කෙල්ල ඇති දැඩි කල අතර සමාජයට ඇගේ පියාව රහසක් ලෙස තබා ගැනීමට මහන්සි ගත්තාට සැක නැත.

පියෙකුගේ සෙනෙහස නොමැතිව හැදෙන වැඩෙන තම දියණියට සූ ජෝන්ස් ඉගැන්වූයේ සිත් හඩවන, සිත් කම්පාකරවන, භාවනාවකට කැඳවා ගෙන යන ඇගේ පියාවු රවි ශංකර්ගේ සිතාරය හා රාගධාරී සංගීතය නොව සිත් නලවන, ප්‍රීතියෙන් මුසපත් කරවන පියානෝ වාදනය සහ ඡෑස් සංගීතයයි.

 

Nora 6

 

ඒ දිරිය දියණිය ඒ සමගම ගායනයද ප්‍රගුන කලාය. මේ සියල්ලම ඔවුන් දෙදෙනා කලේ තනිවය. රවි ශංකර්ගෙන් ඉඳහිට ලැබෙන දුරකථන ඇමතුමකට එහා දෙයක් ඔවුන් නොලැබුවද තම නම අගිස්සට තියෙන සිය පියාගේ වාසගම ඇයට බොහෝ අපවාදද ප්‍රශ්නද මතු කල බැවින් නෝරා ජෝන්ස් සිය මවගේ කැමැත්ත ඇතිව උප්පැන්න සහතිකයෙන් ගීතාලී ශංකර් යන්න කපා හැරියාය. දැන් එය අතීතයට අයත් අනාගතයට අයත් නොවන ප්‍රශ්නයකි.

2002 දී නෝරා ජෝන්ස් සිය ප්‍රථම සංගීත ඇල්බමය වන Come Away With Me නිකුත් කලාය. එය ආධුනික සංගීතකරුවකුට ඉතා හොද ආරම්භයක් ලබා දෙමින් බිල්බෝඩ් සංගීත දර්ශකයේ හොඳම ගීත 100 අතර 30 වැනි තැනට පැමිණියේය.

2002 දී තත්වය ‍එසේවුව ද 2003 දී ලෝක සංගීතඥයන්ගේ මහ ගෙදර නමින් හදුන්වන Grammy සම්මාන උළෙලේ එතෙක් ලෝකයේ සිටි සියලු සංගීතකරුවන් පරයමින් නෝරා ජෝන්ස් නැමති හදිසියේ පහලවු මේ කෙල්ල Grammy සම්මාන 05 ක් දිනාගත්තාය. එවිට ඇයට වයස 22 කි.

 

Nora 1

 

එම උළෙලේ සම්මාන අතට ගත් ඇය සිය මවට මුව නොසෑහෙන සේ ස්තුති කලාය. ඒ සම්මාන සම්පුර්ණයෙන් අයිති ඇගේ මවට බව න්ස්ජෝ කීවාය.

උළෙලින් පසුව දවසක The Guardian, සගරාව ඇගෙන් මෙසේ විමසා තිබිණි.

“ඔබ ඒ සම්මාන උළෙ‌ලේදී ඔබ ඔබේ පියාට ස්තුති නොකලේ ඇයි ?”

ඇගේ උත්තරය ක්ෂණිකය.

“මම මගේ තාත්තාට බොහෝ සේ ආදරෙයි තමයි. නමුත්, මම ඔහු සමඟ ගත කළේ මගේ නව යොවුන් වියේ සුළු කොටසක් පමණයි. ඒ නිසා “ඔහු මගේ සංගීතයට කිසිම සම්බන්ධයක් නැති නිසා ඔහු ගැන කතා කිරීමට මා කැමති නෑ” යනුවෙනි.

 

එසේ වුවද ඇය තම පියාගේ දෙවැනි විවාහයේ දියනිය වූ අනුෂ්කා ශංකර් හා ශක්තිමත් බැඳීමක සිටියාය.

 

Nora 4

 

නෝරා ජෝන්ස් නැවතත් 2005 දී ඇගේ "Here We Go Again" සඳහා Grammy Awards ත්‍රිත්වයක් ලබා ගත්තාය. එය ඇගේ 08 වැනි ග්‍රෑමී සම්මානයයි.

අවසන් වරට ඇය Grammy Awards දිනාගත්තේ 2008 River: The Joni Letters නැමති ඇල්බමයටය. එය වසරේ හොදම ගීත ඇල්බමය විය.

නෝරා ගේ කීර්තිධර පියා රවි ශංකර් සංගීතකරුවන්ගේ මහ ගෙදර ලෙස හඳුන්වන Grammy Awards දිනා ඇත්තේ එක වරක් පමණි. ඇගේ ඉන්දියානු සහෝදරිය අනුෂ්කා ෂංකර් Grammy Awards  සඳහා හය වරක් නාමයෝජනා ලැබුවද ඇය එය දිනා ගත්තේ නැත. එහෙත් රවි ශංකර්ගේ නාමය සිය උප්පැන්න සහතිකයෙන් පවා කපා හල නීත්‍යනුකූල නොවන දියණියක් Grammy Awards 09 ක් දිනා ලොව පුරා ඇගේ ගී තැටි මිලියන 40 ද ඉක්මවා විකුණමින් සිටින විට එය අති විශිෂ්ට නැද්ද?

 

Nora 5

 

නෝරා ජෝන්ස් තමාට නීත්‍යනුකූල පියෙක් නොමැති නිසා සිය ජීවිතය පුරාවට බොහෝ විට හඩා වැටෙන්නට ඇත. එබැවින් ඇය සමාජයට සිය පුද්ගලික ජීවිතය දැඩි ලෙස සගවමින් සිටී. ඇය විවාහකය. එහෙත් ඇගේ සැමියාගේ නම පවා මාධ්‍යයට නොකියයි. එසේම ඇගේ දරුවන් දෙදෙනාගේ නම් ගැන පවා හෙළිදරව් නොකරමින් ඇය සිටින්නේ එම ප්‍රතිපත්තියේය. අවජාතකත්වයක බිහිසුණු හා නිර්ධය බව ඇයට තවමත් මතකය.

මේ වනවිට ජීවිතයේ අවුරුදු 42 ක් ගෙවා ඇති නෝරා සිය නවතම ගී ඇල්බමය 2020 ජූලි මස Pick Me Up Off the Floor නමින් වෙළදපොලට මුදා හැරියාය.

නෝරා ජෝන්ස් ඇගේ නවතම ඇල්බමය වන පික් මී අප් ඔෆ් ද ෆ්ලෝර් නිකුත් කිරීම සැමරීම සඳහා දුර්ලභ සම්මුඛ සාකච්ඡාවක් Today show වෙත ලබා දුන්නීය. එහි මාධ්‍ය වු Brooke Boney ඇගෙන් මෙසේ ඇසීය.

 

Nora 7

 

“ලෝකයට නමවත් නොකියන ඔබේ පිරිමි දරුවන් දෙදෙනාට සංගීතය පිළිබඳ අභිලාෂයන් තියෙනවද?”

“මම තවම දන්නේ නැහැ. මොකද ඔවුන් ඇත්තටම පොඩියි, ඒ නිසා ඒ ගැන විනිශ්චයට අදහසක් නෑ.

“දරුවන් සිටින මවක් තවමත් ආදරය ප්‍රේමය ගැන ගැයීම පිලිබඳව ඔබ මොකද හිතන්නෙ?”

“මවක් වීම ගැහැණියකට සිය සංගීතය වෙනස් කල යුතු බවක් කියන්නේ නෑ, නමුත් එය සමහර ආදර ගීත ඔබ අසන ආකාරය වෙනස් කරයි.”

 

@ උපාලි ජයසිංහ