SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක්සත් රාජධානියේ සුප්‍රකට ඩේලි මේල්, ඩේලි සන් සහ මෙට්ට්‍රෝ මාධ්‍යජාලයන්ට අනුව ඇය ‘‘ස්වර්ගයෙන් ලද තෑග්ගකි” - ජාරී ලජලානා (Jare Ljalana)

සෑම දරුවෙක්ම ලස්සනයි . නමුත් මේ ලස්සන දේවල් වලින් වඩා ලස්සන කවුද? මොකක්ද? කියල තෝරන්න ඔිනෑම මිනිස් සමාජයක් කැමතියි. ඒක නිසා තමයි තවම අවුරුදු 5 ක් වෙන නයිජීරියාවෙ ලාගෝස් නගරයෙ ජීවත්වෙන ජාරී තමයි ‘‘ලෝකයේ ලස්සනම කෙළිපොඩ්ඩ”කියල Instagram සමාජජාලය අපිට කියන්නෙ.

 

beauty 3

 

නයිජීරියාවෙ මංගල ඡායාරූප ගන්න වෘත්තීය ඡායාරූප ශිල්පිනියක් වෙච්ච MofeBamuyiwa ට හරි අපුරු කෙල්ලක්ව මුණ ගැහෙනවා අහම්බෙන් . ඇයට තිබුණෙ නයිජීරියානු මිනිසුන්ට උරුම තද කලු පැහැයක් නෙවි. ඒක නිකන් මීපැණි වගේ වර්ණයක්, ඇයගෙ සම අත්‍යන්තයෙන්ම සිනිදුයි. ඇයගේ දෑස් නිල් පැහැයෙන් බබලමින් තිබුනෙ. මින් වශීවු ඇය මේ පුංචි කෙල්ලගෙ දෙමවුපියන්ගෙ අවසරය මත ඇගේ ඡායාරූප කිහිපයක් ගන්නව. ඊට පස්සෙ එයා Instagram සමාජජාලයේ තිබුණු තමන්ගෙ ගිණුම හරහා ජාරීගෙ ඡායාරූප 3 ක් මුදා හරිනව මෙන්න මෙහෙම සටහනක් තබමින්

“ඔහ් ! ඇය දේවදුතියකි”

 

beauty 4

 

ටික වෙලාවක් යනකොට ඒ ඡායාරූප 3 ට කැමැත්ත ප්‍රකාශ කරන්නත් තමන්ගෙ අදහස් ප්‍රකාශකරන්නත් ලෝකය පටන් අරන් තිබුණ. ඇයට කැමැත්ත ප්‍රකාශ කරල තිබුන ඒ වනවිට පනස්දහසක වැඩිය මිනිස්සු ඒ අතර දහස් ගණනක් සිය හැගීම් අකුරු කරල තිබුණ මෙන්න මෙහෙම.

“ඇය බෝනික්කියක් වගේ”

‘‘ඇය ස්වර්ගීය තෑග්ගකි”

“ ලෝකයේ ලස්සනම ලස්සන දරුවා ඇයයි”

‘‘ඇය මිනිස් වෙසින් ආ දෙව්දුවකි”

‘‘අන්තර්ජාලයේ ඇගේ මේ ඡායාරූප දරුවාව ඉක්මනින් හෝ පසුව විනාශ කර දමනු ඇත.”

 

beauty 5

 

මේ පුංචි කෙල්ලගෙ ඡායාරූප ගත්තු Bamuyiwa කියනව Yahoo Lifestyle වලට මෙහෙම ‘‘මට අවශ්‍ය වෙලා තිබුනෙ පොඩි දරුවෙක්ගෙ සිනාමුසු මුහුණින් ඇගේ ඡායාරූප ගන්න. නමුත් ඒ ඡායාරූප ගන්න කොට ඇය හිනාවුනේ නෑ. කිසිදු චකිතයක් සබකෝලයක් පෙන්නුවෙ නෑ . ඒක ඇගේ වයසට වැඩි මුහුකුරා ගිය ගතියක්. ඉතිං මම ඇයව තැබුව ලාබාලත් නොවන වැඩිහිටිත් නොවන යම් ස්ථානයක. බලන්න ඇය හිනාවෙන්න ඔින නෑ ඇගේ දෑස් කතාකරනව.. ඇයට අවුරුදු 21 විතර වෙනකොට මේ ඡායාරූප ඇගේ ජීවිතයේ ඇයට අගනා මතක සටහනක් වේවි. ඒ වගේම මට ඇය ඉගැන්නුව ළමා ඡායාරූප ගන්නෙ කොහොමද කියලත්”

ජාරීට ඉන්නව තව සහෝදරියො දෙන්නෙක් එයාලගෙ නම් පටන්ගන්නෙත් ‘‘ජ” යන්නෙන්. එයාගෙ හත් හැවිරිදි පොඩි අක්කගෙ නම ජෝමී, දස හැවිරිදි ලොකු අක්කගෙ නම ජොබා. එයාල තුන් දෙනාම පාසැලේ දක්ෂ දරුවො කියල තමයි කියන්නෙ.

 

beauty 6

 

Instagram සමාජජාලා අඩවිය 2010 වර්ෂයේදී ලෝකයේ වඩාත්ම ලස්සන ළමයට තෝරගෙන තිබුනෙ හත් හැවිරිදි ප්‍රංශ දැරියක් වුන Thylane Blondeau,ව. ඇයට දැන් වයස 18 ක් සහ ප්‍රංශයේ අතිශය ජනප්‍රිය මෝස්තර නිරූපන ශිල්පිනියක්. ඇයට ඉන්නව සමාජජාලයේ ලක්ෂ 12 ක අනුගාමිකයො.

ගිය අවුරුද්දෙ දෙසැම්බර් මේ සමාජජාලය නැවත තේරුව ලෝකයේ වඩාත්ම ලස්සන දැරියව. ඒ පාර තේරුනෙ රැසියාවෙ අවුරුදු 6 ක් වෙච්ච Anastasia Knyazeva. එයාට තිබුනෙ බෝනික්කෙක්ගෙ මුහුණක් සහ නිල්පැහැයෙන් දිදුලන ලස්සන ඇස් දෙකක්. එයා තමයි දැන් රුසියාවේ ළමා ඇදුම් විකුණන සමාගම්වල ප්‍රධාන නිරූපිකාව. ඉතිං මේ දෙන්නවම පසුපසට ඇදල දාල ඒ තැන හිමිකරන් තියෙනව දුප්පත් රටක දුප්පත් කෙල්ලක්. ඊටත් වඩා ඇය කලු ජාතික කෙල්ලක්. කලු කැතයි කියපු ලෝකයෙන් ඇය අහනව වගේ “ඇත්තටම කලු කැතැයිද ආ .... !”

 

beauty 8

 

ලෝකය වෙනස් වෙනව, ලස්සන කියන්න සංකල්පයක් සහ ඒක එක් එක් කාලයන්ට දේශයන්ට හා ජනවර්ගයන්ට සාපේක්ෂ සහ වෙනස් වෙමින් පවතින දෙයක් !

 

beauty 7

 

@ සුජාතා ගමගේ

(උපුටා ගැනීමකි)