SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වෙඩින් ගැන තියෙන ෆේස්බුක් සමූහයක ගෑණු ළමයෙක් පෝස්ට් එකක් දාලා තිබුණා හනීමූන් එකට අඳින්න

හොඳ ඇඳුම් ටිකක් ගන්න තැන් කියන්න කියලා.

 Lingeries ගැන පිස්සුවකින් ඉන්න මාත් ඔිකේ කමෙන්ට් වලට ඔලුව දැම්මේ මටත් එහෙම තැන් දැන ගන්න ඕනේ උනු නිසා. නමුත් ඒකේ දෙතුන් දෙනෙක්ට වඩා අහපු ප්‍රශ්නෙට උත්තර දීලා තිබුණේ නෑ. වැඩිපුරම තිබුණේ හනීමූන් එකට මොකටද ඇඳුම්, එහෙම විශේෂ ඇඳුම් අඳින්න ඕනෙද මළ විකාර ගෑණුන්ගේ වගේ උත්තර.

 

sex art 1

 

ගූගල් එකේ සෙක්ස් හොයලා පලවෙනි තැනට ආපු රටක් වෙන එක ගැන අමුතුවෙන් අපි පුදුම වෙන්න ඕනේ නෑ මේ වගේ කමෙන්ට් දැක්කම. තමන්ගේ ගෑණි ළමයි, ළපටි බලාගෙන, ළමය නිදි වෙලාවට යන්තන් තමන්ගේ සනීපාරක්ෂක කටයුතු කර ගන්න එක ගැන වගේ වගක් නැති පිරිමි ගූගල් එකේ, මග තොට සුරඟනන් හොයනවා. ගටක් තියෙන එකෙක් නම් අල්ලලා, භාවිත කරලත් බලයි. නැති එවුන් ඇස විතරක් පිනවගයි.

සෙක්ස් කියන්නෙත්, නිරුවත කියන්නෙත් කලාවක්. අපේ රටේ ගොඩක් දික් කසාද, පවුල් ආරවුල්, අනියම් සම්බන්ධතා වැඩි වෙන්න හේතු වෙලා තියෙන්නේ සෙක්ස් විඳීමක් නොකරගෙන හුදු යුතුකමක් හෝ ශාරීරික අවශ්‍යතාවයක් විතරක් කර ගැනීමෙන්.

 

sex art 4

 

ලංකාවේ සංස්කෘතිය ඇතුලේ ලිංගිකත්වය වගේ මාතෘකා ගොඩක් රහසිගතයි වගේම සමහර චාරිත්‍ර මිත්‍යා විශ්වාස, ආගමික ඉගැන්වීම් වගේ දේවල් නිසා ඒවාට වැට කඩුලු වැටිලා තියෙනවා. ඒ වගේම ගොඩක් අය ඒ වගේ දේවල් විවෘතව කතා කරන්න අකමැතියි සහ බයයි. මොකද ඒවා නිසා මේ සමාජයේ වදින ලේබල් එක හොඳ නැති නිසා සහ ලේබල් එකට බය නැතුව කතා කරත් ඊට පස්සේ වෙන සමහර බලපෑම් හරි කරදරකාරී වෙන නිසා.

සමාජය සමඟ කතා කිරීම කෙසේ වෙතත් අවම වශයෙන් තමාගේ සහකරු සමඟ හෝ තම ආශාවන්, හැඟීම්, රුචිකත්වයන් බෙදා හදා ගැනීමට සංවාද කර ගැනීමට තරම්වත් පුද්ගලිකව අපි පෞර්ෂයක් වර්ධනය කර ගත යුතු ය. නැතිනම් තේරුමක් නැති දික්කසාද නඩු, පවුල් ආරවුල් පැමිණිලි වලින් උසාවි , පොලිස්සි පිරවීමට අපිට හැකි වනු ඇත.

 

sex art 5

 

මිනිසෙකුගේ ප්‍රධාන අවශ්‍යතාවයන් වෙන්නේ ආහාර නින්ද මෛතුන්‍ය වේ. අපි කෑමක් හදද්දි ඒකේ රසවත් පෙනුම ගැන සැලකිලිමත් වෙනවා, බෙදා ගන්න පිඟන්, හැඳි ගෑරුප්පු වල ලස්සන, පිරිසිදුකම ගැන සැලකිලිමත් වෙනවා, නිදා ගද්දි මෙට්ටේ සැප පහසුව, බෙඩ් ශීට් එකේ පාට, ලස්සන, පිරිසිදුකම ගැන සැලකිලිමත් වෙනවා නම් ඇයි අපි සෙක්ස් වලදි appearance එක ගැන සැලකිලිමත් වෙන්නේ නැත්තේ?

 

sex art 3

 

කෑවම ඔක්කොම බඩේ, නින්ද ගියාම මුකුත් දන්නේ නෑ නම්, කොහොමත් ගලවනවනේ වගේ තර්ක ඇයි සෙක්ස් සම්බන්ධයෙන් ගේන්නේ කියලා ප්‍රශ්නයක් මතු වෙනවා. ලිංගිකත්වය කියන්නේ කලාවක්, අපි කනවා බොනවා, නිදා ගන්නවා වගේම ජීවිතේ සාමාන්‍ය දෙයක්, කෑමෙන් අපි බඩ පුරවා ගන්නවා විතරක් නෙවෙයි නිසා අපි විවිධ වර්ගයේ කෑම රස විඳිනවා. ලෝකේ පැවැත්මට අදාලව අපේ කාර්යභාරයේ කොටසක් වෙන මෛතුන්‍යයත් ඒ වගේම රසවත් මිහිරි එකක් කර ගත යුතුයි. මොකද බැඳීම් වල ශක්තිමත්භාවය ඒ හරහා රැකෙනවා.

 

@ Yashodha Samaradheera