SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඒ පිළිබඳව සැකයක් නැත. හොඳටම කර ඇත්තේ මැණිකේ මගේ හිතේ ගීතයයි.

ලංකාවේ ගීතයක් ජාත්‍යන්තරයට ගොසින් ඇත. අමරදේවගේ පටන් කසුන් කල්හාරත්, නිහාල් නෙල්සන්ගේ සිට භාතිය හා සංතූෂ්ලාත් දැන් ඉතිහාසයේ එකම කුණු බක්කියට වැටී පචවී හමාරය.

එහෙත් මේ හොඳටම කරපු ගීතයට කවුරුත් කැමති මන්දැයි මට නම් තවමත් හරි හැටි නොවැටහෙයි. එබැවින් මිතුරන් කිහිප දෙනෙකු විමසා ඒ පිළිබඳව තොරතුරු සෙවීමට මම වෙහෙසුනෙමි.

අවාසනාවක මහත. පළමු වටයේ මා ඇමතුම් දුන්නු මිතුරෝ බොහෝ දෙනෙක් ඒ ගීතය එක් වරක් හෝ ශ්‍රවණය කර නොසිටියෝය.

 

යොහානි 1

 

"ජාත්‍යන්තරේට යන්න පුළුවන් තරම් වෙඩි වගේ තරුවක් අපේ රටේ පෑයුවම උඹලට නිකමට ඒ ගැන හොයා බලන්න බැරි රට ජාතිය ගැන හැගීමක් නැති නිසා නේ?" මම ප්‍රශ්න කළෙමි.

"අපෝ, එයා තමයි හොඳටම කලේ බයිලේ අපි බහුගිය අවුරුදු දෙකේ අහලා අහලා දැන් අප්පිරිය වෙලා තියෙන්නේ" එකෙක් කීහ.

"එහෙම පදවැලක් මේ සින්දුවේ නෑ" මම මිතුරාට පහදා දුනිමි.

"එහෙනම් ඔය හැමෝම කියන්නේ එයා තමයි හොඳටම කළේ කියලා. හොඳටම කරපු එකෙක්ගෙන්වත් මොකක්වත් අහන්න මම කැමති නෑ" මිතුරා ඒ ගීතය ශ්‍රවණය කිරීම පවා ප්‍රතික්ෂේප කළේය.

පළමු මිතුරා තරම් සම්භාව්‍ය නොවූ ජනප්‍රිය සංගීතය ප්‍රිය කරන දෙවැන්නා ඉදිරිපත් කළේ වෙනමම අදහසකි.

"දැන් ඕක ජාත්‍යන්තරේ හිට් වුණා කියමුකෝ. ඒත් කවුද කියන්නේ ඒක ලංකාවේ හිට් එකක් කියල? බච්චන් මැද්දට පැනලා තමයි මැච් එක දිනෙව්වේ" ඔහු ඇසුවේය.

"දැන් ලංකාවේ හිට් මීට වඩා හොඳයි කියලද ඔහේ කියන්නේ" මා ඇසුවේ නොතේරුම් කමටය.

"පිස්සුද මනුස්සයෝ ලංකාවේ ලොකුම හිට් එකත් ඔය වගේම තමයි. කිසිම තේරුමක් නෑ" එවර ඔහු සතුටින් ඉපිළී කීවේය.

"මට තේරුණේ නෑ" ඔහු අවබෝධ කර දෙනු ඇතැයි මම උදක්ම බලාපොරොත්තු වීමි.

"ආ ඒක තමයි පළමු ලක්ෂණේ. ඒ කියන්නේ තමන් කියන්නෙ මොකක්ද කියලා තමන්ට තේරෙන්නෙත් නෑ අහන් ඉන්න එවුන්ට තේරෙන්නෙත් නෑ. කියපු දෙයකුත් නෑ නොකියපු දෙයකුත් නෑ" මිතුරා පැහැදීම අරඹුවේය.

"ඒක ඉතින් සින්දුව ලියපු එකාගේ වරදක් නෙමෙයි ද?"

"තමයි. හැම සින්දුවෙම තියෙන්නේ ආදරය වෙනුවෙන් කැපකිරීම් කරන්න ඕන කියලනේ. ඒත් කැප කරලා දිනපු එකෙක් ගැන බයිලා එකක්වත් තියෙනවද?" මිතුරා මගෙන් ඇසුවේය.

"ඇයි කැබිනට් එක ගැන ලියපු සින්දු නැද්ද?"

"තියෙනවා ඒවා කැබිනට් එකේම ලොක් කරලා තියෙන්නේ එළියට එන්නෙ නෑ" මිතුරා දුකින් කීය.

"කෙල්ලෙක් තවත් කෙල්ලකට ඇති සමරිසි ආදරය ගැන මේ තරම් ජනප්‍රිය ගීතයක් බිහිවෙන්න අපේ රටෙත් දියුණු සංස්කෘතියක් තියෙනවා කියලවත් ඔහේලට වැටහෙන්නෙ නැද්ද?" මම කේන්තිය සගවාගෙන ඇසීමි.

"බම්බුව. වෙන කවුරුහරි කරන්න ඕන වැඩ වෙන කවුරු හරි කරපුවම තමයි ඔය වගේ විනෝද සැපයීම් සිද්ධ වෙන්නේ" තවෙකෙක් මැද්දට පැන්නේය.

 

යොහානි 2

 

"අර සින්දුව අස්සෙ යන රැප් කෑල්ලෙන් මොනවද කියන්නේ?" මා යළිත් විමසුවේ නොදැනුවත්කමටය.

"ආ ඒක මේ කාලේ කෝවිඩ් මරණ තත්ත්වය ගැන රජයේ එක් එක් බලධාරීන් පවත්වන මාධ්‍ය සාකච්ඡා වගේ එකක්නේ" මිතුරා ගණනකට නොගෙන කීවේය.

"මොකක්ද ඒකේ තේරුම?"

"දෙය්යො තමයි දන්නේ. තැන තැන කියන ඔක්කොම අදහස් ටික ගත්තත් එකක් හිතා ගන්න අමාරුයි" මිතුරා ද කණගාටුවෙන් කීවේය.

"එතකොට ඔය සින්දුවේ ගන්නම දෙයක් නැද්ද?" මිතුරන්ගේ විචාර ගැන නොපැදුණු මම නොරිස්නාව ඇසුවෙමි.

"මොකද නැත්තේ. එක තැනක එයා හෙළන බැල්මට මම හරිම කැමතියි" මෙතෙක් වෙලා නිහඩව සිටි මිතුරෙක් කීය.

"එයාගේ හෙයාර්කට් එකට තමයි මම කැමතිම" තවෙකෙක් කීය.

"මම නම් කැමතිම එයා අඳින පළදින විදියට" සැවොම සිය අදහස් ප්‍රකාශ කිරීමට වන්හ.

"ලංකාවෙ අනිත් හිට් එකටත් මිනිස්සු කැමති වුණේ ඔය හේතු වලටම තමයි" සම්භාව්‍ය මිතුරා හඩ අවදි කළේය.

 

යොහානි 3

 

මිතුරන් කෙසේ කීවත් මට නම් ඇත්තේ වෙනස් අදහසකි. මේ දිනවල කෝවිඩ් මරණ අනුපාතයෙන් පමණක් ජාත්‍යන්තරය ජය ගන්නා ලංකාවෙ, ගීතයක් අඩු තරමේ ඉන්දියාවටවත් ගෙන යෑම පිළිබඳව යොහානිට ස්තූති නොකර බැරිය. ඉන්දියාව අපට ඩෙල්ටා දුන්නා අපි ඉන්දියාවට මැණිකේ දුන්නා වැනි කුප්ප කතා කීමට නම් සූදානම් නොවන්න.

 

@ සුරත් ද මැල්