SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

'THE SOCIAL DILEMMA'(2020)#77#

අරගල නිර්මාණය කරන්නේ කවුරුන්ද?

යුද්ධ නිර්මාණය කරන්නේ කවුරුන්ද?

විප්ලව නිර්මාණය කරන්නේ කවුරුන්ද?

රටවල් අරාජික කරන්නේ කවුරුන්ද?

රටවල ඒකාධිපතියන් නිර්මාණය කරන්නේ කවුරුන්ද?

ප්‍රචණ්ඩත්වය නිර්මාණය කරන්නන් කවුරුන්ද?

ව්‍යාජ පුවත් නිර්මාණය කරන්නෝ කවුරුන්ද?

අප ජන්දය භාවිතා කළ යුත්තේ කාහටද?

අප හෙට දිනයේ ආහාරය සඳහා ගත යුත්තේ මොනවාද?

 

social dillemma cover 2

 

මේ සියල්ල තීරණය කරන්නේ සමාජජාලා මාධ්‍ය හිමි වෙළඳ සමාගම් ය. ඔව්. එය ඔබ නොදැනුවත්වම සිදුකරයි. එය ඔබේ අවිඥාණයට හොරෙන් රිංගා ගොස් සිතුවිලි වෙනස් කරයි. විචාරාත්මක බුද්ධිය මොට කර දමයි. ඔබේ කාලය කා දමයි. දවසේ පැය විසි හතරෙන් අඩක්ම ජංගම දුරකථනයේ වට්ස්ඇප්, ෆේස්බුක්, ඉන්ස්ට්‍රග්‍රෑම්, ටික්ටොක්, යු ටියුබ් දෙස අනිමිස ලෝචන පුජාවන් වෙනුවෙන් වැය කරයි. ඔබේ දෑස් ඩිජිටල් තිරය විසින් විවෘත කර තබන්නට උපක්‍රම යොදයි. ලස්සන පින්තුර, වීඩියෝ මඟින් ඔබේ තුට්ටු දෙකට තට්ටු කරන දැන්වීම්වලින් ඔබේ මොළගෙඩිය පුරවයි. ආශාව උපරිම කරයි.

 

social dilemma 7

 

"The social dilemma" යනු සමාජජාලා මාධ්‍ය සමාගම් විසින් ලෝකය නොදැනුවත්වම පාලනය කරනා සැටි පෙන්වන විශිෂ්ට වාර්තාමය චිත්‍රපටයකි. විශේෂත්වය නම් මේ වාර්තා චිත්‍රපටය අතිශයින් නැවුම් වු තේමාවකින් සමන්විත වීමයි. වාර්තා චිත්‍රපටය පුරාවටම ඒ ඒ සමාජජාලා මාධ්‍යයන් තුළ සිටි වෘත්තියකයන්ගේ සම්මුඛ සාකච්ජා ඇසුරින් තමයි මේ සමාජජාලා සමාගම්වල ඇති සැබෑ කුටෝපායන් අප වෙත හෙළි කරන්නේ.

ඔබ දන්නවාද? ෆේස්බුක්, ස්නැප්චැට්, ඉන්ස්ට්‍රග්‍රෑම්, යු ටියුබ්, ටිවිටර්, මේ වගේ සමාගම්වල වෙළඳපල ආකෘතිය ගොඩනැගී ඇත්තේ ඔබ නිතර සැරිසරමින් සිටින ජංගම දුරකථනයේ තිරය දෙස බලමින් කාලය කා දමන්නට යැයි කියා ඔබ මොහොතකටවත් සිතුවාද? එය තමා ඔවුන්ගේ අරමුණ.

 

social dilemma 5

 

අන්තර්ජාලය භාවිතාව කෙරෙහි අප කොයි තරම් සබුද්ධිකව ක්‍රියා කරනවාද? අන්තර්ජාලය තුළින් ඉන්ද්‍රජාලිකව අපගේ මනස කෙසේ මෙහෙයනවාද? කියන ප්‍රශ්න දෙකට "The social dilemma වාර්තා චිත්‍රපටය අපට හොඳ පිළිතුරක් සපයනවා.

පශ්චාත් නූතනවාදය තුළ මාධ්‍ය සහ අන්තර්ගතය තුළින් මානවයාට අත්කර දී අයහපත් ප්‍රතිඵලයන් නිසා ම යම්තාක් දුරට ඉහත සාධක ද්විත්වයම යක්ෂයකු පරිද්දෙන් අප කරා ලුහුබැඳ පැමිණ තිබෙනවා.

විශේෂයෙන් සයිබර් අවකාශය හරහා සිදු කෙරෙන තර්ජන, අනවශ්‍ය බලපෑම්, cyber stalk, cyber harassment (හිරිහැර කිරීම්), cyber bulling , blackmail, විශේෂයෙන් ගෑනු ලමයින්ගේ පින්තූර වෙනස් කර පළකිරීම වගේ දේවල් පමණක් නොවෙයි මාර්ගගත (අන්තර්ජාලය හරහා කෙරෙන) ලිංගික අපහරණයන් (online sex abuse) පිළිබඳව අපිට තොරතුරු අහන්න දකින්න සිද්ධවෙන්නේ මෙවන් යුගයකයි.

 

socia dillema 2

 

අන්තර්ජාලය තුළ අපට මතුපිටින් පෙනෙන එහෙත් ඔහුගේ අභ්‍යන්තරය පිළිබඳ කිසිදු විස්තරයක් නොදත් මොනයම් හෝ කෙනෙකු අප දෙස බලා සිටි. අප දෛනිකව Facebook, Tweeter, Whatsapp, Messenger, Gmail මෙි සෑම අන්තර්ජාල සබැඳුමක් තුළටම උඩුගත (Upload) කරන පින්තුරයක්, විඩියෝ පටයක් තුළම ඇත්තේ අප හඹාඑන්නට වැඩි සම්භාවිතාවක් ඇති අනාරක්ෂිත බවක්. සිනමාපටය තුළ නිරතුරුවම ස්මාර්ට් ජංගම දුරකථනය තුළ ප්‍රදර්ශනය කරන දර්ශන තීරයන් (Display) පමණක් සම්මුඛ කරවීම් හරහා චරිත ඉන් මෙපිටට නොයමින් අපව ඒ තුළම රඳවා මේ කුතුහලය පිරි කතන්දරය කියාපායි.

 

social dilemma 6

 

තවදුරටත් එකිනෙකා විශ්වාස නොකරන, තවදුරටත් එකිනෙකාට ඇහුම්කන් දීමට අකමැති, තවදුරටත් එකිනෙකාට ඇහෙන්නේ නැති යුගයක් නිර්මාණය කරමින් සිටින්නේ මේ සමාජජාලා වෙබ් සමාගම් ය. ශිෂ්ටාචාරය විනාශ කරමින් සහ ශිෂ්ටාචාරය වළ පල්ලට යවමින් සිටින්නේ මාර්ක් සකබර්ග් වැන්නන් ය. "The Social dilemma" යනු නුතනයේ සෑමෙකෙක්ගේ ඇසට ලක්විය යුතු වාර්තා චිත්‍රපටයකි. අවසානයේ චිත්‍රපටය පිළිබඳ යමක් කියන්නට වේ නම් ඒ, අප තවමත් නොදන්නා, අපේ අවිඥාණයට සරදම් කරන සමාජජාලා වෙබ් අඩවි මේ තරම් අප වෙනුවෙන් වධ වෙන්නේ ඇයි ද යන ප්‍රශ්නයට කදිම පිළිතුරක් "The Social dilemma" චිත්‍රපටය ලබා දෙනවා ඇත.

 

@ මලින්ත විතානගේ