SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2005 වසරේ තමිල්නාඩු ප්‍රාන්තයේ සුපර්ස්ටාර් වන රජිනිකාත් දීර්ඝ විරාමයකින් පසු චිත්‍රපටයක් නිකුත් කරන ලදී.

වර්ෂ කිහිපයකට පසු සිනමාවට නැවතත් පා තබන ඔහු ස්ත්‍රියක් පාදක කරගත් චිත්‍රපටයක රඟ දක්වන වග දැනගත් ප්‍රේක්ෂකයන් අතර එය ආන්දෝලනයකට ලක්විය. කෙසේ වෙතත් අද වන තෙක් තමිල්නාඩුවේ ඉතිහාසගත වාර්තා තැබූ චිත්‍රපටයක් ලෙස චන්ද්‍රමුඛී පිළිගෙන තිබේ. එසේනම් මම කතාවට පිවිසෙන්නම්.

දැනට අවුරුදු 100කට වඩා පැරණි මෙම චන්ද්‍රමුඛී නොහොත් නාගවල්ලී නම් කතාවේ ප්‍රධාන චරිතයේ ජීවිත කතාව තමිල්නාඩුවේ සිට කේරලා ප්‍රාන්තයට කුරුනිලම්හී රජෙකු වූ විසින් රැගෙන ගිය පසු එහි සිදුවූ සිදුවීම් වටා ඇතිවූ සත්‍ය කතාවකි. රෝමොද්ගමනය වන මෙම කතාව ප්‍රථමයෙන් “මනිචිත්‍රතළු” නම් මළයාලම් චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයා වෙත දිග හැරුණි. මෙහිදි සැබෑ ලෙස කේරලයට තමිල්නාඩුවේ සිටි නාගවල්ලි රැගෙන එන්නාක්මෙන්, දෙමල ප්‍රතිනිර්මාණය වන චන්ද්‍රමුඛී හී තෙලිඟු වලින් රැගෙන එයි. මධූ නම් තිර රචකයා විසින් මෙය අකුරු කර ෆාසිල් විසින් අධ්‍යක්ෂණය කොට තිබේ.

 

chandra 7

 

ආලපුළා නම් කේරලයට අයත් ගමක උපත ලැබූ මෙම තිර රචක මධූ වාසය කරන ගම අසල අවුරුදු 100ක් ඉපැරැණි මාළිගයක් තිබී ඇත. අන්ධකාරය අරක් ගත් එම මාළිගයේ මිනිස් ගැවසීමකින් තොර වූ බැවින් ගම් වාසින් එය භූත බංගලාවක් ලෙස පවසයි. කුඩා කල තමා ඇසූ කතාන්දර සහ මාළිගය පිළිබඳව ගවේෂණයේ යෙදුන මධූ එහි සත්‍ය කතාවේ සිදුවූ ඛේදවාචකය පාදක කරගෙන මෙම කතාව ගොඩනඟා තිබෙන බවට මාධ්‍ය සාකච්ඡා වලට පවසා තිබේ. තිරයේ අප දුටු කතාවත්, සත්‍ය කතාවත් සමානයිද යන වග ඔබ තුල ප්‍රශ්නාර්ථයක් මතු වන්නට ඇති. චිත්‍රපටයේ සඳහන් ප්‍රධාන වූ චරිත සියල්ල සිටි නමුත් කතාව 100% සත්‍ය නොවේ. සත්‍ය කතාවට අනුව නම් මෙම චන්ද්‍රමුඛී නොහොත් නාගවල්ලි හට පෙමෙන් බැදෙන වේට්ටයන් රාජන් නම් රජු කෙරෙහි ඔබට අනුකම්පාවක් ඇතිවෙනු ඇත.

අවුරුදු 100කට පෙර සම්පූර්ණ කේරලාව පාලනය කලේ ට්‍රැවැන්කූර් මහ රජු විසිනි. ආලපූළා(වර්තමානයේ ඈලපි) ඔහුගේ යටතේ තිබූ රාජ්‍යයකි. මෙම ආලපුළාහි පාලන කටයුතු භාරව සිටියේ වේට්ටයන් රාජන් නම් කුරුනිලම් රජවරයෙකු විසිනි. තම වයස අවුරුදු 24 වැනි තරුණ කාලයකදී සශ්‍රීකව පාලනයක් ගෙන ගොස් තම නාමය සනිටුහන් කල අයෙකි. අවුරුදු 100කට පෙර ඉන්දියාවට මුලින්ම කාර් රථ හදුන්වාදුන් අවස්ථාවේ කේරලාවට තිබි ඇත්තේ කාර් රථ දෙකක් පමණි. ඉන් එකක් ට්‍රැවැන්කූර් මහ රජු ලගත්, අනික මෙම කතාවේ එන කුරුනිලම් රජු සතු ව තිබී ඇත. එපමණක් නොව අන් අය ඊර්ෂ්‍යා කරන තරමට අගනා මුතු, මැණික් සහ රත්තරං ධනස්කන්ධක් මොහු සතුව තිබී ඇත. සමාන්‍ය රජෙකුට වඩා උසස් මට්ටමක සිටි මොහුට විවිධ වූ තනතුරු, පදවි සහ ගෞරවනාම වලින් පිදුම් ලබා ඇත.

 

chandra 3

 

එකල ජාති සහ කුල බෙදුම් හේතුවෙන් බොහෝ සෙයින් මිනිසුන් පීඩා විඳපු යුගයකි. රජෙක් වුවත් එලිමහනේ ගමන් කිරීමට යානවහන භාවිතා කලද, ‍උසස් යැයි සලකන මිනිස් කොට්ඨාස වාසය කරන ප්‍රදේශවලට ඇතුල් වීමේදි ඉන් බැස ඇවිද යාම ඔහුටද අනිවාර්‍ය වී තිබේ. ඉන් හැගවෙන්නෙ එකල සිටි අයගේ ජාතිවාදී, සහ කුලවාදී මානසිකත්වය වේ.

Muttam නම් ස්ථානයේ තම මහන්සියෙන් සෑදූ මෙම මාළිගයේ තම ධනස්කන්ධය, විවාහ වූ බිරින්දෑවරුන් තිදෙනා සමඟ වාසය කරයි. මේ අතරතුර තමිල්නාඩුවේ සංචාරයක යෙදෙන මෙම රජුගේ නෙතට නාගවල්ලි නම් නෘත්‍යාංගනාව හමුවේ. මෙවන් වූ අලංකාරයක් සහිත ලියක් සිටිය හැකිද ලෙස සිතා ඇගේ රුවට වහ වැටෙන මෙම රජු ඇයව බලහත්කාරයෙන් මෙන් කේරලයට රැඟෙන යයි. ආරම්භයේදී ඇයගෙන් ඔහුට පිළිගැනීමක් නොලැබුනද, කාලයත් සමග ඔහු ඇයට ලබා දෙන වරප්‍රසාද දැක පැහැදීමකට ලක්වෙයි.

 

chandra 4

 

මෙම කුරුනිලම් රජු විසින් තැනූ සම්පූර්ණ මාලිගා භූමිය කොටස් තුනකින් යුක්ත ව තිබුණි.මාලිගයේ එක් කොටසක් සම්පූර්ණයෙන්ම එම රජ පරම්පරාවේ පිරිමින් සඳහාද, අනෙක් කොටසක රජ පරම්පාවේ ස්ත්‍රීන්ද සඳහාද, දැසී දාසයින්, අන්තම්පුරයේ අය සහ මෙහෙකාර සේවයේ නියැලෙන්නන් සඳහා මාලිගා භූමියෙන් පිටත වාසස්ථාන සකසා දී තිබේ. චිත්‍රපටයේද නයන්තාරා ඇයගේ පියා සමඟ මාළිගයෙන් එපිට නිවසක වාසය කිරීම සත්‍ය කතාවේ සිද්දියට සමාන වේ. තවද චිත්‍රපටයේ චන්ද්‍රමුඛීගේ පෙම්වතා මාලිගය අසලින් පිහිටි නිවසක පදිංචි කොට තිබුනද, ඇත්තටම එය එසේ නොවිණි. ඇයට පෙම්වතෙකු නොසිටිය අතර ඇත්තට එම මාලිගය වටා තිබූ නිවෙස් වල වහල් (slave) කාන්තාවන් (එකල බහුලවම සිදුවූ සේවයක්) රඳවා තබා ඇත.

එවන් වූ කාලවකානුවක මෙම රජතුමා තම බිරින්දෑවරුන් තුන්දෙනා සිටියේදිත් ඔහු මූලිකත්වය දෙන්නෙ නාගවල්ලී හටය. නාගවල්ලී සතුව තිබූ අගනා ආභරණය වූයේ ඇගේ ලස්සනය. එවක සිටි කිසිදු කාන්තාවක් නොසතු වූ එම අලංකාරයට කාන්තා සහ පිරිමි දෙපාර්ශවයම ඊර්ෂ්‍යා කරන්න ගත් හ. කිසිදු කාන්තාවකට හිමි විය නොහැකි සැපවත් ජීවිතයක් ඇයට හිමි වී තිබේ. රටක රාජ්‍යයක රූමත් අඟපසඟයෙන් යුක්ත වන්නේ එම රටෙහි රැජින හෝ රාජ්‍ය පරම්පරාවේ කාන්තාවන් බව නිත්‍ය කාරණාවක් බවට පැවතුනි. එකල ගම්වාසීන් රැජිණ හෝ රාජ කුමාරිකාවන් එක්වරක් හෝ දැක බලාගැනීමට නොඉවසිල්ලෙන් සිටී අවස්ථාද නැතුවාම නොවේ. ඔහුන් දර්ශනය වෙන්නෙ ඉතාමත් කලාතුරකිනි. නමුත් නාගවල්ලිගේ ආගමනය පසු ඇයගේ නර්තනය හෝ රූමත් රුව දැක ගැනීමට ගම් නියම්ගම් වලින් පිරිස් පවා පැමිණ තිබේ. එම කාරණාවම එහි සිටි බිසෝ රැජිනන් සහ කුමාරිකාවන් නාගවල්ලී කෙරෙහි වෛරයක් ඇතිවන්නට හේතු විය. ඔවුන් සතුව තිබූ අයිතීන් ඈ විසින් ඩැහැගත් බවට චෝදනා කරන්නට විය. නාගවල්ලී ආලපුලාවට පැමිනෙන විට නාඹර වියේ පසු වුවද, රජු හා ඇය අතර වයස් පරතරය තරමක් වැඩි මට්ටමක තිබුණි. කාලයත් සමඟ රජු වයසට ගියද තමාගේ දුවකුගේ වයසේ පසුවන නාගවල්ලී සමඟ සබදකම් පැවැත්වූ හෙයින් ඔහු ප්‍රශංසාවට පත් කල ට්‍රැවැන්කූර් රජු සහ අනෙකුත් පිරිස් අතර අප්‍රසාදයට ලක් වනවා. අනෙක් රාජ්‍යන් හි රජවරුන් නාට්‍යාංගනාවක් වන නාගවල්ලී එක් වරක් ඔහුන් වෙත ලබා දෙන ලෙස ඉල්ලා සිටියද, ඔහුගේ පිළිතුර වූයේ ඔබ ඉල්ලන සියල්ල  දෙන්නම්.  නමුත් නාගවල්ලී පමණක් නොදෙමි ලෙසටයි. ඒතරමටම ඈ කෙරෙහි බැඳීමකට ලක් වී ඇත. අලංකාරය නිසා ඇයට ලැබෙන තෑගි බෝග යනාදී වරප්‍රසාද ද, කිසිදු කාන්තාවක සතුව නොතිබූ දෙයක් ඈ සතුව තිබීමද, කාලයක් සමඟ ඈ කිසිදු කෙනෙකුට අයිතිකරගත නොහැකි, මිලකල නොහැකි වස්තුවක් බවට පත් වනවා.

 

chandra 5

 

එකල කේරලයේ පවුල් අතර ප්‍රසිද්ධ වූ සම්ප්‍රදායක් පැවත ආහ. කාන්තාවක් හා පුරුෂයෙක් දාව ඉපදින සන්තානයට ඔහුගේ දේපල හිමිකාරිත්වය ලැබීම අප මුතුන්මිත්තන් විසින් පැවත ගෙන ආ සිරිතකි. නමුත් මෙහිදි එය හාත්පසින්ම වෙනස් ය. එහිදි තම දරුවාට දේපල අයිතිය හිමි නොවන අතර, ඔහුගේ මවගේ පරම්පාවෙන් එන අය නැදෑයින් හිමි විය යුතු බව කේරලාවේ අවුරුදු ගණානවක් සිට පැවත සම්ප්‍රදායක් විය. දිනක් ට්‍රැවැන්කූර් රජු සමඟ සංවාදයේ යෙදෙන මෙම කුරුනිලම් රජු කතාබහ සමඟ දිනක මට සහ නාගවල්ලී දාව දරුවෙකු ඉපදුනොත් මාගේ සියලු දේපල එම දරුවා වෙත පවරන බව පවසයි. එය හුදෙක් කතාබහක් වුවද ඉන් මතු වූයේ විශාල ප්‍රශ්නයකි. නාට්‍යාංගනාවක් වන නාගවල්ලි හට හරිහමන් ජාතකයක් නොතිබුණු හෙයින් එකල ජාතිය, කුලයට මූලිකත්වය දුන් හෙයින් රජ පෙලපතේ අය එයට දැඩි ලෙස විරෝධයපාන ලදී.

 

chandra 8

 

මේ සියල්ලටම නැවතීමක් තැබීමට එම රජුගේ දරුවන්, බිරින්දෑවරුන් සහ ඔහුගේ නෑයන් සැලසුම් කර මෙම රජු සහ නාගවල්ලී නිතර තනියෙන් හමුවන කුටියට නොසිතූ ආකාරයෙන් කඩා වදියි. විශේෂයෙන්ම බිරින්දෑවරුන්ගේ වංශයෙන් පැවත එන්නන් විසින් මෙම රජුව සහ නාගවල්ලී ඝාතනය කර දමයි. දෙදෙනාවම මරා දේපල බිරින්දෑවරුන් සහ ඔහුන්ගේ ඥාතීන් අතර බෙදා ගැනිමට කටයුතු කර තිබේ. එවක ඉතිහාසයේ සිදුවූ කෲර ඝාතනක් ලෙස හැදින්වෙන මෙය එම ස්ත්‍රිය සතුව තිබූ වටිනාම ආභරණය වන අලංකාරය විනාශ කර කරා දමා තිබේ. අකැමැත්තෙන් කේරලය වෙත පැමිණෙන නාගවල්ලීට නිරපරාදේ ජීවිතය අතැර දමා යන්නට සිදු වෙයි. මෙහි සියල්ලන්ම ඔව්නොවුන්ගේ පාර්ශවයෙන් සාධාරණ බව සිතෙනු ඇත. සියල්ල ආරංචි වන ට්‍රැවැන්කූර් මහ රජු ඝාතනය සම්බන්ධ සියල්ලන්ටම සරිලන දඬුවම් ලබා දී තිබේ. මේ අතරතුර බ්‍රිතාන්‍යයන් ඉන්දියාව අතහැර යාමත්, ඉන් නව නිතී සම්පාදනය වීමත් සමඟ එම මාලිගයේ අයිතිය එම රාජ පරම්පාවේ කිසිවකුට හිමි වී නැත. දීර්ඝකාලයක් කිසිවකු එහි නොයාම, මිනිස් වාසයෙන් තොර වීම හේතුවෙන් එම ගම්වාසීන් මාලිගය අසලින් යන විට තරුණ කාන්තාවක් යන එන අයට අඬගසන බවත් එය නාගවල්ලිගෙ ආත්මය ලෙස කටකතා පැතිර තිබේ. කෙසේ වෙතත් ඈ සමඟ එක්ව ඝාතනයට ලක්වූ රජු කිසිවකුගේ දෑසට නොපෙනුනේ ඇයි යන වග අබිරහසකි. කාලයත් සමඟ කිසිවකු එම මාළිගය අසලට නොයෑමත්, එහි භූත බලවේග ඇති බවට ගම්වාසිම් තරයේ විශ්වාස කොට තිබේ.

 

chandra 1

 

1993 කාලවකානුව මෙම කතා අසා හැදී වැඩුන මධූ විසින් ඔහුගේ මනකල්පිතය තව දුරටත් විසිරවා නාගවල්ලී හට පෙම්වතෙකුද, කතාවේ රසාස්වාදය වැඩි කිරීමට පන්නා ආ රජු කතාවෙ දුශ්ඨයා යොදා කතාව නිර්මාණය කර තිබේ. චිත්‍රපටය තිරගත වීමෙන් අනතුරුව කේරලය තුල එම මාළිගය ප්‍රසිද්ධියට පත් විය. අදටත් ඈලපි හි මෙම මාළිගය පැවතීම අද්භූත කාරණාවකි.

 

chandra 2

 

කතාව කියවූ ඔබට මගෙන් ප්‍රශ්නයක් එක් කරමි. ඔබ උසාවියක විනිසුරුවරුවරයෙක් නම් සත්‍ය කතාවේ එන නාගවල්ලී හට සිදුවූයේ අසාධාණයක්ද, නැත්ද? නැත්නම් බිසෝවරුන්ගේ පාර්ශවයෙන් ඔවුන් කල ක්‍රියාව හරිද, වැරදිද? රජුගේ පාර්ශවයෙන් ඔහුට ලැබුන දඬුවම හරිද වැරදිද? සෑම කතාවකම අනිවාර්යයෙන්ම එක් වීරයෙක් සහ දුශ්ඨයෙක් සිටියි. ඔබට හැඟෙන පරිදි ඔවුන් කවුරුන් විය හැකිද?

 

@ අරුල් කීර්තානන්

    Arul Keerthanan