SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රටේ ජනතාව දූෂණයට එරෙහිව තැබූ විශ්වාසය අමු අමුවේ පාවා දෙන, මාලිමා ආණ්ඩුවේ අත්තිවාරම දෙදරා යා හැකි

අතිශය භයානක බිම්බෝම්බයක් මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය තුළ සක්‍රීය වෙමින් පවතී.  ජාතික ඉදිකිරීම් සංගමය (NCASL) විසින් අද (2026 පෙබරවාරි 02) ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත හදිසි ලිපියක් යොමු කරමින් රතු එළි දල්වා අනතුරු අඟවා සිටින්නේ, රුපියල් බිලියන 90ක මෙම ව්‍යාපෘතිය තුළ, රාජපක්ෂ යුගයේ පවා නොවූ විරූ මහා පරිමාණ, සංවිධානාත්මක ටෙන්ඩර් මංකොල්ලයක් මේ මොහොතේ ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

 

 

ෙට1ෙට2

 

 

ආණ්ඩුවේ දෑස් වසා සිදුවන මෙම බරපතල අක්‍රමිකතාව වහා නතර නොකළහොත්, එය ජනතා අපේක්ෂාවන් සුනුවිසුනු කර දමන දේශපාලන සියදිවි නසාගැනීමක් වනු නොඅනුමානය.

 

"හොරු අල්ලනවා" යැයි කියා බලයට පැමිණි මාලිමා ආණ්ඩුව, රාජපක්ෂ යුගයේ "හොරු" යැයි හංවඩු ගැසූ කොන්ත්‍රාත්කරුවන්ගේම ඔඩොක්කුවට වැටෙයිද?

 

ජාතික ජන බලවේගය (NPP) ප්‍රමුඛ රජය බලයට පත්වූයේ දූෂණයෙන් තොර රටක් නිර්මාණය කිරීමේ දැවැන්ත ජනතා අපේක්ෂාව පෙරදැරිවය. එහෙත්, වත්මන් ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වීමට නියමිත රුපියල් බිලියන 90ක් වටිනා මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ (CEP 3 - Section 2) ටෙන්ඩර් ක්‍රියාවලිය දෙස බැලූ විට පෙනී යන්නේ, ආණ්ඩුව මාරු වුවද "කොමිස් මාෆියාව" සහ "ටෙන්ඩර් මගඩිය" එලෙසම ක්‍රියාත්මක වන බවයි.

 

 

රාජපක්ෂලාගේ හිතවතුන් 7 දෙනාගේ "කේක් බෙදාගැනීම"

 

මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා සුදුසුකම් ලැබීමට හැකි ලෙස සකසා ඇත්තේ පසුගිය පාලන සමයන්හිදී මහා මාර්ග ව්‍යාපෘති ඒකාධිකාරියක් ලෙස පවත්වාගෙන ගිය සමාගම් 7කට පමණි. මෙම සමාගම් මගින් සිදුකළ සංවර්ධන ක්‍රියාවලිය දූෂිත ව්‍යාපෘතීන්  ලෙස එකල මාලිමා වේදිකාවලදී දැඩි විවේචනයට ලක්විය.

 

 

නමුත් අද එම සමාගම්වලටම යළිත් රතු පලස එලමින් තිබේ.

එම සමාගම් ලැයිස්තුව පහත පරිදි වේ:

 

  1. Maga
  2. Access
  3. KDAW
  4. Nem (බලශක්ති ඇමති පෙර රැකියාව කළ බව පැවසෙන සමාගම)
  5. Edward and Christie
  6. ICC
  7. Tudawe

 

ටෙන්ඩර් උගුල සහ "Experience" බොරුව

 

විෂය භාර අමාත්‍ය බිමල් රත්නායක ගේ අමාත්‍යාංශය සහ නිලධාරීන් පවසන පරිදි මෙම ටෙන්ඩරය අන් අයට ලබා නොදෙන්නේ "අත්දැකීම් (Experience) නොමැති නිසා" ය. මෙය අමූලික බොරුවක් බව ජාතික ඉදිකිරීම් සංගමය (NCASL) ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියෙන් හෙළි කරයි.

 

  • පසුගිය වසර 5 තුළ රටේ මහා පරිමාණ අධිවේගී මාර්ග ව්‍යාපෘති ක්‍රියාත්මක නොවුණු හෙයින්, අලුත් සමාගම්වලට අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාවක් ලැබී නැත.

 

  • පැරණි ව්‍යාපෘති කළ සමාගම්වලටම පමණක් නැවත අවස්ථාව ලබා දීම හරහා සිදුවන්නේ නවකයන්ට දොර වසා, පරණ කල්ලියම නඩත්තු කිරීමයි (Incumbency Loop).

තරඟයක් නැති - හවුලේ බෙදාගැනීමක් (Market Allocation)

 

 

මෙම ව්‍යාපෘතිය කොටස් (Packages) 07 කට කඩා ඇත (Packages 2A to 2G). පුදුමයකට මෙන් ඊට ඉල්ලුම් කළ හැකි සමාගම් ගණන ද 07 කි. මෙහි ඇති භයානකම තත්ත්වය මෙයයි: එක් කොටසකට එක් සමාගම බැගින් නිතරගයෙන් තෝරා ගැනීමටත්, ඔවුන් එකිනෙකා අතර කතා කරගෙන (Coordinated Pricing) තමන්ට අවශ්‍ය ඉහළම මිල ගණන් ඉදිරිපත් කිරීමටත් මෙමගින් ඉඩ සැලසේ. මෙය තරඟකාරීත්වය විනාශ කරමින් මහජන මුදල් කෝටි ගණනක් වංචා කිරීමට තැනූ පාරකි.

 

 

 

බිමල් ඇමතිතුමනි, ඔබව නොමග යවාද? නැත්නම් ඔබත් හවුල්ද?

 

 

මෙම ටෙන්ඩර් පටිපාටිය සකසා ඇත්තේ පැලවත්තේ පක්ෂ මූලස්ථානයට පවා හොර රහසේ බවට තොරතුරු වාර්තා වේ. ගල් අඟුරු අර්බුදයේදී ආණ්ඩුව මුහුණ දුන් අපහසුතාවයට සමාන, ඊටත් වඩා බරපතල දේශපාලන අර්බුදයක් මෙමගින් නිර්මාණය වෙමින් පවතී. අමාත්‍යාංශ ලේකම්වරුන් සහ දූෂිත නිලධාරීන් විසින් අටවා ඇති මෙම උගුලට අමාත්‍යවරයා හසු වී තිබේද, එසේත් නැතිනම් දැනුවත්ව ඊට සහය දෙනවාද යන්න රටට හෙළි විය යුතුය.

 

 

ලංකා බැංකුව (BoC) එපා කියන අලුත්ම සෙල්ලම

 

මෙම කුමන්ත්‍රණයේ තවත් ජුගුප්සාජනක සිදුවීමක් වන්නේ, ලංකා බැංකුව (BOC) මගින් නිකුත් කරන Bid Securities භාර නොගන්නා බවට අවසන් මොහොතේ කොන්දේසි පැනවීමයි. ටෙන්ඩරය භාර දීමට දින කිහිපයක් තිබියදී මෙවැනි තීරණ ගන්නේ තමන්ට අවශ්‍ය සමාගම් ටික පමණක් ඉතිරි කර ගැනීමට බව පැහැදිලිය.

 

 

අපගේ යෝජනාව සහ බලකිරීම

 

හෙට අනිද්දා (පෙබරවාරි 05) මෙම ටෙන්ඩරය වසා දැමීමට නියමිතය. ඊට පෙර මාලිමා ආණ්ඩුවට අප පහත දෑ අවධාරණය කරමු:

 

  1. වහාම ටෙන්ඩරය අත්හිටුවනු: මෙම දූෂිත ක්‍රියාවලිය වහාම නතර කර, පෙබරවාරි 05 දිනැති Deadline එක දීර්ඝ කරන්න.

 

  1. සමාගම් 7 ඒකාධිකාරිය බිඳ දමනු: වෙනත් දේශීය හා ජාත්‍යන්තර සමාගම්වලට (Joint Ventures හරහා හෝ) තරඟ කළ හැකි පරිදි ප්‍රසම්පාදන නීති ලිහිල් කර සැබෑ තරඟයක් ඇති කරන්න.

 

  1. මිල පාලනය: සමාගම් 7ක් විසින් කොටස් 7 බෙදාගෙන, හිතූ ගණන් වලට ටෙන්ඩර් දමා රටේ සල්ලි කොල්ලකෑමට ඇති ඉඩ අහුරන්න.

 

 

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාණෙනි, ඔබ පත්කර ගත්තේ "සිස්ටම් චේන්ජ්" එකක් සඳහා මිස, රාජපක්ෂලාගේ කොන්ත්‍රාත්කරුවන් පොහොසත් කිරීමට නොවන බව සිහි තබා ගන්න. මෙය නිවැරදි නොකළහොත්, මෙම "හයිවේ මංකොල්ලය" මාලිමා ආණ්ඩුවේ මිනී වල කපන පළමු උදැල්ල වනු ඇත.

 

 

# සමාරා පරණවිතාන

නවතම ලිපි