SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

‘සමනලයකුසේ පාවී යන්න. මී මැස්සකු සේ දෂ්ඨ කරන්න....‘මේ කතාව පවසන්නේ ලෝකප්‍රකට බොක්සිං ශූරයකු වන මොහොමඩ් අලීය.

ඊයේ පෙරෙයිදා දමිළ සිනමාවෙන් මොහොමඩ් අලී කෙනෙකු බිහි වන්නේ ය. ඒ කබිලාන්ය. කබිලාන්ට සිහිනයක් තිබේ. ඒ තමන් වෙසෙන නගරයේ නිතර දෙවේලේ ඇස ගැටෙන බොක්සිං ක්‍රීඩාවෙහි විශිෂ්ටතමයකු වන්නට ය. ඔහු වෙසෙන ප්‍රදේශයේ බොක්සිං තරඟ පැවැත්වෙන්නේ එකිනෙකාගේ වංශයේ ගෞරවය වෙනුවෙනි. ඒ අනුව කබිලාන් සටන් වැදෙන්නට තෝරාගන්නේ සර්පත්තා වංශයයි. බොක්සිං ක්‍රීඩාව යනු කුල භේදයක්, ගෝත්‍රයක් , ගෞරවයක් වෙනුවෙන් පවතින්නක් නම් නොවේ. එය එක්තරා ආකාරයක තරඟයකි. ප්‍රචණ්ඩජනක ක්‍රීඩාවක් වුවත් වර්ගවාදය, ජාතිවාදය,ගෝත්‍රවාදය තිබීම කිසිවිටකත් අනුමත කළ නොහැකි ය. චිත්‍රපටය යටි පෙළින් පවසන්නේ එයයි.

 

 ali 3

 

පිටිය මැද එකිනෙකාගේ වංශයේ ගෞරවය වෙනුවෙන් මුෂ්ටි ප්‍රහාරයන් ද්වන්ධ සටන්වලින් සිනමාපටය පොහොසත් ය. අභියෝග මැද කබිලාන් තමන්ගේ ක්‍රීඩා දිවිය ද, ඊට සමගාමීව තමන්ගේ කුටුම්භ ජීවිතය ආරම්භ කරති. නමුත් කබිලාන්ගේ දිවිය විවිධ අභියෝග, ඇද වැටීම්, බාධක, අටෝරාසියක් කරදරයන්ට හසුවෙයි.

චිත්‍රපටය මුලසිටම කබිලාන් චරිතය මනා සංවර්ධනයකින් යුතුව සිදු කරන නිසාම අවසන් සිදුවීම දක්වාම ඔහු කෙරෙහි විශ්වාසය රඳවන්නට සමත්ව තිබෙනවා. සටනේ උද්වේගකරබවත් සමඟ ප්‍රතිවාදියා සමඟ ලේ වැකි මුෂ්ටි ප්‍රහාරයන් සමඟ ක්‍රිඩාවේ සැබෑ ප්‍රචණ්ඩත්වය, ජවසම්පන්නබව ගෙනහැර පෑමට අධ්‍යක්ෂ පී.රන්ජිත් විසින් අපුරුවට සිදු කර තිබෙන්නක්. හොලිවුඩයෙන් බිහි වු බොක්සිං චිත්‍රපටවල තිබෙන අනුකාරක ලක්ෂණ ද විටින් විට චිත්‍රපටය තුළින් දැකගන්නට ලැබීමත් සුවිශේෂී වෙනවා. විශේෂයෙන් Ranging Bull, rocky වැනි විශිෂ්ටතම ගණයේ බොක්සිං චිත්‍රපටයන් යළි යළිත් සිහියට එන එක නම් වළක්වන්නට බැහැ.

 

ali 4

 

70 දශකය නියෝජනය කරමින්, ඒ යුගයේ ඇති ඓතිහාසික බවත්, සමාජ හා දේශපාලනමය ස්වරූපය බොක්සිං ක්‍රීඩාවට බලපාන ආකාරයත් චිත්‍රපටය තුළ මනාව පිළිබිඹු වෙයි. කබිලාන්ගේ චරිතයට පණපොවන ආර්යා විසින් කබිලාන් නමැති ධෛර්යසම්පන්න මධ්‍යම පාන්තික බොක්සිං ක්‍රීඩකයාගේ චරිතයට මනා ලෙස සාධාරණය ඉෂ්ට කොට ඇත.

සැබැවින් කබිලාන් නමැති චරිතය තුළ ආර්යා ජීවත් වු සේයාවක් පිළිබිඹු වෙයි. ක්‍රීඩකයා හා බැඳුණු පුහුණුකරුගේ චරිතයන් ද චිත්‍රපටයේ කතාවට ගැලපෙන ඉන්දියානු ජන සමාජයට ආවේණික සහ අනන්‍යතාවයක් සහිතව ගොඩ නඟා ඇත. කබිලාන්ගේ චරියට මනා සහයක් ලබා දෙන සන්තෝෂ් නාරායන්ගේ මියුරු පසුබිම් සංගීතය ද චිත්‍රපටයට සපයන්නේ දැඩි උද්වේගකරබව සේම ප්‍රාණවත් බවක්.

 

ali 2

 

ක්‍රීඩා චිත්‍රපටවල එයටම ආවේණික වූ කථා වින්‍යාස සැලැස්මක්, සංකේත භාවිතයක් ඇත. ක්‍රීඩා ෂානරයේ චිත්‍රපට අතර බහුල කථා වින්‍යාස සැලැස්මක් (plot pattern) වන්නේ "සින්ඩරෙල්ලා"කථා වින්‍යාසයයි. එහිදි දුර්වලයා සියලු දෙනා විස්මයට පත් කරමින් ප්‍රතිවාදී ශක්තිවන්තයා පරාජය කරනු ලබයි. එහිදී "තරඟය" යන්න භාවමය මූලබීජය සපයයි.

අවසානයේ ජයග්‍රහණය හෝ පරාජය හරහා චිත්‍රපටය කූටප්‍රාප්තිය කරා පැමිණේ. කුතුහලය හා විස්මය යන්න ක්‍රීඩාව හා බැඳුණු මෙකී ලක්ෂණයන් "Sarpatta Parambarai" දමිළ චිත්‍රපටය තුළ නොඅඩුව දක්නට ලැබීම විශිෂ්ට සිනමාකෘතියක් බවට පත්වීමට හේතුවෙයි.

@ මලින්ත විතානගේ.