SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මහත්තය මම

හැටේ වත්තෙ රන්ජනී...

ගඳගහන මුඩුක්කුවේ

තට්ටු දෙකේ පොඩි ගෙදර

උඩතට්ටුවෙ මුල්ලෙ කාමරේ

ලස්සනට තියන් හිටපු

වත්තටම කසිප්පු බෙදපු

බජාර් එකම රන් කරපු

පොලී සුමනක්කගෙ

බාල දූ රන්ජනී.....

සර්..

අපේ අම්මා සල්ලි වලට

ඇඟවික්කා,

අරගත්තු සල්ලි ටික

ගිනි පොළියෙ ණය දුන්නා..

දහ අට වන්නමයි

තව තව අළුත් වන්නම්

අඩියටම නටල

වත්තෙ ප්‍රාථමිකයට නොදා මාව

ටවුමෙ ස්කෝලෙට ඇරියා...

විශාකා.....

ලස්සනයි නේද සර්...

ඒක තමයි ස්කෝලෙ නම

අනේ සර් ඒ වුනාට...

කුඩු විකුණන්නේ නෑ අම්මා

එදා පොලීසියෙන් පයිද්දිත්

මම හිටියේ පාඩම් කර කර

ඒලෙවල් වලට හරියටම සතියයි

ඕකිවත් දාගනින් ජිප් එකට

ඕ අයිසි මහත්තය කෑ ගහද්දි

ඔහොම හිටියට ඕකිත් බඩ්ඩ

අම්මා වගේ නැතෑ දූ පොඩ්ඩ

හයියෙන්ම කියද්දිත්

ඒත් මම ඇඩුවෙ නැ..

දන්නෙම නැතිව

බයෝ ක්ලාස් එකේ

නෝට් එකනම්

අතටම පොඩිවෙලා තිබ්බා

එදාතමයි සර්..

මන් දිහා බලන් ඉඳල

ඕකි තාම පොඩි එකී සර්....

ඉන්න අරිමු කිව්වේ...

හිරේ ඉදන් අම්මා එද්දි

මම විභාගෙත් ලියල

ඒම තුනයි

අයිලන්ඩ් රෑන්ක් එකයි

ඊටත් පස්සෙ

හුඟක් දේවල් වුනා

පලමු පත්වීම ඉල්ලලම අරගත්තෙ

හැටේ වත්තේ ඉස්පිරිතාලෙට

මුඩක්කුව ගඳවුනාට

ඉස්පිරිතාලෙ සුවඳයි..සර්,

ප්‍රදාන වෛද්‍ය නිලධාරී

ඒක තමයි තනතුර.....

අනේ සර්

කාකි කමිසෙ

ඇයි මේ කඳුළු පැල්ලම්....

අම්මා මැරිලත්

දැන් අව්රුදු පහක්

සර් තාම සාජන්ද ?

උසස් වීමක් එහෙමත් නැද්ද..?

එක්කො ඕනි නෑ සර්...

තාම වත්තට පොලීසියෙන් පයිනවළු....

මම ආවේ කියල යන්ඩ...

කකුල් අල්ලල වැඳල යන්ඩ

හෙට ප්ල්යිට් එක හවස පහට

ලොකු යුනිවර්සිටි එකක

සීනියර් ලෙක්චර

විසිටින් කාඩ් එකේ එහෙමයි ඇත්තෙ....

[ අස්ථි හා විකලාංග, ශල්‍ය වෛද්‍ය

ප්‍රෙපෙසර්, මිසිස්

රන්ජනි කස්තුරිආර්ච්චි,

ලෙක්චර් යුනිවර්සිටි ඔෆ් චිකාගෝ ]

හදිස්සියක් නෑ සර්

අද හෙටම බැරි වුනත්

විශ්‍රාම ගිය කාලෙක

එන්නවත් හිතුනොතින්

කෝල් එකක් දානවද?

ඇමරිකාව ලොකු වැඩී

අව ජාතකේ බර වැඩි...

කාගෙ හරි දුවක් මම

පියෙක් දැකලත් නැති..

ඒ වුනත්

මහත්තයා

තාම මම පොඩි එකී....

සුමනක්කගේ බාල දූ

හැටේ වත්තේ.....

රන්ජනී....

@ සරෝ මන්ධාරා - පන්හිඳ අද්දර