SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කලකට පෙර ඉන්දියාවට පැමිණ එහි පදිංචි වූ ප්‍රංශ දෙමාපිය යුවලකට දාව පොන්ඩිචෙරිහි උපත ලැබූ කල්කි බොලිවුඩයේ දක්ෂ නිලියක් ලෙස නමක් දැරූ තැනැත්තියක්.

ඇය ජාතික සම්මානයක් ෆිල්ම්ෆෙයාර් සම්මාන සහ ස්ක්‍රීන් සම්මාන ද්විත්වයක්ද ජයග්‍රහණය කර තිබෙනවා.

"මගේ පියා ප්‍රංශයේ සිට ඉන්දියාවට පැමිණි වෙලාවක ඔහුට මගේ මව මුණගැසී තිබෙනවා, පසුව ඔවුන් විවාහ වී පවුලක් ලෙස පොන්ඩිචෙරිවල ජීවිතය ඇරඹුවා.

"මට හරිම අපූරු ලමාවියක් තිබුණා, පොඩි කාලේ නම් මම #සුදුයි කියලා මට වෙනසක් දැනුනේ නෑ . ඒ නිසා ඉන්දියාවට පිටස්තර හැගීමක් මට ආවේ නෑ. ඒත් මම යොවුන් වියට පැමිණීම එක්ක මුහුණ දීමට වූ සිදුවීම් මට මගේ හමේ පැහැයේ වෙනස තේරුම්කර දුන්නා. මම කුඩා කාලේ යාලුවෝ එක්ක මුහුදුවෙරලට ගියාම මිනිස්සු මං ලගට එනවා. ඒ එන්නේ මං ලග මත්ද්‍රව්‍ය තියනවද අහන්න. මේ සිදුවීම් එක්ක මම වෙනස්! ඒ නිසා මිනිස්සු මට අඩම්තේට්ටම් කරයි කියන හැගීමත් මගේ යටිහිතේ ඇතිවෙන්න ගත්තා "

 

poses for a portrait during the 2014 Toronto International Film Festival on September 9, 2014 in Toronto, Ontario.

"මම යොවුන් වියේ ඉන්න කොට මගේ සමේ පැහැය ගැන තිබ්බේ අයහපත් හැගීමක්, දන්ත බැදුම් එක්ක මගේ පෙනුම මහ අමුතු එකක් වුණා, ඒ වගේම මගේ තිබුණේ ටොම්බෝයි කෙනෙකුගේ හැසිරීමක් "

කල්කි ඌටි වල අධ්‍යාපනය හැදෑරුවත් පසුව කලාවට ඇති ආශාව සහ දෙමාපියන්ගේ පෙලඹවීම සමග රංගනවේදය හැදෑරීමට ලන්ඩන් සරසවියට ඇය ඇතුල්වුණා. එහිදී වේටර්වරියක් ලෙස සේවය කරමින් ඇය රංගනයද හදාරා තිබෙනවා, පසු එහි රංගනසමාජයකට එකතු වී කෙටි කලක් විවිධ වේදිකා නාට්‍ය රංගනයේද නිරත වී තිබෙනවා.

පසුව ඇය මුම්බායි නගරයට එන්නේ බොලිවුඩයට සම්බන්ද වීමේ සිහිනයක් සමගයි, එහිදී ඇයට කුඩා දැන්වීම් කීපයකට පෙනී සිටීමට අවස්ථාව ලැබෙනවා.

"මම දිගටම සිනමාපට තිරපරීක්ශණවලට සහභාගී වුණා. යන සෑම තැනකම අමතර ඇඳුම් යුගලයක් රැගෙන ගියා, නමුත් මගේ උත්සාහය දුෂ්කර එකක් වුණා. බොහෝ ප්‍රතික්ෂේප කිරීම් අසංඛ්‍යාත උත්සාහයන් අවසානයේදී මගේ පළමු භූමිකාව Dev. D හිමිවුණා!

 

කල්කි 6

2009 වසරේ තිරගත වූ අපූරු සිනමාපටයක් වූ Dev. D හී චන්ද්‍රමුඛීගේ චරිතය ඇයට ලැබෙන්නේ ඇගේ රංගන දිවියේ සංදිස්තානයක් සටහන් කරමිනුයි.

ඒ වෙනුවෙන් ඇය හින්දි භාශාව හැසිරවීම ප්‍රගුණ කිරීමට යොමුවෙනවා. කෙසේ නමුත් එම චරිතය ප්‍රේක්ශකයා කෙසේ බාර ගනීවිද ,ඇයව කෙසේ විනිශ්චය කරාවිද යන්න ගැන ඇය බියෙන් පසූ වූ බව පසුව ඇය සදහන් කලා.

"මම දැන් හින්දි දන්නවා, මට හින්දි කියවන්න ලියන්න පුලුවන්, නමුත් ගැටලුව මම හින්දි භාශාව කතාකරමින් රගපාන එක දියුණු කරගන්න බැරි වීම , මම රගපාද්දී මම හිතන්නේ ඉංග්‍රීසියෙන්, ඒ වචන හැගීම් හින්දියට හිතෙන් පරිවර්තනය කරන් ‍රගපාද්දී මම කතාබහ කරන වේගය අඩුවෙනවා. "

මේ චරිතය වෙනුවෙන් ඇය හොඳම සහය නිලිය ලෙස ෆිල්ම්ෆෙයාර් සම්මාන දිනාගන්නවා.

කෙසේ නමුත් ඉන් පසුවත් ඇයට සිනමාපට එක දිගට හිමිවූණේ නම් නෑ .

" අවුරුදු 2 ක් තිස්සේ මට කිසිදු ආදයමක් තිබුණේ නෑ". නමුත් මම උත්සාහය අත්හැරියේ නැහැ, මම මගේම නාට්‍ය ලියන්න පටන් ගත්තා ලැබෙන කුඩා අවස්ථාවල රඟපෑමත් දිගටම කරගෙන ගියා . අවසානයේ 2011 මට වාසනාවන්ත වසරක් වුණා .එම වසරේ මගේ සිනමාපට 4 ක් නිකුත් වුණා!

Zindagi Na Milegi Dobara (2011) සහ Yeh Jawaani Hai Deewani (2013) වැනි සිනමාපට වෙනුවෙන් ඇය හොදම සහය නිලිය ලෙස ෆිල්ම්ෆෙයාර් නිර්දේශ නාමයෝජනා ලැබුවා. Ek Thi Daayan (2013) , Gully Boy , 2020Paava Kadhaigal ඇය රංගනයේ යෙදුණ සිනමාපට කීපයක්.

 

"නිලියක් විදියට මම මේ වෘතියට හොද මදි මගේ පෙනුම මදී වගේ දේවල් හිතමින් නින්දක් නැතුව ගෙවූ රාත්‍රීන් තිබුණා. ඒත් අන්තිමට ඒ හැමදේම රඳාපවතින්නේ ඔබේ ගතිගුණ සහ ආකල්ප මත, අනිත් අය ඔබ ගැන හිතන විදිය ගැන වදවීම අනවශ්‍යයි, කණ්නාඩිය ඉස්සරහ නතරවෙලා තමන් දිහා බලාගෙන තමන්ව විනිශ්චය කරන එක ඔබ නතර කරන්න ඕනේ, ඒ වෙනුවට කණ්නාඩිය ඉස්සරහට ගිහින් පොඩ්ඩක් හිනාවෙලා යන්න"

කල්කි 5

 

ඇය නිදහස් සිනමාපට වලට සම්බන්ධවීම බොහෝ දෙනෙක්ගේ ඇගයීමට භාජනය වුණා. Waiting (2015) , Ribbon (2017). ඉන් කීපයක්,

Margarita with a Straw (2014) හී ඇය කල විශිෂ්ඨ රංගනය හේතුවෙන් එම වසරේ ජාතික සම්මානය ඇය විසින් හිමිකරගනු ලබනවා.

පසු කාලීනව ඇය සාර්ථක වෙබ් සීරීස් කීපයකටත් දායක වුණා Made in Heaven , Sacred Games (both 2019) ඉන් ප්‍රධානයි.

2011 වසරේ දේව්-D අධ්‍යක්ශක අනුරාග් කාශ්‍යප් සමග කල්කි යුගදිවියට එළැඹුණා,

"මම විවාහ වුණාට පස්සේ මට මිනිස්සු ආරාධනා කලේ අනුරාග්ට ආරාධනා කරන විශේෂ අවස්ථාවලට විතරයි. එහිදී මිනිස්සු මාව හැදින්වූයේ "අනුරාග්ගේ බිරිඳ " විදියටයි .කවුරුවත් මට " කල්කි " නැත්නම් අනුරාග්ට "කල්කිගේ සැමියා "කියලා කිව්වේ නෑ" අනුරාග් සමග විවාහ වීම කල්කිට ඇයගේ අනන්‍යතාව අහිමිවී ගිය සමයක් ලෙසයි ඇය සඳහන් කරන්නේ.

 

NEW DELHI, INDIA - MAY 27: Bollywood actors Deepika Padukone with Kalki Koechlin during promotion of upcoming film Yeh Jawani Hai Deewani at HT House on May 27, 2013 in New Delhi, India. Upcoming 2013 Bollywood romantic film, directed by Ayan Mukerji and produced by Karan Johar is scheduled for released on May 31, 2013.(Photo by Waseem Gashroo/Hindustan Times via Getty Images)

"අප ජීවත් වන්නේ පුරුෂමූලික සමාජයකයි , ඒ නිසා #ස්ත්‍රීවාදය(feminism ) කියන වචනය යෙදෙන්නේ පුරුෂාධිපත්‍යයට (patriarchal) ප්‍රතිවිරුද්ධ අර්ථයක් විදියට පමණයි. නමුත් ස්ත්‍රීවාදය යනු සමාන වීමයි. එයට භාවිතා කරන සමාන වචනය 'සමානාත්මතාවය' විය යුතුය. ලොව සියලු මිනිසුන් කාන්තා හෝ පුරුෂභාවය නොතකා මානුෂීයව සමාන වන අතර ඔවුන් අතර එකිනෙකාට ගරු කිරීම තිබිය යුතුය "

කල්කි එහෙම කියනවා.

කෙසේ නමුත් අනුරාග් -කල්කි විවාහය 2013 සිට දෙදරා යෑම ඇරඹුවත් විවිධ උපදේශ සේවා වලට සහභාගී වෙමින් එම විවාහය රැකගැනීමට ඔවුන් උත්සාහ දරනවා. ඒ සියල්ල ව්‍යර්ත වෙමින් 2015 දී එම විවාහය දික්කසාදයකින් කෙලවර වුණා.

“සමාජ සම්මතයක් තියනවා. තිහට කලින් කාන්තාවක් විවාහ වියයුතුයි කියලා.

මම ඒක කලා. ඒත් මගේ විවාහය සාර්ථක වුණේ නෑ. 30 ගෙවෙන්න කලින් මම දික්කසාද වෙලත් ඉවරයි”

"ජීවන අරගලය කවදාවත් අවසන් වෙන්නේ නෑ. මගේ හිටපු ස්වාමිපුරුෂයා සහ මම වෙන් වූ විට මට කටකතා බොහෝමයකට මුහුණ දෙන්න සිදුවුණා. මම පිරිමි කෙනෙක් සමඟ පිටතට යන සෑම අවස්ථාවකම මාධ්‍ය සිතුවේ මම සහ ඒ පුද්ගලයා අතර පෙම් සබඳතාවක් තිබෙන බවයි.  ඒ කාලය තුල මාධ්‍යවේදීන් නිතරම මගෙන් ඇහුවේ එකම ප්‍රශ්න කීපයක් "ජීවිතය කොහොමද? දික්කසාදය එක්ක මගේ වෘත්තිය හසුරව ගන්නේ කොහොමද? වගේ ප්‍රශ්න ඒ අතර තිබුණා. අසල්වැසියන් පවා මගේ දෙමාපියන්ගෙන් ඇහුවේ එහෙම ප්‍රශ්න. නමුත් මම ඒ සියල්ල නොසලකා හැරීමට තීරණය කළා”

 

කල්කි 4

පසුව ඇය ඊශ්‍රායල් සංගීතවේදියකු සමග ප්‍රේමසම්බන්ධතාවක් පවත්වනවා . ඒ සම්බන්ධයෙන් 2020 වසරේ ඇය දියණියකට උපත දෙනවා.

මේ වෙද්දී ඇය සමාජක්‍රියාකාරිණියක් ලෙසත් කටයුතු කරනවා. සෞඛ්‍ය , අධ්‍යාපනය , කාන්තාවන් සවිබල ගැන්වීම සහ සමානත්මතාව රකින වැඩසටහන් ඉන් ප්‍රමුඛයි.

"අපිව සැබෑම මනුෂ්‍යයන් කරන්නේ මරණයේ පැවැත්ම විසිනුයි. මරණය තමයි අපිට අපේ ජීවිතවල වටිනාකම කියලා දෙන්නේ. ජීවන අත්දැකීම් එක්ක මම ඉගෙන ගත්තා ජීවන අරගලය අඛණ්ඩව සිදුවන දෙයක් බව. ජීවිතේ ඕනම අවස්ථාවක ප්‍රශ්න වලට මුහුණ දෙන්න අපිට සිදුවෙන්න පුලුවන්, නමුත් ජීවිතය ඉදිරියට යායුතුයි. ඇතැම්විට ඔබට සිතේවි භයානක දෙයක් සිදු වූ නිසා එය ලෝකයේ අවසානය බව”

නමුත් ....

ඔබට එය සමඟ ගණුදෙණු කිරීමට ශක්තිය ඇති බව ඔබ දැන සිටිය යුතුයි. සියලු ප්‍රශ්න අවසන් වේවී, උදාවෙන හෙට සුභ දිනයක් වේවී!

නමුත් ප්‍රශ්න ඔස්සේ ගමන් කිරීම තුලින් ඔබට ඉගනගත හැකි දේ පුදුම සහගතයි! ඉතිං ඒ හැමදේම අමතක කරලා ,

එතනින් ජීවිතය නැවත ආරම්භ කරන්න!

ඇය කියනවා.

ඉන්දියාවේ ඉපදී හැදී වැඩුණත් අතිශය සුදු සමක් තිබීම ඇයට තිබූ විශාලම වෘත්තීය ගැටලුවයි,

ඇගේ පෙනුම එක්ක ඇයට දිගින් දිගට " #බටහිරපන්නයේ හැසිරීම්, සුදු සමක් ඇති  ඒකාකෘති චරිත තමයි ලැබුණේ..

නමුත් ඇය නිදහස් සිනමාපට ඔස්සේ එයින් ඔබ්බට ගොස් ඇගේ හැකියාව ප්‍රේක්ෂකාගාරයට පෙන්වීමට සමත් වූණා.

 

කල්කි 2

“ගොඩක් අවස්ථාවල මාධ්‍ය, මිනිස්සු මගෙන් විමසන ප්‍රධාන ප්‍රශ්නය මගේ ජාතිකත්වයයි

ඒ වෙලාවට මම මටම කියාගන්නවා..

මගේ හම සුදුයි,

ඒත් මගේ හදවත දුඹුරුයි”

#පසුසටහන

ඕනෑම වෘත්තියක සාර්ථක මිනිසුන්ගේ ජීවන කතාන්තර කියන්නේ ඊළග පරපුරට ඉහලම ආදර්ශ සහ උත්තේජ සපයන යමක්. ඒ අරමුණෙන් ඔවුන්ගෙන් අපට ගතහැකි ආදර්ශ , ඕපාදූප, උපකල්පන වලින් බැහැරව විනිශ්චයකින් තොරව, ඔවුන්ම විවිධ අවස්තාවල කල ප්‍රකාශ එක්කොට මෙම සටහන නිර්මාණය කරන ලදි.

 

@ ස්වර්ණලේඛා සෙව්වන්දි