SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමලිංගිකත්වය යනු මානව ශිෂ්ටාචාරය පුරා පැවති ජීව විද්‍යාත්මක වූ චර්යාවකි. සමලිංගිකත්වය ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාරවල දී අස්වාභාවික චර්යාවක් ලෙස සැලකුනේ නැත​.

ග්‍රීක ඉතිහාසඥයෙකු වන හිරොඩෝටස් ග්‍රීක සමාජයේ පැවති සමරිසි චාරිත්‍ර ගැන ලියා තිබේ. ආදි අප්‍රිකානු සහ උතුරු ඇමරිකානු ස්වදේශිය ජන සමාජ වල සමලිංගිකත්වයට තහංචි නොවීය​. රතු ඉන්දියානුවන් අතර සමකාමීන් හඳුන්වන ලද්දේ ද්විත්ව ආත්මයක් ඇති (Two-spirited ) තැනැත්තන් ලෙසටය. ​පිතෘ මූලික සමාජයක් වූ රෝම සමාජයේද සමරිසි බව පිළිගෙන තිබුණි. රෝම කවියෙකු වූ වර්ජිල් සමරිසියන් අතර තිබූ ආදරය පිලිබඳ කවි ලියුවේය.

රෝම ශිෂ්ටාචාරය බිඳ වැටීමෙන් පසුව නැගී ගෙන ආ නව ආගමික ප්‍රවනතා සම ලිංගිකත්වය ප්‍රතික්ශේප කරන ලදි. ආදි ක්‍රිස්තියානි දේශකයෙකු වූ ටර්ටූලියන් ( කි.ව 155-ක්‍රි.ව 240) සමලිංගිකත්වය අස්වාභාවික සහ දුරාචාර ක්‍රියාවක් බව දේශනා කලේය​. බයිබලයේ සඳහන් වන පරිදි දෙවියන් වහන්සේ විසින් සොඩාම් සහ ගොමෝරා නගර දෙක විනාශ කර දමන්නේ ඔවුන් සමලිංගිකත්වය පරිචාරය කල බැවිනි.

homo 6

ඉස්ලාම් දහමට අනුව සමලිංගිකත්වය පාපයකි.ඒ සඳහා දඞුවම් කල යුතුය​. ඉස්ලාමික ශරියා නීතියට අනුව සමලිංගික සේවනය සඳහා හිස ගසාදැමීමෙන් හෝ ගල්ගැසීමෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කරනු ලැබේ. යුදෙව් ටෝ‍රා ග්‍රන්ථයේද සමලිංගිකත්වය ප්‍රතික්ශේප කරයි. ආගමික මති මතාන්තර නිසා බොහෝ සමාජ වල සමරිසියන් කෙරෙහි වෛරයක් මෙන්ම විරෝධයක් මතු විය.

13 වන සියවසේදී ක්‍රිස්තියානි ශාස්ත්‍රඥයෙකු වූ තෝමස් ඇක්වයිනාස් සම ලිංගිකතාව ස්වභාව ධර්මයට එදිරිව යන අස්වාභාවික ක්‍රියාවක් ලෙස දේශනා කලේය. මධ්‍යතන යුගයේ යුරෝපයේ ක්‍රිස්තියානි පල්ලිය විසින් සමරිසියන් ඝාතනය කිරීමට අනුබල දෙන ලදි. ස්පාඤ්ඤ සංවික්‍ෂණ සමයේදී (Spanish Inquisition ) සමරිසියන් ලෙස සැක කල ගැහැනුන් සහ මිනිසුන් සාතන් ගේ දරුවන් ලෙස පරිභවයට පත් කොට පණ පිටින් පුළුස්සා මරා දමන ලදි.

එංගලන්තයේ වික්ටෝ‍රියානු සමාජය තුල සමලිංගිකත්වයට නෛතික තහනමක් තිබූ අතර සමලිංගික චෝදනා ලද සාහිත්‍යධර ඔස්කා වයිල්ඩ් සිරගෙට නියම විය​.

homo 5

මෙවන් තත්ත්වයක් තුළ "The Miseducation of Cameron Post(2018) " චිත්‍රපටය තුළ කතා කරනුයේ "කැමරන්" නම් තරුණවියේ පසුවන සමරිසි යුවතියක් පිළිබඳව ය. ඇගේ මංගල විවාහෝත්සවය අතරතුර හොර රහසේම තමාගේ සමරිසි මිතුරිය සමඟ ලිංගික සබඳතාව පවත්වනු දුටු කැමරන්ගේ පෙම්වතා එය හෙළිදරව් කිරීමත් සමඟ ඈ විශාල වියවුලකට පත් වෙයි. සිනමාපටයේ කතාන්දරය ඇරඹෙනුයේ ඉන් අනතුරුව ය.

ඉන්පසුව කැමරන්ගේ භාරකාර නැන්දනිය වන රූත් විසින් ඈව නේවාසිකව පවත්වාගෙන යන ක්‍රිස්තියානි ආගමානුකූල ලිංගික වෙනස්වීම් සුව කරන ස්ථානයක ඈව නවත්වයි. එය යම්කිසි විදියකට පුනරුත්තාපන මධ්‍යස්ථානක් විදියට හැඳින්වුවාට වරදක් නැත. නමුත් චිත්‍රපටයට අනුව ක්‍රිස්තියානි ආගමානුකූලව බයිබලයේ නාමයෙන් සමලිංගිකව හැසිරීම අධික පවක්වනුයේ කෙසේද? සිනමාපටය ප්‍රේක්ෂකයාගෙන් විමසන ගැටලුව එයයි.

homo 4

කැමරන් ඇතුළු ඇගේ යහළු යෙහෙළියන් සියල්ලෝම මෙම ගැටයට සිරගත වෙයි. ඔවුන් අත්විඳින ලිංගික නිදහස තදින්ම මෙම ආගමේ නාමයෙන් කරනු ලබන දුර්මත හරහා ආතතියකට හසු වෙයි. අවසානයේ කැමරන්ගේ යහළුවෙක් සියදිවි නසාගන්නා තත්ත්වයට පවා ඇද වැටෙයි. සැබැවින්ම මේ චිත්‍රපටය කියනා ආකාරයෙන් බයිබලයට අනුව සමලිංගික ඇසුර පැවතීම වැරදිද?

බයිබලය සමලිංගිකත්වය පිළිබඳ දරන්නේ මෙවන් තත්ත්වයක්. "ලිංගික සම්බන්ධකම් පවත්වන්න දෙවියන් අවසර දීලා තියෙන්නේ විවාහ වෙලා ඉන්න ස්වාමිපුරුෂයාට හා භාර්යාවට විතරයි. (උත්පත්ති 1:27, 28; ලෙවී කතාව 18:22; හිතෝපදේශ 5:18, 19). ඒ ඇරෙන්න සමලිංගික සම්බන්ධකම් සහ විවාහයෙන් පිට ලිංගික සම්බන්ධකම් පවත්වන එක දෙවියන් හෙළාදකිනවා කියලා බයිබලේ කියනවා. (1 කොරින්ති 6:18) එවැනි ලිංගික ක්‍රියාවලට මුඛය හා ගුද මාර්ගය ලිංගික ක්‍රියාවන් සඳහා යොදාගන්න එකත් ලිංගික ආශාවන් තෘප්තිමත් කරගන්න එකිනෙකාගේ ලිංගික අවයව අත පත ගාන එකත් ඇතුළත්.

 

homo 2

සමලිංගික ඇසුර බයිබලේ හෙළා දැක්කත් ඒ වගේ පුද්ගලයන්ව පහත් කරලා සලකන්න කියලා බයිබලේ කිසිම තැනක කියලා නැහැ. ඒ වෙනුවට යේසුස්ගේ අනුගාමිකයන්ට දිරිගන්නලා තියෙන්නේ “සෑම තරාතිරමකම සිටින මිනිසුන්ට ගෞරව කරන්න” කියලයි.—1 පේතෘස් 2:17." නමුත් සියළු අයෙක් ම තේරුම්ගත යුතු දෙයක් තිබේ. සමලිංගික සබඳතාව කිසිදු පාපයක් සිදු නොවන්නක් යන වග. අනෙකාගේ ලිංගික රුචිකත්වය බලහත්කාරී ලෙස ආගමානුකූල ප්‍රතිකාර මඟින් වෙනස් කිරීම මුග්ධ ක්‍රියාවකි.

සමලිංගිකයන් විෂමලිංගිකයන් කිරීම මුග්ධ ක්‍රියාදාමයක් සේම අවඥාවට ලක්වන ක්‍රියාදාමක් බව The Miseducation of Cameron Post" සිනමාපටය පුරාවටම සාකචිඡා කරයි. සමලිංගිකබව යනු හුදෙක් රෝගී තත්ත්වයක් නොව, අවඥාවට ලක් කළ යුතු හැසිරීමක් නොවේ. එය ජීවවිද්‍යාත්මක තත්ත්වයකි. ආගමට වඩා විද්‍යාව ඉදිරියෙන් සිටිති. ලිංගික දිශානතිය (Sexual Orientation) සහ සමලිංගිකතාව පිළිබඳ බොහෝ මත තිබේ. සමලිංගිකත්වය සඳහා ජාන , හෝමෝන සහ පරිසර සාධක බලපවත්වන බව පෙනී යයි. සත්ව ලෝකයේද සමකාමීත්වය වාර්තා වී ඇත. සමකාමීන් හෙවත් එල්.ජී.බී.ටී ප්‍රජාව (lesbian, gay, bisexual or transgender -LGBT) නොහොත් සමලිංගික, ද්වි ලිංගික සහ ලිංග විපර්‍යාසිකයන් කෙරෙහි වර්තමානයේ බොහෝ සමාජ දක්වන්නේ එදිරිවාදී බවකි.

homo 3 

ඉරානයේ සෞදි අරාබියේ , යේමනයේ සමලිංගිකයන් මරණ දඞුවමට යටත් වෙති. එසේම උගන්ඩාව නයිජීරියාව, රුසියාව ඇතුළු රටවල් 77 තුල (ශ්‍රී ලංකාවද ඇතුළුව​) සමරිසියන්ට එරෙහිව නීති පනවා තිබේ. සමරිසියන් කෙරෙහි දක්වන බිය සහ එදිරිවාදී බව හෝමෝෆෝබියාව (Homophobia) ලෙස හැඳින්වේ. ඇතැම් විට යම් පුද්ගලයෙකුට අවිඥානිකව මතු වන සමකාමී ආශයන් නිසා ඔහු හෝ ඇය සමකාමීන් කෙරෙහි වෛරයක් අනුගත කල හැකි බව විද්වතුන් පවසති. උදාහරණයක් ලෙස ඇඩොල්ෆ් හිට්ලර් තුල අවිඥානිකව සමකාමී ආශයන් මතුවූ අතර ඔහු එය යටපත් කිරීමට මහත් වෙහෙසක් දැරීය​. මෙම අවිඥානික සමකාමී ආශය නිසා ඔහු සමලිංගිකයන් ගෑස් කාමර වෙත යැවීය.

ඇමරිකානු මනෝ විද්‍යාඥයෙකු වන හෙන්රි මරේ ඇඩොල්ෆ් හිට්ලර් තුල පැවති පරපීඩාකාමී අවිඥානික සමකාමී ආශය පිළිබඳව සඳහන් කොට ඇත.​ තවද ඇමරිකාවේ සමකාමී පුද්ගලයන් දඩයම් කල එෆ්.බී.අයි ආයතනයේ එඩ්ගා හූවර් ද රහසිගත සමලිංගිකයෙකු විය​. මතුපිටින් ඔහු සමකාමීන් කෙරෙහි දැඩි විරෝධයක් දැක්වීය​.

මානව හිමිකම් පාර්ශවයෙන් සහ මානවවාදී ලෙසින් සළකා බලන විට වැඩිහිටියන් දෙදෙනකු ස්වකැමැත්තෙන් කිසියම් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වන්නේ නම් සංස්කෘතිය හෝ සදාචාරාත්මක හේතු පදනම් කරගනිමින් ඔවුන්ව පීඩාවට පත් නොකල යුතු ය. මන්ද එය ලිංගික නිදහස බැවිනි. එය රෝගයක් නොවේ. එය ස්වාභාවික පැවැත්මකි.

 

homo 7

කෙසේ නමුත් පුද්ගලයකුගේ ලිංගික දිශානතිය සහ ලිංගික අනන්‍යතාවය මත ප්‍රචණ්ඩත්වය, හිංසා කිරීම, විවේචනය, බැහැරකිරීම, ගර්භාවට පත්කිරීම මානුශිකවාදී ද කියා සිතීමේ කාලය එලැඹී තිබේ. සිනමාව යනු අත්‍යන්තයෙන්ම ජීවිතය දෙස එබී බලන කවුළුවකි. ආගමේ නාමයෙන් හෝ වේවා, කිසියම් හුදු ලියැවිල්ලක් නාමයෙන් ඒ මත උදුම්මාගෙන සිටිනවා නම්, සමලිංගිකත්වය දෙස වපරැසින් බලන්නට තවමත් පෙළඹ සිටිනවා නම් වහාම "The Miseducation of Cameron Post"නරඹන්න යැයි ඉල්ලා සිටිනවා. (තොරතුරු උපුටා ගැනීම අන්තර්ජාලයේ පළ වු ලිපි ආශ්‍රයෙනි)

 

@ මලින්ත විතානගේ