SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉතාලි ජාතික චිත්‍ර ශිල්පී ලියනාඩෝ ඩාවින්චි විසින් නිර්මාණය කරන ලද මෝනාලීසා චිත්‍රය ලෝකයේ ඉතාම ජනප්‍රිය තෙල් සායම් චිත්‍ර වලින් එකකි.

සෙන්ටිමීටර 77 x 53 ප්‍රමාණයේ පොප්ලර් දැව පුවරුවක් මත සිතුවම් කර ඇති එය දැනට ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තබා ඇත. මෙයට ලැබී ඇති ප්‍රසිද්ධිය නිසාම මෙම චිත්‍රය පිළිබඳ විවිධාකාරයේ පසුබිම් කථා නිර්මාණය වී ඇත. සමාජ මාධ්‍යය වලද, සමහර පුවත්පත් වලද මෙම කතා ප්‍රචාරය වන ආකාරය අපට දැකගත හැකිය. සැබැවින්ම මෙම චිත්‍රය සඳහා මෙතරම් අසාමාන්‍ය ප්‍රසිද්ධියක් ලැබී ඇත්තේ ඇයි? මෙය මෙවැනි උදාහරණයක් මඟින් පැහැදිලි කරගත හැකිය.

 

monalisa kelani 6

නව කැලණි විහාරයේ සිතුවම් නිර්මාණය කර ඇත්තේ සොයිලියස් මෙන්දිස් චිත්‍ර ශිල්පියා විසිනි. කැලණි විහාරයේ චිත්‍ර හැරුණු විට ඔහු තවත් විහාරස්ථාන කිහිපයකම චිත්‍ර නිර්මාණය කර ඇත. සමස්ථයක් ලෙස ඔහුගේ සියලුම නිර්මාණයන් ගොඩනැගී ඇත්තේ බුද්ධ චරිතය සහ බුදු දහම ආශ්‍රිතව වේ. එම සියලුම නිර්මාණයන් හමුවන්නේ බෞද්ධ විහාරස්ථාන වල බිතු සිතුවන් ආකෘතියෙනි.

හදිසියේම, ඔහුගේ පවුලේ සාමාජිකයෙකු හෝ චිත්‍ර එකතු කරන්නෙකු සතුව මෙතෙක් කාලයක් තිබූ 'සොයිලියස් මෙන්දිස් විසින් කැන්වසයක් මත තෙල් සායමින් අඳින ලද තරුණියකගේ ආලේඛ්‍ය සිතුවමක්' ප්‍රසිද්ධියට පත්වී යැයි උපකල්පනය කරන්න. එයට ලැබෙන ප්‍රසිද්ධිය කෙබඳු විය හැකිද? එම චිත්‍රයේ කලාත්මක ලක්ෂණ, එහි ඉතිහාසය, එහි සිටින තරුණිය කවුද යන වග පිළිබඳව සමාජය තුළ ගොඩනැගෙන උපකල්පන කෙබඳු වනු ඇතිද?

 

monalisa 8

සොයිලියස් මෙන්දිස් නම් චිත්‍ර ශිල්පියා සමාජය තුළ ස්ථාපිත වී ඇත්තේ විහාර සිතුවම් නිර්මාණය කළ චිත්‍ර ශිල්පියෙක් ලෙස ය. ඔහු එම ආකෘතියන් පරිබාහිර නිර්මාණයක් කළහොත් එයට සුවිශේෂී අවධානයක් සමාජය තුළ ගොඩනැගේ. මොනාලීසා චිත්‍රයට ලැබී ඇත්තේද එබඳු ප්‍රසිද්ධියකි.

යුරෝපයේ පුනරුද යුගය යනු විශාල සමාජ පෙරළියකි. දේශපාලනය, දර්ශනය, ආගම මෙන්ම කලාවද එම පෙරළියට නතු විය. බයිබලය සහ ආගම ආශ්‍රිත කථා ඇසුරෙන් පල්ලියෙහි බිත්ති මත චිත්‍ර නිර්මාණය කළ, ඩාවින්චි ඇතුළු යුරෝපීය චිත්‍ර ශිල්පීන් ඉන් පරිබාහිරව ලෞකික ජීවිතයට සම්බන්ධ චිත්‍ර නිර්මාණයට පෙළඹෙන්නේ පුනරුද යුගයේදීය.

 

monalisa 3

මොනාලීසා යනු එම පෙරළියේ එක් සළකුණකි. වර්තමානයේ සිට, කලා ඉතිහාසයෙන් වියුක්තව බැලුවහොත් මොනාලීසා චිත්‍රයට මෙතරම් ජනප්‍රියත්වයක් ලැබී ඇත්තේ කුමන කරුණක් නිසාදැයි අපට සිතාගැනීමට අපහසු වේ. එය ඉතාම විශිෂ්ට කලාත්මක ලක්ෂණ වලින් යුත් චිත්‍රයකි. නමුත් පුනරුද යුගයෙන් පසුව නිර්මාණය වූ අනෙකුත් ආලේඛ්‍ය සිතුවම් හා සැසඳීමේදී මොනාලිසා චිත්‍රය සතු කලාත්මක ලක්ෂණ වලින් යුත් තවත් චිත්‍ර බොහෝමයක් අපට දැකගත හැකිය.

monalisa 9

මොනාලීසා සම්බන්ධ විවිධ කථා ගොඩනැගී ඇත්තේ එහි කලා ඉතිහාසයට අයත් සන්දර්භයෙන් වියුක්තව එහි කලාත්මක ලක්ෂණ තුළ පමණක් සුවිශේෂීයත්වයක් සෙවීමට යාමේදී ය. ලීසාගේ සිනහව, බැල්ම, පසුබිමෙන් පෙනෙන භූමි දර්ශනය ආදිය නිසා මෙම සුවිශේෂීයත්වය ගොඩනැගී ඇතැයි අපට සිතේ.

නමුත් මොනාලිසා සතු සැබෑම සුවිශේෂීයත්වය වන්නේ

එහි ඉතිහාසය හා බැඳුනු දෘෂ්ඨිවාදයන් ය.

 

@ දිනිත් සුමනසේකර

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි