SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කතකලි නර්ථන ශිල්පිනියක් වන වාසුකී රූමත් එක්දරු මවක් වන අතර ඇගේ සැමියා ලුවිස් දික්කසාද නීතිඥයෙක් සහ රූපවාහිනි නාලිකාවක ජනප්‍රිය වැඩසටහන් මෙහෙයවන්නෙක්ද වනවා.

වාසුකි සහ ලුවිස් විවාහයෙන් පසුව වෙනම නිවසක ජීවත් වන්නේ විවාහයට ලුවිස්ගේ නිවසින් පලවූ අකමැත්ත නිසාවෙන්මයි.

 

දිනක් , මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ, ඉංජිනේරු ශිෂ්‍යයන් වූ අසල්වැසි තරුණයන් දෙදෙනෙක් විසින් වාසුකීව දූශණයට ලක් කරන්නේ එම නිවාස සංකීර්ණයේ ඇඳුම් මැදීමට පැමිණෙන පුද්ගලයාගේ සහය ද ඇතිවයි. මෙම සිදුවීමෙන් පසුව අධික කම්පනයට පත්වන වාසුකීගේ හැසිරීමේ සහ සාමාන්‍ය ජීවිතයේ වෙනස්කම් බොහොමයක් සිදුවෙනවා.

 

vasuki 1

තමාගේ සහෝදරයන් ලෙස සැලකූ අසල්වැසි තරුණයන් අතින් තමාට මෙම අපරාධය සිදුවීම ඇයට දරාගත නොහැකි වෙනවා. සියදිවි නසාගැනීමට පවා සිතන වාසුකී අවසානයේදී තමා ජීවත් විය යුතු බවත් තමාට මේ අපරාධය සිදු කල අය අනිවාර්යයෙන්ම දඬුවම් විඳිය යුතු බවත් තීරණය කරනවා.

පසු දිනක වාසුකි සහභාගි වන කථකලි ප්‍රසංගයකින් පසුව නව පොලිස් කොමසාරිස්වරියක් ලෙස එම ප්‍රදේශයට පැමිණෙන ජීනා බායි විසින් ඇයව පැසසුමට ලක් කරනවා. වාසුකි පසුව තම සැමියාගෙ දුරකථනයෙන් ජීනාගේ අංකය ලබාගෙන ඇය හමුවේ තම අමිහිරි අත්දැකීම විස්තර කර වැරදිකරුවන්ට දඬුවම් ලබා දීමට උපකාර ඉල්ලා සිටිනවා.

දුරකථනය හරහා ලැබෙන උපදෙස් අනුව ක්‍රියාකරන වාසුකී තමාව දූශණයට ලක්කල අයට සූක්ශම ලෙස දඬුවම් ලබා දෙන අයුරු ඉන්පසු මෙම චිත්‍රපටය හරහා දිගහැරෙනවා.

 

vasuki 4

නමුත් අවසානයේදී සිදුවන්නේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවන දෙයක්.එය මෙම චිත්‍රපටය හරහා ඔබ නැරඹිය යුතුම වෙනවා.

2016 වර්ශයේ පෙබරවාරි මස දොලොස්වන දින නිකුත් වූ මෙම චිත්‍රපටයේ තිර රචනය සහ අධ්‍යක්ෂනය A K Sajan ගේය.මෙහි වාසුකීගේ චරිතයට ජනප්‍රිය නිලි නයන්තරා පණ පොවන අතර ඇය මෙම චිත්‍රපටයේ විශිෂ්ට රඟපෑම වෙනුවෙන් හොඳම නිලිය සඳහා Filmfare සම්මානයටද පාත්‍ර වනවා.

මලයලාම් භාශා , අපරාධ ගනයේ චිත්‍රපටයක් වන මෙය විනාඩි 132 ක් පුරාවටම ප්‍රේක්ෂකයා වෙත කුතුහලය නොඅඩුව ලඟා කර දෙනවා.

Geo Abraham සහ P Venugopal විසින් නිශ්පාදනය කර ඇති මෙම චිත්‍රපටය සංගීතවත් කර ඇත්තේ Gopi Sundar විසිනි.

 

vasuki 5

ගැහැණුන් විසින් තමන්ට සිදුවන අසාධාරණකම් වලදි නිහඬව නොසිටිය යුතු බවත්, තමා වෙනුවෙන් හඬ නැඟිය යුතු බවත් මේ චිත්‍රපටයෙන් මනාව ප්‍රදර්ශනය කෙරෙනවා. කෙදිනක හෝ යුක්තිය ජයගන්නා බවත් ගැහැණුන් යනු දුර්වල පිරිසක් නොවන බවත් වටහාගන්නට ඔබට මේ චිත්‍රපටය හොඳම උදාහරණයක්.

 

SmartLady.lk 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි