SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඒ.ආර්. රහමන් සහ කේමදාස මාස්ටර් සංගීතයට ආවෙ එකම කාලයක නොවුණත් ටිකක් සමාන්තරව ගමන් ගත් දෙන්නෙක්.

එතෙක් තිබුණු සාම්ප්‍රදායික සංගීතයෙන් විතැන් වෙලා වෙනම ආරක් හොයා ගත්තු දෙන්නෙක්.

හොඳම උදාහරණ තමයි ඒ කාලෙ ලංකාවෙ හැමෝම වගේ දිගටම හදපු හින්දුස්ථාන් චිත්‍රපටි සංගීත කොපි රැල්ල මැදට කේමදාස මාස්ටර් දුස්රාවක් වගේ වීසි කරපු "සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී" සින්දුව.

අනිත් පැත්තෙන් රහමන් හදපු රෝජා සහ බොම්බෙ චිත්‍රපට සංගීතය.

රහමන් ජාත්‍යන්තරය ජය ගත්තා. සංගීතය පිළිබඳ ලෝකයේ විශාලතම ස්වාධීන විද්‍යාලය වන ඇමරිකාවේ බර්ක්ලී විද්‍යාලයෙන් ගරු උපාධියක්ද පිරිනමනවා.

මේ තියෙන්නෙ බර්ක්ලී විද්‍යාලයේ ඔකෙස්ට්‍රා එකක් බොම්බෙ චිත්‍රපටයේ තේමා වාදනය ඉදිරිපත් කරන ආකාරය.

 

මේ තියෙන්නෙ ජපානයේ Fokuoka Seiryo high school ඔකෙස්ට්‍රා එක බොම්බෙ චිත්‍රපටයේ තේමා වාදනය ඉදිරිපත් කරන ආකාරය.

මේ තියෙන්නෙ එංගලන්තයේ Birmingham symphony orchestra එක රෝජා චිත්‍රපටයේ තේමා වාදනය ඉදිරිපත් කරන ආකාරය.

 

 ලෝකයේ බිහි වූ ශ්‍රේෂ්ඨ සංගීත කණ්ඩ ප්‍රතිනිර්මාණය කර වාදනය කරන ප්‍රසංග යුරෝපයේ පැවැත්වෙනවා. ඒව බලන්න මිනිස්සු ආසාවෙන් එනවා. රහමන්ට ඔවුන් ගරු කරන හැටි ආදරය කරන හැටි ඕනි තරම් බලන්න පුළුවන් YouTube එකට ගියොත්.

ඒත් කෝ අපේ කේමදාස?

මේ තියෙන්නෙ ගොළු හදවත චිත්‍රපටියේ තේමා වාදනය ජාතික රූපවාහිනියෙ සංගීත කණ්ඩායමක් ඉදිරිපත් කළ ආකාරය. පුදුමය නම් මේවායේ විශිෂ්ටත්වය ලෝකය සිසාරා අවබෝධ නොවුනේ ඇයිද යන්නයි.

 

 

මේ තියෙන්නෙ නිධානය චිත්‍රපටියේ තේමා වාදනය සුරේෂ් මාලියද්ද විසින් ප්‍රතිනිර්මාණය කළ ආකාරය.

 

මේ බඹරු ඇවිත්

 මේ හංස විලක්

 

මේ තුන්වෙනි යාමය

කේමදාස මාස්ටර් ඉන්දියාවේ හෝ යුරෝපයේ සිටියානම් ඔහු යන දුර සමහරවිට හිතා ගන්නටත් බැරි වෙයි. ඔහුගේ සංගීත කණ්ඩ ලෝකයේ ඕනෑම ශේෂ්ඨ සංගීත කණ්ඩයන් සමඟ හරි හරියට තියන්න පුළුවන් බව විවාදයෙන් තොරයි.

අපි රටක් විදියට ආයෙත් කේමදාස මාස්ටර්ව කියව ගන්න ඕනි. ඔහුගේ සංගීතය ලෝකප්‍රසිද්ධ සංගීත ශාලා තුළ වාදනය වෙන්න ඕනි.මාස්ටර් කියන්නෙ ලංකාවට විතරක් අයිති වස්තුවක් නොවෙයි. කොටින්ම පුරාවෘතයක්.

"කේමදාස මාස්ටර්ට ලංකාව පොඩි වැඩියි"

 

@ සුජාන් ද සිල්වා

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි