SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"A LOT LIKE LOVE" 'නයිජල් කෝල්' විසින් අධ්‍යක්ෂණය කරන ලද, 2005 වර්ෂයේ එළිදැක්වුණු අපූරු සිනමා කෘතියක් ලෙස 'A LOT LIKE LOVE' හදුනාගත හැකි වන්නේ.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත යුගලය ඇෂ්ටන් කචර් හා අමන්ඩා පීට් විසින් මෙහෙයවනු ලබයි.

චිත්‍රපටයේ චරිත යුගලය ඔලිවර් සහ එමීලි ය. එමීලි යනු සාමාන්‍ය ගැහැනියකි. ඇය ආදරේ සොය සොයා යන, ආදරේ නිසා විවාහ ජීවිතය තුල එක පාරක් නොව තෙවරක්ම අසාර්ථක වූ ගැහැනියක්. ඇය දගකාර කෙළිලොල් ජීවිතයකට ඇලුම් කරන්නකි. සැබෑවටම ඇය අවංක තරුණියක්. ඒ වගේමයි ඔලිවර් යනු තැන්පත් ගති තිබෙන නමුත් විනෝදකාමී ජීවිතයකට ඇලුම් කරන ආදරණීය වගේම ඉවසිලිවන්ත තරුණයෙක්. මම නම් හිතන්නෙ ඔහු වැනි තරුණයෙකුට හිත නොයන යුවතියක් නම් නොමැති තරම්. සැබවින්ම ඔහු කඩවසම් , අහිංසක චරිතයකි. ඔලිවර් සහ එමීලි මුලින්ම හමු වන්නේ ගුවන් ගමනක් අතරතුර ය. ඔලිවර්, එමීලිව මුලින්ම දකින විට එමිලී සිටින්නේ තම ප්‍රේමවන්තයා සමග ඉතාමත් කේන්තියකින් සෙනඟ මැද රන්ඩුවක පැටලෙමින් ය. පසුව දෙන්නට දෙන්න ගුවන් ගමන තුල හදුනාගන්නේ වචනයක්වත් කතා නොකර ය. එය ඔලිවර්ටත් සිතාගත නොහැකි සිදුවීමක්. එමීලී බැලූ බැල්මට සරාගී ළඳක් නොවේ. ඇය කටකාරයි වගේම කොලු චරිතයක් සේ විසේකාරයි. නමුත් ඇයට අවශ්‍යව තිබුනේ අවංක ආදරයක් පමණි.

 

lot love 5

ඔලිවර් සහ එමිලි ඕනවටත් වඩා ලං වුණ ද , ඔවුන් අතරේ ආදරයක් ඇති වීමට එමිලී ඉඩ නොදෙයි. අවුරුදු 7ක් යනතුරුම ඔවුන් හමුවෙමින් වෙන්වෙමින් කාලය ගත කරයි. ඒ අතර තුර එමීලි හට ආදරවන්තයෙක් හමුවිය. ඔවුන් එකට ජීවත් වුවද ඇය නොගැලපෙන බව පවසා ඇයව අත් හැර දමා ඔහු ගියත් එමීලි එයින් සැලුනේ නැත. ඇත්තෙන්ම ඇය ඉවසිය නොහැකි දුකක් හිත තුල තබාගෙන සිටියත් එය එලියට පෙන්වීමට නොතැබූ වාර අනන්තයි. එලෙස අතහැර ගිය පෙම්වතා තවත් කාන්තාවක් සමග පෙම්සුව විදින අයුරු දෑසින් දැක දැකත් ඇය ශක්තිමත් වූවා මිස කවදාවත් පසුතැවුනේ නැත. මේ සියලුම තැන් වලදි ඔලිවර් විටෙන් විට ඇයගේ සිත සැනසීමට ඉදිරිපත් විය. එමීලි වඩාත් දුකින් සිටින තැන්වලදී ඔලිවර් ඇයට ශක්තිය ලබා දෙයි. නමුත් ඇය ඔවුන්ගේ ආදරයට ඉඩක් තැබුවේ නැත.

 

lots

නැවතත් ඔවුන් හමු වී වෙන් වී යන්නේ ඔලිවර්ගේ ව්‍යාපාර කටයුතු සඳහායි. ඒ වෙන් වී සිටි කාලය තුල එමීලි තම යෙහෙලියකගේ හිටපු ස්වාමියෙක් සමග විවාහ ගිවිස ගැනීම සිදු විය. මම මුලින් සඳහන් කලාසේම එමීලි සැබවින්ම ආදරේ සොය සොයා ගිය වගේම ආදරේ නිසා ජීවිතේ පැරදුන, ජීවිතේ නිදහස නැතිකර ගත්ත තරුණියක්. එලෙස ඇය බෙන් නැමති තරුණයා සමග විවාහ ගිවිස ගැනීමෙන් පසුව එකට දිවි ගෙවූවද ඇයගේ හිතේ කිසිදු සතුටක් නොවීය.

 

බොරු ආදරයක් පෙන්වා ඇගේ ලගට පැමිනි පිරිමින් ඇයගේ යහන් සුවය වින්දා පමනි. එමීලි ඔවුන් සමග නිදි යහනට වැටුනේ ආදරයක් ලැබේවි යන අරමුනින් මිස පිරිමින් ආශ්‍රයට ලොල් වූ නිසා නොවේ. බෙන් සමග කාලය ගත කරන අතර තුරදී, ව්‍යාපාර කටයුතු නිම කල ඔලිවර් නැවතත් ඇයව බලාපොරොත්තුවෙන් ඇය වෙත පැමිණෙන්නේ ඇය ආසම කරන ගිටාර් වාදනයක් සහිත ගායනයකින් ඇය පුදුම කරමින්. ඇත්තෙන්ම ඔලිවර් ඇය කෙරෙහි බොහෝ සේ උනන්දුව දැක්වීය. නමුත් එලෙස ගීයකින් ලැබුනු ඇරයුම එමීලි දුක්මුසු ලෙසින් ප්‍රතික්ෂේප කරනුයේ තමන් විවාහ ගිවිස ගත් බව පවසමිනි. සැබෑ ආදරක් වුවද ඔලිවර් එය සගවා ගත්තේද ඇය හට තිබූ ආදරය නිසාවෙන්මය.

 

lot l  

කෙසේවෙතත් එමීලිද ඔලිවර්ගේ ආදරය සොයන්න පටන් ගත්තේ ඇයටත් නොදැනීමයි. ඇය කිසිසේත් ඇයගේ ජීවිතය හිර කර ගැනීමට උත්සුක නොවීය. බෙන් සමග ජීවත් වුවද, එයද නිදි යහනට පනමක් සීමා වූ බැඳීමක් විය. එහෙත් එමීලි බලාපොරොත්තු වූ ආදරය එය නොවේ. එමීලි මෙය ඉවසාගත නොහැකිම තැන බෙන්ගෙන් දික්කසාද වන්නට තීරණය ගනී. පසුව ඇය ඔහුගෙන් වෙන් වී ඔලිවර් සොයාගෙන යන්නේ ඔහුගේ විවාහ මංගල්‍යය කියා සිතමිනි. නමුත් එදින පැවතියේ ඔලිවර්ගේ එකම සහෝදරියගේ විවාහයයි. එදින එමීලි හට දැනුනේ ඇය සොයපු ජීවිතය ඇය සොයපු ආදරය ඇයට හිමි වූ අවංක සතුටම පමනි.

එමීලි වැනි කාන්තාවන් ද ඔලිවර් වැනි පිරිමින් ද අද සමාජය තුල නැතුවම නොවේ. කාන්තාවක් යනු අනෙක් හැමෝටම වැඩිය ආදරය ,කරුණාව , සෙනෙහස, ගෞරවය බලාපොරොත්තුවන කෙනෙක්. ඇය හට ඒ දේවල් නොලැබෙන විට ඒ දේවල් සොය සොයා ඇවිදිනවා. ඒ යන අතරමග ගැලපෙන නොගැලපෙන අය අතර නතර වෙනව වගේම රැවටීම්, ගැරහීම් , අසරණවීම් හමුවේ ඇය කඩා වැටෙයි. කාන්තාවක් කියන්නෙ රාමුවක් ඇතුලට කොටු වුනු චරිතයක්. ඇය මොන පිම්ම පැන්නත් රාමුවක් තුලම සිරවන්නියක්. කුඩා තරුණ කාලයේ පියාගේ රාමුව තුළත්. ආදරේ කරන කාලය තුල පෙම්වතාගේ රාමුව තුළත්. විවාහ වූ පසු ස්වාමියාගේ රාමුව තුළත් පිරිමි ආධිපත්‍යය යටතේ ඇය සිරවන්නියකි.

 

lot love 8

නමුත් මෙලෙස් සිරගත ජීවිත ගෙවන්නට සිදු වන්නේ ඔවුන්හට නිසි බැදීම් කරුවන් නොලැබූ විටයි. ආදරේ සොයාගෙන එක එක පිරිමිය ළඟ නැවති නැවති ගියාම සමාජය ඇයට කියන්නෙ බඩුවක් කියල. ඒත් ඒ තැන්වලදි ඒ ගානිව ප්‍රයෝජනයට ගත්ත පිරිමිය මහත්තයෙක්. ගෑනුත් ආස එක පිරිමියෙක් ළඟ ආදරේ විදින්න තමයි. ඒත් ගොඩක් පිරිමි දන්නෙ නෑ ඒ ආදරේ දෙන්න. කාන්තාවක් තමන්ගෙ වුවමනාවෙන් එක එක පිරිමින්ගෙ සුවය විදින්න යනව කියන මතය බිඳින්න පුලුවන් හොඳම කෘතියක් විදියට මම මේ සිනමා කෘතිය දකිනවා. එමිලී කියන චරිතය වර්තමාන සමාජයේ කාන්තාවන්ට බොහොම හොද ආද‍ර්ශයක්. මොකද කාන්තාවක් රාමු ඇතුලට හිර වෙන්න ඕනි, එහෙත් ඒ රාමුව තුල ඇයට ඇයගේ උපරිම නිදහස තිබිය යුතුයි. එමිලි ඔලිවර්ගෙන් ඉගෙන ගත්ත ජායාරූපකරණය නිසා ඇය උත්සාහවන්ත වෙනව තමන්ගෙ ඡායාරූප නිර්මාණ අලෙවි කරන්න. ඇය එලෙස ඇයගේ සැගවූණු නිර්මානශීලීත්වයක් ගොඩනගා ගන්නවා. එමීලි ආදරය නිසා පැරදුනා , ඇය බොහෝ පිරිමින්ට රැවටුනා නමුත් ඇය සැලුනෙ නෑ. කසාද බැඳපු පිරිමියව තමන්ට ගැලපෙන්නේ නෑ කියල දැනුනම ඇය කිසිම බයකින් තොරව එතනින් නිදහස් උනා. ඇය තමන්ට සුදුසු ආදරේ සොයන්න පටන් ගත්ත. ඇත්තෙන්ම ඇයට මුල වැරදුනා. නමුත් හැමදේම තේරුම් අරන් ඇය ඇගේ ජීවිතය විදින්න උත්සුක වුනා.

කාන්තාවක් උනාම වැරදුනා කියල අඩ අඩ ඉන්නෙ නැතුව වැරදි කියල දැන දැනත් වැරදි පස්සෙම යන්නෙ නැතුව නිවැරදි දේ තෝරගෙන කෙලින් තීරණ අරන් ඉස්සරහට යන්න ඕනි කියන මතය එමීලි කියන චරිතය තුලින් "A Lot Like Love" චිත්‍රපටය පුරාවටම පුළුල් වපසරියක විහිදෙනවා.

 

lot

ඒ වගේමයි ඔලිවර් චරිතය සැබවින්ම පිරිමියෙක් ලෙස ගැහැනියකට ආදරේ කරුණාව වගේම , ගැහැනියකට ගරුකළ යුතු ආකාරය ඔහුගේ චරිතය තුලින් මනාසේ පෙන්නුම් කරයි. ඔහුගේ ආදරය හරි අපූරුයි. ගැහැනුන් රවටා ඔවුන්ව බඩුවක් ගානට දාල යන මහත්වරුන්ට ඔලිවර් කියන්නෙ සැබවින්ම ආදර්ශමත් චරිතයක් . ඔහුගේ චරිතය තුලින් එමිලිට ඇයගේ ජීවිතය හදා ගන්න , ආදරය ලබාගන්න, ජීවිතය විඳින්න, මේ හැමදේටම ඔහු අවස්තාවක් ලබාදේ.

 ගැහැනියක් අසරණ කර යනවාට වඩා අසරණ වුන ගැහැනියකට හයියක් වෙන්න හැම පිරිමියෙකුටම බෑ. මෙම සිදුවීම සමාජයෙන් සමාජයට සංස්කෘතිමය වශයෙන් බොහෝ වෙනස් වුවද එයින් ගත හැකි පොදු මතයක් ලෙස මට මෙම කරුනු සිතුනද තවකෙකු හට මීට වඩා යමක් මෙයට එක් කල හැකි වේ.

ආදරය , රාගය, විරහව මේ සියල්ලෙහි පවතින සබඳතාව කදිමට හඳුනාගත හැකි චිත්‍රපටියක් ලෙස A lot like love චිත්‍රපටියක් ලෙස හඳුනාගත හැකිය. සමහරවිට මේ චිත්‍රපටය නැරඹුවහොත් ඔබට ඔබවම පෙනෙන්නට පටන් ගන්න එක නොවැළැක්විය හැකි වේවි. ඒ තරමට ප්‍රේමය, විරහවේ යථාර්ථවාදී බව පසක් කර දෙන විශිෂ්ට චිත්‍රපටයක්.

නිමේෂා ප්‍රබෝදනී

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි