SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ අහපං මිනිහෝ මාත් මේ ගෙදර හිටියෙ තමුසෙ වගේම තමයි මමත් කවදාවත් හයියෙන් හිනාවුනේ නෑ,

මාත් ආසයි අනිත් ගෑනු වගේ හයියෙන් හිනාවෙන්න. මටත් තිබුන ඔියි හීන ! මම ඒ හීන තමුසෙගෙ ඔය ගල් බොරලු කාස්ටක පපුවෙ පැල කලා. මම දන්නව කවදාවත් මට ඒවයෙ මල් දකින්න බැරි විත්තිය ඒත් මම උඹේ පපුවෙ ඒව පැලකරල වහල දැමීම මිනිහෝ ! ඉතිං මමත් මට මේ ගෙදර කිසිම හිනාවක් නෑ කියල වෙන මිනිහෙක් එක්ක බුදියගත්තම මට ඒ හිනාව එනවද ඔියි !

ට්‍රෝයි එක්සත් ජනපද කලු ජාතිකයෙකි. වෘත්තියෙන් ට්‍රක්රථවලට කුණු පටවන්නෙකි. කලින් කසාදයේ වයස 22 ක විතර පුතෙක්ද රෝස් ගෙන් ලැබුණු වයස 16 ක පුතාද සමග ඉතා දුක්බර ජීවිතයක් ගෙවන වයස 50 ක පමණ සිය වගකීම් යනු කුමක්දැයි මනාව දන්නා ගෙවී ගිය සෙරෙප්පුවක් බදු හාදයෙකි සෑම සතියකම තම පඩි පැකට්ටුව බිරිඳ අතට දෙන ජාතියේ අවංක මනුස්සයෙකි.

 

dencil 3

 

නමුත් මේ මිනිහා මොන ජාතියේ මිනිහෙක් දැයි ඔබට සිතා ගැනීමට ඔහු හා ඔහුගේ බිරිද අතර වු මේ සංවාදය මම මෙතැනින් තබමි .

‘‘ට්‍රෝයි ඔයාට ඇයි බැරි ඔයාගෙ දරුවන්ට ආදරේ පෙන්නන්න? “”

‘‘මට ඒවට වෙලාවක් නෑ රෝස්. උන් පණ පිටින් ඉන්නව ලෙඩක් දුකක් නෑ උන්ට උන්ගෙ පාරවල් කෙලින් කරන් යන්න සිද්ද වෙනව , උන් මෙතනින් එලියට බැස්සම උන්ගෙ අතින් අල්ලන් යන්න ඔයාවත් මමවත් නෑ ඒක නිසා උන්ට සිද්දවෙනව කවුද මට ආදරේ නැත්තෙ කවුද මට ආදරේ කිය කිය හොය හොයා ඉන්නවට වඩා කවුද මට හොදක් කරන්නෙ කවුද මට හොද කරන්නෙ නැත්තෙ කියන එක ගැන වද වෙන්න”

“දැන් කාලය වෙනස් ට්‍රෝයි මිනිස්සු වෙනස් ලෝකය වෙනස් “

“ඒක මම දන්නෙ නෑ ගෑණියෙ ඒත් මම එදා වගේම අදත් පිට කොන්ද නවාගෙන වැඩ කරනව සතිය අන්තිමට මම අර්තාපලුයි ඌරු තෙලුයි ගේනකන් අත් දික්කරන් උඹල දොරලග බලන් ඉන්නව ඊට පස්සෙ මගේ සාක්කු ඇදල අන්තිම සතේ වෙනකන් ඔයාට මිට මොලවනව ! ඒ දෙන්නෙ මගෙ ලේයි දාඩියයි රෝස් ! කඳුලු එතන නෑ ගෑනියෙ ! මං ළග තවත් කඳුලු නැ මම ඒව ඔක්කොම වියද් කරල ඉවරයි”

 

movie 3

 

එහෙව් ට්‍රෝයි සති දෙකකට පස්සෙ රෝස්ට මෙහෙම කියනව,

“රෝස් මට ඔයාට කියන්න දෙයක් තියෙනව, මම තාත්ත කෙනෙක් වෙන්න යන්නෙ. මම නිසා ගෑනියෙකුට ළමයෙක් හමුබවෙන්න යනව !

“ට්‍රෝයි ඔයා කවුරු වෙන්න යනව ? තාත්ත කෙනෙක් ? වෙන ගෑණියෙක් නිසා ? මේ වයසට ? තමුසෙ තමුසෙගෙ ගෑණිටද ඔියි මේ කියන්නෙ ?

“මට ඒක නතර කරන්න බෑ රෝස් ! මේ ගෙදර මට මහ පිඩාවක් වුනා! ප්‍රශ්න, ප්‍රශ්න ඒත් මම ඒ ගෑනි ලගදි හයියෙන් හිනා වුනා. ඔයා දැකල තියෙනවද මම කවදාවත් මේ ගෙදර හයියෙන් හිනාවෙනව !”

“ ඒ කියන්නෙ දැන් ඔයාට එයා ගාවට යන එක නතර කරන්නත් බෑ. අපිව ඈත් කරන්නත් බෑ එහෙමද ?”

‘‘ඔව් රෝස් අපි මේක කතා කරල බේරගමු”

‘‘හා දැන් මම එකපාරටම ‘‘අපි” වුනාද?  ඔය අපි කියන එක කොහෙද තිබ්බෙ තමුසෙ අරකිත් එක්ක නිදිවදින වෙලාවෙ ?”

“කේන්ති ගන්න එපා රෝස් ඔයා තමයි මට මගෙ ඡීවිතේට හම්බවෙච්ච හොඳම ගෑනි”

‘‘මේ අහනව මිනිහෝ මාත් මේ ගෙදර හිටියෙ තමුසෙ වගේ තමයි. මමත් කවදාවත් හයියෙන් හිනාවුනේ නෑ. මාත් ආසයි අනිත් ගෑනු වගේ හයියෙන් හිනාවෙන්න. මටත් තිබුන ඔයි හීන ! මම ඒ හීන තමුසෙගෙ ඔය ගල් බොරලු කාස්ටක පපුවෙ පැල කලා. මම දන්නව කවදාවත් මට ඒවයෙ මල් දකින්න බැරි විත්තිය. ඒත් මම උඹේ පපුවෙ ඒව පැලකරල වහල දැම්ම යකෝ ! ඉතිං මමත් මේ ගෙදර මට හිනාවක් නෑ කියල වෙන මිනිහෙක් එක්ක බුදියගත්තම මට ඒ හිනාව එනවද ඔියි !

 

dencil 4

මේක හොදට අහගන්නව ට්‍රෝයි, තමුසෙ මේ ගෙදර ඉන්නවනම් මගෙ කාමරේ අදින් පස්සෙ තමුසෙට තහනම් !

ඔන්න ඔහොමයි රෝස් ප්‍රශ්නෙ විසඳුවේ.

ඒත් දරු ප්‍රසුතියෙදී ට්‍රොයි ගෙ පෙම්වතිය මැරෙනව. දරුව කෙල්ලක් ! එත් එයා බලා ගන්න කෙනෙක් නෑ. ඉතිං මිනිහ වෙන දෙයක් වෙච්චිදෙන් කියල ඒ පුංචි කෙල්ලව අරන් එනව තමන්ගෙ ගෙදරට. ගෙදර මිනිස්සු එයාවවත් දරුවවත් සතේකට ගණන් ගන්නෑ . ඒ ගමන ට්‍රොයි ඉදගන්නව ගේ එලිපත්ත උඩ.

‘‘මගෙ දුවේ ඔයා අහිංසකයි. ලොකු අයගෙ ප්‍රශ්න ඔයා දන්නෙ නෑ. ඔයාගෙ තාත්තට ලොකු අත් දෙකක් තිබුනට එයා දැන් බයවෙලා ඉන්නෙ! ඔයාගෙ තාත්ත ඔින තරම් අම්ම තාත්ත ගෙයක් දොරක් නැතිව මෙහෙම අගුපිල් වල ඉදල තියෙනව, හැබැයි ඒ වෙලාවෙ එයාගෙ අතේ දරුවෙක් හිටියෙ නෑ මයෙ දුවේ”

 

movie 2

මේව අහන් ඉන්න බැරි තැන රෝස් එනව තාත්තයි දුවයි ගාවට......

‘‘හොදයි ට්‍රෝයි ඔයා හරි මේ කෙල්ල අහිංසකයි! ලොකු මිනිස්සුන්ගෙ ප්‍රශ්න මෙයා දන්නෙ නෑ”

ඇය දරුවා තම දෑතට ගනියි.

‘‘තමුසෙ කරදර වෙන්න ඔින නෑ මම කෙල්ලව හදනව! දුවේ අම්මල නැති ද‍රුවො හරියට දුක් විදිනව. එත් තාත්තලගෙ පව් දුවල ගෙවන්න ඔින නෑ. අම්මලා නැති දරුවන්ට ගොඩක් කරදර කරන්නෙ තාත්තල! ට්‍රෝයි මෙන්න  මේක අද ඉඳන් මතක තියා ගන්නව, මේ කෙල්ලට අද ඉදන් අම්ම කෙනෙක් ඉන්නව, ඒ වුනාට තමුසෙට අද ඉඳන් ගෑණියෙක් නෑ !

 

 

උපාලි ජයසිංහ

 

https://youtu.be/a2m6Jvp0bUw

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි