SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අජිත් කුමාරසිරි ගේ සංගීතය ගැන සිතීම, එසේත් නැතිනම්, සිතීමක් මගින් අජිත් කුමාරසිරි ගේ සංගීතය ග්‍රහණය කර ගැනීමට උත්සාහ කිරීම අප කළ යුතු වැදගත් වැඩක් කියා සිතමි.

අජිත් ගේ සංගීතය යනු ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සමග කිසිදු ගණුදෙනුවකින් තොරව, විකල්ප සංගීත භාවිතයක් වෙනුවෙන් සිදු කළ අව්‍යාජ සහ අනුරාගික පෙනී සිටීමකි. අජිත් ගැන දන්නේ අජිත් විසින් ගොඩ නගා ගත් සාමූහික අවකාශයක සිටිනා අය පමණි.

එනිසාම එය අපට දෙන ලද වර්ගීකරණයන් තුළ - බදියු ගේ වචන වලින් කියන්නේ නම් 'state-of-the-situation' එක (අසාර්ථක සිංහල පරිවර්තනය 'රාජ්‍ය-කල්පිත-අවස්ථාව') තුළ - තේරුම් ගැනීමට අපට ඉඩ ලැබෙන්නේ නැත. ඒ සඳහා විකල්ප සිතීමේ ප්‍රවර්ග ගොඩ නැගිය යුත්තේ එම නිසාය. විකල්ප සමාජ භාවිතයන් වෙනුවෙන් පෙනී සිටින අයට මෙහි ඉගෙන ගැනීමට වැදගත් පාඩමක් තිබෙනවා කියා යෝජනා කරමි.

මේ තිබෙන්නේ අජිත් ගේ අලුත් ගීතයකි (ගිහාන් බුලත්සිංහල සමග - පසුබිම් ගායනය වසන්ත වක්කුඹුර සහ නාමිණී පංචලා).

පිරිත් නූලක් අතේ බැඳගෙන
සාටකයක් විතරක් දාගෙන
ඔක්කොම ඇඳුම් ගලවමුද අපි?

සුඛන්න බෑ
ක්‍රමයට සුඛන්න බෑ
ක්‍රමය එපා
ක්‍රමය මට සුඛන්න එපා

කුරුසය අරගෙන බෙල්ලට දාගෙන
සුරයක් අරගෙන ඉන වට බැඳගෙන
ඔක්කොම ඇඳුම් ගලවමුද අපි

මූණට විතරක් මාස්ක් දාගෙන
ජීවිතේ ඇතුලෙම බොරුව දරාගෙන
ඔක්කොම ඇඳුම් ගලවමුද අපි
සුඛන්න බෑ
ක්‍රමයට සුඛන්න බෑ
ක්‍රමය එපා
ක්‍රමය මට සුඛන්න එපා

වංගීස සුමනසේකර

https://www.youtube.com/watch?v=yyxb8VksGTE 

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි