SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජීවිත දෙකක..
අතිශයින් ම පෞද්ගලික…

අහුමුලු ….
සමාජගත වීම…

(උපුටනය – මේඝ සිතුවිලි)

විවාහ ජීවිතය යනු අතිශය බැරෑරුම් තත්ත්වයට පත්කරගෙන ඇත්තේ එකිනෙකා තේරුම් ගැනීමේ අපහසු බව සහ විවාහ ජීවිතය විඳිමේ තත්ත්වයට මුහුණ දීමේ දැඩි අපහසු බව නිසාමයි. විවාහ ජීවිතයේ සංකීරණබව හමුවේ ඊට ප්‍රතිචාර දක්වන්නට මනා ශක්තියක් තිබිය යුතුම ය. විවාහපත්වන්නට පෙර අත්විඳින සොඳුරු බව එලෙසම, පවත්වාගන්නට හැකියාවක් නැත්තේ ඇයි ද යන්න පිළිබඳව අපුරු සදුපදේශයත් සමඟ “Marriage Story”  සලරුව තුළින්, ආනන්දය වෙතින් ප්‍රඥාව නමැති මාවත කරා නරඹන්නාව ගෙන යනවා. නිකොල් සහ චාලි මේ දෙපළගේ විවාහ අන්දරය තුළ ඇති එකිනෙකාට අසාර වු හේතු තර්ක මඟින් පිටතට පෙනෙන සුන්දර ජීවිතය කෙමෙන් කෙමෙන් වියැකී යනුයේ නිකොල් විසින් චාලිගෙන් බලාපොරොත්තුවන අභිලාෂයන් මුදුන් පත් කරගැනීමේ අසීරුබව හමුවේ ය.

 

marrige 3

       ලංකාවේ බොහෝ විවාහ ජීවිත කෙළවර වෙන්නෙ දික්කසාද පෝරමයකින්, නැත්නම් සියදිවි නසාගැනීමකින්, නැත්නම් Stress and depression, බීමත්කම, මත්ද්‍රව්‍ය, අනාචාරයේ හැසීරීම ආදී පිළිතුරු කියලා සිතාගත්තු මුග්ධ සිතුවිලිවලින් ජීවිත කෙළවර කරගැනීමෙන්. නමුත් නිකොල් සහ චාලි යුගලය අපේ බාරියන්ගේ භාරකාරයින්ට හොඳ පාඩමක් කියලා දෙනවා. එ්ක විවාහ ජීවිතය විඳින අයට වඩා විවාහ ජීවිතය දික්කසාදයකින් කෙළවරගත්ත ගත්ත පාර්ශවයට මේ චිත්‍රපටය තුළ හොඳ පාඩමක් කියලා දෙනවා.

“Family is Family”, and is not determined by Marriage certificates, divorce papers……Families are made in the heart”

 

marrige 2

පවුල කියන්නෙ තවදුරටත් නීතිමය ලියවිල්ලක් නෙමෙයි. පවුල කියන එක හදවතින්මයි එන්නෙ. අන්තිමට ඒක නිකොල් තේරුම් ගන්නවා? චාලිත් ඒ විදියටම ඒ පවුල නිර්මාණය වෙන්න ඉඩ දෙනවා. මම හිතන්නේ මෙන්න මේක තමා විය යුත්තෙ. නමුත් නිකොල් අවසානයේ චාලිගේ ලෙහුණු සපත්තු ලේස් එක ගැටගහන එක අපේ බිරියන්ගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද කියන ප්‍රශ්නාර්ථය එනවා. ලේස් දෙක ගැටගහලා තියෙනවා වගේ හැමදාමත් පවුල් ජීවිත ලහි ලිහී නොතිබ ගැටගැසීම තිබෙනවා නම් කෙතරම් අපුරු ද?

     නිකොල් කියන්නෙ අපිළිවෙලකට ජීවත් වෙන බිරියක්. චාලි යනු පිලිවෙලක් සහිතව ජීවත්වන ස්වාමි පුරුෂයෙක්. මෙන්න මෙි නොගැලපීමත් එක්තරා දුරකට මෙි වෙන්වයාමට බලපානවා. අනෙක් අතට නිකොල් විසින් චාලිට එල්ල කරන චෝදනා. අවසානයේ නිකොල් සහ චාලි තේරැමි ගන්නවා මෙි බලපෑම නිරායාසයෙන්ම තම පුත්‍රයා වු හෙන්රිට දැඩ්ව බලපාන බව. දෙපාර්ශවය අතර සන්නිවේදනයේදී වන දුර්වලතාවයන්, පවුල තුල අන්‍යෝන්‍ය භූමිකාවන් හඳුනාගැනීමේ වන දුර්වලතාවයන් යනාදිය හේතුවෙන් චාලි සහ නිකොල් එකිනෙකාගෙන් වෙන්ව විප්‍රවාසීව සිටින්නට සිදු වෙනවා. මෙහි පීඩාවට පත් වනුයේ අසරණ “හෙන්රි” ය.

 

marrige 6

‘විවාහය’ ආරක්ෂා කිරීම කළ යුත්තකි. එය අත්‍යාවශ්‍යද වේ. නමුත් ආකල්පමය වෙනස්කම් කිරීම් හා මනා අවබෝධයක් ගොඩනැගීම වැනි සරල ක්‍රියාමාර්ග ඔස්සේ එය සිදු කිරීම වෙනුවට මෙසේ ඉතා දැඩි නීතින් පනවමින් මිනිසුන් බලෙන් එක්ව තැබීම කොතෙක් නම් දුරට සාර්ථක වේද යන්න ඒ අනූව සිතා බැලීමට අප රටටද කාලය පැමිණි ඇත.

“Marriage Story” චිත්‍රපටය අද ලෝකයට වඩාත් ඔබින චිත්‍රපටයක් සහ කතාන්දරයක්. දික්කසාදය තුළින් අව්නිශ්චිත වන ජීවිත සහ අනාගතය පිළිබඳ දැඩි අර්බුදයන්ට දෙපාර්ශවයට මුහුණ පෑමට සිදුවන බව සිනමාපටය අපට ඉඟි කරයි. නිකොල් ලෙසින් ස්කාර්ලටි ජොහැන්සන් සහ චාලි ලෙසින් ඇඩමි ඩ්‍රයිවර්ගේ විශිෂ්ට රංගනය නිසාම අනු දෙවැනි ඔස්කාර් සම්මාන උළෙලේ දී හොඳම නිළිය සහ හොඳම නළුවා වෙනුවෙන් නිර්දේශවන්නට හැකිවුනා. එමෙන්ම එම සම්මාන ද්විතය සමඟ හොඳම චිත්‍රපටය, හොඳම සහාය නිළිය, හොඳම තිර රචනය,හොඳම පසුබිම් සංගීතය ඇතුළු සමිමාන හයක් වෙනුවෙන් නිර්දේශ වන්නට මෙම විශිෂ්ට චිත්‍රපටයට හැකි වුනා.

marrige 7

 “දික්කසාදය” පිළිබඳව බොහෝ වැරදි මත ලොව සෑම තැනම ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම ඇත. එම වැරදි මත නිසා විවාහ ජීවිතය පිළිබඳව බලනුයේ වැරදි ආකාරයෙනි.එම වැරදි මත නිවැරදි කර ගැනීම මේ චිත්‍රපටය තුළින් යම් ආකාරයට ඊට එරෙහියාමට සමත් වෙයි. අනවබෝධයත්, වැරදි අවබෝධයත් නිසා ලොව බොහෝ පවුල් දික්කසාදයෙන් අවසන් වෙයි.මේ කොදෙව්වෙ වැඩි දෙනා සංස්කෘතික වශයෙන් දික්කසාදය ප්‍රතික්ෂේප කරන හෙයින් අනවබෝධය තුලම පවුල රැකගෙන සිටිය ද , වෙිගයෙන් බටහිරකරණය වන අන්දම බැලූ විට අපේ රටේ ද දික්කසාදය බහුලවන යුගය ඈතක නොවේ.

මලින්ත විතානගේ

https://m.youtube.com/watch?v=BHi-a1n8t7M

https://youtu.be/VfBSbgaqPr8