'මැන්ඩෙලා' චිත්‍රපටය බලනකොට මට මතක් වුනේ හේනානිගල කියන මහවැලි ව්‍යාපාරයෙන් ජනාවාස කළ නව ගම්මානය.
ඒ ගම්මානයේ මිනිස්සු මැන්ඩෙලා වගේම තමයි. රුපියල් දාහක් දික් කළොත් ලේසියෙන්ම ජන්දය කියන අකුරු හතරවත් නොදන්න ඒ මනුස්සයන්ගේ ජන්දය ඩැහැගන්න පුලුවන්.
මැන්ඩෙලා කියන්නේ නුගත් ගැමියෙක්. අක්මුල් රහිත සමාජය ස්ථරයේ පහළම අඩියේ ඉන්න මනුස්සයෙක්. මෙයා නාමිකව මැන්ඩෙලා වුනාට හැඳුනුම්පතක්වත් නැති අනන්‍යතාවක් නැති දරිද්‍රතාවයේ කුණාටුවට අහුවුනු අහිංසකයෙක්. මෙයා ජීවත් වෙන්නේ සුරන්ගුඩි කියන ගම්මානයේ. වෘත්තියෙන් කරණවෑමියෙක්. අඩුම තරමේ මැන්ඩෙලා හිසට වහළක් නැති අසරණයෙක්. මැන්ඩෙලාගේ ජීවිතයම කණපිට හරවන්නේ එයාගේ හැඳුනුම්පත. හැඳුනුම්පත තියෙනවා කියන්නේ එයාට ජන්ද අයිතිය තියෙනවා. සුරන්ගුඩි ගමේ මෝඩ ජන්ද අපේක්ෂකයෝ දෙන්නෙක්ට මැන්ඩෙලාගේ ජන්දය අත්‍යවශ්‍ය මොහොතක් බවට පත්වෙනවා.
ඡන්දය යනු කුමක්ද, ඡන්දය දැමීමට භාවිත කරන උපකරණය (Voting Machines) හසුරුවන්නේ කෙසේ ද යන්නවත් නොදැන සිටීම හේතුවෙන් මැන්ඩෙලාව දැනුම්වත් කිරීමට මේ ජන්ද අපේක්ෂකයන් දෙදනාට සිදු වෙනවා. මැන්ඩෙලාට දැන් ජන්දය ගැන අවබෝධයක් තියෙනවා. ඇයි මේ මෙච්චර වෙලා තඹයකට මායිම් නොකළ මැන්ඩෙලාගේ ජන්දය මේ ජන්ද අපේක්ෂකයන් දෙදෙනාට මෙතරම් වටින්නේ? අර්බුදයෙන් අර්බුදයට යන මේ සමාගමය එකිනෙකා මරාගන්නා අධම සටනකට මැදි වීමේ මොකක්ද මේ රහස?
'මැන්ඩෙලා' චිත්‍රපටය ඇතුළේ කරන සමාජ, දේශපාලනික කාරණාව සුළුපටු නෑ. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ඇතුළේ ජන්දය කියන එක කොහොමද වංචාකාරීව නුගත් මනුස්සයෙක්ගෙන් උදුරා ගන්නේ? මේක තමා චිත්‍රපටය ඇතුළේ කථිකා කරන ගැඹුරු කාරණාව.
බොත්තම් ඔබන ජංගම දුරකථනයේ සිට ස්මාර්ට් ජංගම දුරකථනය දක්වා දුරකථනය සුහුරු පරම්පරාවක් සිටින යුගයක යල්පැනගිය කුලවාදය තවමත් මුල්බැසගෙන තිබෙන අවදියකයි තවමත් අප ජීවත් වෙන්නේ. චිත්‍රපටය තුළින් අපට ඉඟි කරන්නේ එයයි.
සුරන්ගුඩි නම් ගම්මානයේ යථා ස්වරූපය, සැබෑ ජීවිත, දූෂිත යථාර්ථය, අහඹු ප්‍රේමයක අසිරිය සිනමා කෘතිය පුරාවටම ප්‍රේක්ෂකයාගේ ග්‍රහණයට හසු වේ. අප ලොව කුමන ඉසව්වක ජීවත් වුව ද, අප මුහුණ දෙන සමාජ දේශපාලනික චක්‍රය කවරාකාර වුව ද, අප කෙතරම් දුරට ඉන්දියානු සංස්කෘතියට ආධුනික වුව ද "මැන්ඩෙලා" හරහා අපට පෙන්වා දෙනුයේ දකුණු ඉන්දියානු සමාජමය, සංස්කෘතිකමය, දේශපාලනික යථාර්ථයේ රූපමය පැතිකඩකි. සිනමාව යනු ජීවිතය දෙස එබී බලන කවුළුවකි. එම කවුළුවෙන් එබී බලන්නට "මැන්ඩෙලා" අපට නිරායාසයෙන්ම බල කර සිටියි.
මෙතෙක් දමිළ සිනමාව තුළ විකට චරිතවල පමණක් දුටු යෝගී බාබුගේ විශිෂ්ටතම රංගනය සහ හොඳම චිත්‍රපටය ලෙසින් එළිය දකින මැන්ඩෙලා සිනමාපටය ගැන විචාරකයන් දක්වන්නේ ඉහළ ඇගයුම් ය.
මැන්ඩෙලා චරිතය හරහා පුද්ගලයකුගේ අවංකකම සහ වංකත්වය අතර බොඳව යන රේඛාවේ මහිමය, ආත්ම අභිමානය, ආත්ම ගෞරවය යම්කිසි අයෙකුට යහපත් අරමුණකට පරිත්‍යාගය කළහැකි වේද ඔහුට නිතැතින්ම ලෝකය සුන්දර කළහැකිබව සිනමාපටය අපට ඉඟි කරනවා.
"මැන්ඩෙලා" චිත්‍රපටය මනුෂ්‍යකුගේ ඇති උත්තරීතරබවත්, මානව ධර්මතා පිළිබඳවත් අපුරුවට අපට කියලා දෙනවා. අතිශය සංකීර්ණ හා ගැඹුරු සමාජ දේශපාලන තතු පිරික්සීමටත්, විනිවිද දකින්නටත් "මැන්ඩෙලා" සිනමාපටය උනන්දු වෙති. නොඑසේනම් මිනිස් ජීවිතයේ අඳුරු හා ගූඪ ප්‍රදේශ සිනමාරූපිව ප්‍රකාශ කරනු පිණිස සිනමාපටය යත්න දරති. 'මැන්ඩෙලා' චිත්‍රපටය තුළ ප්‍රතිනිර්මාණය කරනුයේ ජීවිතයයි. එය ජීවිතයම එයාකාරයෙන්ම සිනමා පිටපත් කිරීමකට වෙනස් වු අරුත් පිරී, ගැඹුරු අපුර්ව යමකි. විශිෂ්ට සිනමාකරුවකු යනු චලවාසීව අලුත් යමක් සෙවීමෙහි නියැලෙන්නෙකි. ඔහු එක්තරා විදියකට දඩයක්කරුවකු ලෙස හැඳින්වුවාට වරදක් නැත. Madonne Ashwin නමැති චලවාසී දඩයක්කරුවා දමිළ සිනමාව හරහා අලුත් යමක් අපට දායාද කොට ඇත. එය නැරඹීම ඉතාමත් ම වටී.
මලින්ත විතානගේ
"https://m.youtube.com/static/r/f2807860/fetch_polyfill.vflset/fetch_polyfill.js"