SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රෑ දුරු රට මේ

හිම වරුසා

සීත පාළුවේ

 

මූදු සතකින්

ඈත දේසේ

මා තනිවේ

කල්පනා ලොව

පෙම් දැහැනේ

ක්ෂිතිජ නිම්නයේ

ඈ තනි යහනේ

දෑත වෙන්වී

පෙම් විහඟුන්

සිහින තොටුපලේ

රාත්‍රී යාමේ

පද රචනය- අජන්තා රණසිංහ

තනුව හා සංගීතය- සරත් දසනායක

ගායනය- ඩබ්ලිව්.ඩී.අමරදේව

ගීතය මෙතනින් අසන්න

 https://youtu.be/bi9pr_ucNaQ

සරත් දසනායකයන් , පලමුව සිංහල සිනමා සංගීතය ඔස්සේ පිළිබිඹු කල සිය ප්‍රතිභාව පසුකාලීනව තව තවත් ඔප් නංවනුයේ ගුවන් විදුලිය ඔස්සේය. ඔහු ඒ පිළිබඳව මෙසේ අදහස් දක්වා තිබේ. "සිනමාවේදී සංගීතකාරයා, චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ උදව්කාරයෙක්.ඒ නිසා චිත්‍රපටයකින් සංගීතවේදියකුට ආත්ම තෘප්තිය ලද නොහැකියි. ගුවන් විදුලි ගීත නිර්මාණයේදී නම් හිතට අවංකව, තෘප්තියකින් වැඩ කල හැකියි".

ගී තනු නිර්මාණයේදී ද වාණිජමය චිත්‍රපටවල හැරෙන්නට අවශේෂ අවස්ථාවන්හීදී දසනායකයන් තනු තනා වචන දැමීමේ ක්‍රමය අනුගමනය කලේ නැත. එහෙත් කවර හේතුවක් නිසා හෝ විජය රාමනායක නිෂ්පාදනය කල LP තැටියක් සඳහා, අමරදේවයන් වෙනුවෙන් ඔහු පූර්වෝක්ත තනු නිර්මාණය කලේය. වචන ලියවුණේ පසුවය. පාවෙනා නිල් වලාවේ ( කුලරත්න ආරියවංශ), බොල් වී අහුරු හා රෑ දුරු රට ( අජන්තා රණසිංහ) එම ගීත තුනයි. එහෙත් රචකයන්ගේ දක්ෂතාවය නිසා තනුවලට වචන ගැලපූ බවක් නොපෙනේ.

පූර්ව නිර්මිත තනුවකට පද ගැලපීම හා ඉන් සාහිත්‍යමය පණිවුඩයක් ලබාදීම පද රචකයාට අභියෝගයකි. ස්වතන්ත්‍ර ගී පද රචනා ලියා, ඒවාට පසුව තනුව යෙදීම මෙන්ම, පූර්ව නිර්මිත තනුවලට ගී පද ලිවීම එක සේ පහසු කටයුත්තක් ලෙස භාරගත් පද රචකයින් අතර අජන්තා රණසිංහයන් සුවිශේෂී චරිතයකි. මෙම ගී තනුවටද අනුගත වෙමින්, ඉතාමත් සීමිත වචන ප්‍රමාණයකින් ඔහු සිදු කල පද රචනය ගී තනුවට සියයට සියයක්ම පෑහෙන බවද කිව යුතුමය.

මෙම තනු අමරදේවයන්ගේ ශෛලියට කෙතරම් අනුරූප වී ද යත් ඒවා අන් කෙනෙකුන් විසින් අමරදේවයන්ට නිර්මාණය කරන ලදැයි සිතා ගන්ට බැරි තරම්ය. ගී තුනම එකල අතිශයින් ජනප්‍රියත්වයට පත්විය.

උපුටා ගැනීම- සුනිල් ආරියරත්න, ගාන්ධර්ව ආපදාන- 10

https://youtu.be/bi9pr_ucNaQ