SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ වෙන්නේ කළු ජාතිකයන්ට මේ කතා මාලාව හරහා ලබාදෙන්නට උත්සාහ කරන කළු ජාතික අයිතිවාසිකම වෙනුවෙන්.

ඒක බැලු බැල්මට මාකටින්ග් වැඩක් වෙන්න පුලුවන්. ඒ කොහොම වුනත් මේ වගේ සුපර්හීරෝ කතන්දර අස්සට වර්ණභේදවාදී ප්‍රශ්නය වෙනම මානයකින් කතා කරන එක වටිනවා. වටිනවා කියන එකෙන් මම අදහස් කලේ දැන් ඉන්න teenage generation එකට මේ වගේ ජනප්‍රිය ගණයේ කොමික් චරිතයක් හරහා අර විදියේ ප්‍රශ්නයක් විවෘතව කතා කරනවා කියන්නේ ඒක ලොකු වටිනාකමක් වෙන හින්දා. ඒක එක්තරා විදියට Brain brush up කරන Artistic වැඩක්.

"ද ෆැල්කන් ඇන්ඩ් ද වින්ටර් සෝල්ජ" සීරිස් එක පුරාවටම කතා බහට ලක්වෙන්නේ සෑම් කියන කළු ජාතිකයාට, අර්ධ තාක්ෂණික සුපිරි මිනිසාට කැප්ටන් ඇමරිකාගේ පළිහ තම සියතට ගතහොත් කිනම් ආකාරයේ ප්‍රතිචාරයක් සුදු ඇමරිකානුවන්ගේ පාර්ශවයෙන් ඔහුට එල්ල වේවිදෝ කියන පැනය. මම හිතන්නේ සෑම් විසින් කැප්ටන් ඇමරිකාගේ පළිහේ බලය ඒ ආකාරයෙන්ම හසුරුවන්න සෑම්ට පුලුවන් වෙනවා. සෑම් ඒක ලබාගන්නේ ලොකු කැපවීමක් කරලා. සෑම්ටත් ඕන කැප්ටන් ඇමරිකා කියන නමට සිද්ධ වුන කැලල මකලා ඒ ගෞරවය තවත් වැඩි කරන්න.

 

falcon 2

 

කතා මාලව ඇතුළේ දකින්න ලැබෙන දෙයක් තමයි Ideology සහ American Democracy කියන දෙක combination එකක් විදියට New Political Idea එකක් විදියට Produce කරන එක.

ඒක සැම් ලව්වා සෙනටර්ට Face to face කාලි මෝගන්තා්ඕ කරපු විප්ලවය මොකක්ද කියන එක පැහැදිලි කරන තැනදි කතාවේ තියෙන powefull ගතිය වැඩිකරන හේතුවක්. සෑම් චෝදනා කරන්නේ ආණ්ඩුවේ ලොකු ලොකු රාජ්‍ය ආයතවල සාකච්ඡා පවත්වන රාජ්‍ය නිලධාරින්ට. සෑම් ප්‍රශ්න කරන්නේ ඇයි කාලි මෝගන්තාඕට ඇහුම් කන් දුන්නේ නැත්තේ කියන එකද?

එයාලා සරණාගතයෝ බව ඇත්ත. හැබැයි ඒ සරණාගත ප්‍රශ්නය එයාලා ත්‍රස්තවාදීයෝ, සරණාගතයෝ, මැරයෝ කියලා ලේබල් එකක් අලවලා ප්‍රශ්නය මඟ හරින්න එපා කියලා සෑම් වටා ඉන්න රාජ්‍ය නිළධාරියෝ, ප්‍රභුවරුන්ට කට උත්තර නැති වෙන්න අමතනවා.

කාලි මෝගන්තාඕ වගේ අය කැරලි ගහන්නේ රාජ්‍ය ආයතනවලින් එයාලගේ ප්‍රශ්නවලට ඇහුම්කන් නොදීපු නිසයි. එයාලගේ අයිතිවාසිකම් හරියට ඇහුම්කන් දුන්නා නම් කාලි මෝගන්තාඕ වගේ අය ඉස්සරහට සමාජයෙන් බිහිවෙන්නේ නෑ කියන එක සෑම් පැහැදිලි කරලා දෙනවා.

සෑම්ගේ මේ special speech එකට හරියට තේරුම් ගත්තොත් ලංකාවේ අවුරුදු තිහක් කරපු ජනවාර්ගික අරගලයේ කවුරුත් හරියට නොදන්න ඇතුළාන්තයත් මෙන්න මේවගේ තමයි.

 

Falcon 3

 

සෑම් හෙවත් ෆැල්කන් කියන Character එක Script එක ඇතුළේ Character Develop කරලා තියෙන විදිය විශේෂයි. සෑම් හැමවෙලාවෙම සාමකාමී චරිතයක් කියලා පෙන්වනවා. සෑම්ගේ ඉවසීම සහ බුද්ධිය මෙහෙයවන එක ගැන කතාව ඇතුළේ හොඳට build up කරලා තියෙනවා. එක අතකින් සෑම්ගේ පවුලත් එක්ක කරන අරගලය,  අනෙක් අතට සෑම් විසින් කාලිත් එක්ක කරන අරගලය, සෑම් විසින් සාජන් බාන්ස් යථා තත්ත්වයට පත් කරන්න දරණ උත්සාහය, සෑම් විසින් තම මිතුරා වුනු ස්ටීවි රොජර්ස් හෙවත් කැප්ටන් ඇමරිකාගේ වයිබ්‍රෙිනියම් පළිහට සාධාරණයක් ඉටු කිරීමේ සැබෑ උවමනාව, සෑම් තමන්ගේ අභ්‍යන්තර මානසික අරගලයක් එක්ක වැඩ කරන්නේ කොහොමද කියන එක සෑම් කියන චරිතයට කතා මාලාව ඇතුළේ වැඩි බරක් දීලා තියෙනවා.

හැබැයි කතා මාලාව ඇතුළේ සාජන් බාන්ස් හෙවත් වින්ටර් සෝල්ජර්ගේ කැරැක්ටර් එකට වැඩි ඉඩක් ලබලා දීලා තිබුනේ නෑ. අඩුම තරමින් වින්ටර් සෝල්ජර් වකන්ඩාවේ ගත කරපු විදිය සහ ඒ අතීතය ගැන වැඩි යමක් කතා මාලාව ඇතුළේ තිබුනා නම් හොඳයි කියන එක තමා මගේ මතය නම්. අනෙක් අතට සීමෝගේ සම්ප්‍රාප්තියත් නිකං කතාව අල්ලලා යන්නැති ගතියකුත් තිබුනා. ඒ කොහොම වුනත් සීමෝගේ මීට වඩා වැඩ ටිකක් නැවත බලාගන්න හැකි වෙිවි "ද ෆැල්කන් ඇන්ඩ් ද වින්ටර් සෝල්ජර්" දෙවන කතා සමයෙන්.

ඇක්ෂන් ගැන නම් කියන්න දෙයක් නෑ. Final episode එකම තනිකරම fully non-stop action-packed එකක්. පර්ෆේක්ට් කියලා තමා කියන්න තියෙන්නේ. තවදුරටත් සෑම්, ෆැල්කන් කෙනෙක් නෙමෙයි. අනෙක් අතට සෑම් සටන් කරලා ලබාගන්න Shield එක අතට හුරුකරගන්න එයා පුදුම විදියට කැපවීමක් කරන්නේ. සෑම් එකතැනකදි කියනවා මෙන්න මෙහෙම,

"මම ඉරියි තරුයි ඇඳගත්තු කළු මනුස්සයෙක් විතරයි...... මට සුපර් සීරම් නෑ. නිල් පාට ඇස් නෑ.... මට තියෙන එකම බලය තමයි අපිට මීට වඩා යමක් හොඳට කරන්න පුලුවන් කියලා තියෙන විශ්වාසය විතරයි."

මෙි විදියට සුපර් සිරම් එකක්වත් නැතුව සෑම්ගේ self   study එකෙන් තමා එයා කැප්ටන් ඇමරිකාගේ විශ්‍රාම යෑමෙන් පස්සේ ඊළඟට පළිහ දරන්න පුලුවන් නියම සුදුස්සා තමන් බව ලෝකයාට ඔප්පු කරලා පෙන්වන්නේ. තමන්ට ලොකු දෙයක් තමන්ට කරන්න පුලුවන් බව සෑම් ඔප්පු කරලා පෙන්නනවා සෑම්ට දායාද වෙන අලුත් cap new suit එකෙන්. කැප්ට මේ new suit එකෙන් ලැබෙන power එක අද්වීතියයි. New abilities ගොඩක් එක්ක මේ දායාද වෙන New suite එකෙන් කාලි මෝගන්තාඔි පවා විශ්මයට පත්වෙනවා.

කොහොමවුනත් නොහිතපු විදියට කතා මාලාව අවසාන කරන එක මාවල් චිත්‍රපටවලට ආවේණික දෙයක්. කතාමාලවේ දෙවැනි කතා සමය තුළ මීට වඩා යමක් බලාපොරොත්තු වෙන්නට පුලුවන් බව post credit scene එකේදි දැනගන්නට ලැබෙනවා. "ඇවෙන්ජර්ස් ; එන්ඩ්ගේම්" ෆිල්ම් එකෙන් පස්සේ මාවල් සමාගම මේ විදියට මිනි සීරිස් එකක් විදිහට නිර්මාණය කරපු "ද ෆැල්කන් ඇන්ඩි ද වින්ටර් සෝල්ජර්" කියන්නේ කැප්ටන් ඇමරිකා චිත්‍රපට ත්‍රිත්වයේ දිගුවක් විදියටත් නම් කරන්න පුලුවන්.

විචාරකයන් අතින් පැසසුම් ලබපු, IMDB මීටරය 7.5 දක්වා කරකවපු, කුණු තක්කාලි දර්ශකයේ 89% ඉහළ ප්‍රතිශයකගේ විශාල ඇගයුමක් ලබාගන්නට සමත් "ද ෆැල්කන් ඇන්ඩි ද වින්ටර් සෝල්ජර්" කියන්නේ මාවල් විශ්වයට ආදරය කරන අය පමණක්ම නෙමෙයි හැමෝම බලන්න ඕන මිනි සීරිස් එකක් විදියට Highly Recommend කරන්න පුළුවන්වන්නේ.

 

-මලින්ත විතානගේ-