SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"හන්ටර්" කියන්නේ අතට අහුවෙන යකඩ කූරු, වීදුරු බෝල, කටු, පුංචි මැටි රූප ඕනේම දෙයක් කටේ ඔබාගෙන ගිල දමන රූමතියක්. ඈ විවාහපත් වෙලා ඉන්නේ මහා ධනස්කන්ධයක් හිමි පවුලක තරුණයෙකු සමඟ..

 

එය ඇයගේ වාසනාව කීවොත් නිවැරැදි යි... ඇය පුංචි පවුලක ඉපදිලා.. ජීවිතේ යම් සංධිස්ථානයකට පැමිණියේ මේ විවාහයෙන් බව චිත්‍රපටය නරඹද්දි පැහැදිලියි..

එනමුදු ඈ සොයන ආදරේ ... ඒ විශාල මන්දීරය තුළ ඇයට ලැබුනද...? විදූරුවලින් සැදූ ඉතා නවීන මන්දීරයක.. ඈ විවාහයෙන් පසු හුදකලාවේ විසීම නිසා.. ඈ සිය අතීතයේ තුවාල වලට ලුණු දමමින් වේදනා විදින බව සැමියා දැන සිටියාද? මුදල් පසු පස හබා යන ලෝකේ... ඔහුට ඇය වෙනුවෙන් වැය කරන්න ට වෙලාවක් තිබුනාද? ඇයට සවන් දෙන්නට?

"හන්ටර්" මවක් වීමට යන බව දැන ගන්නට ලැබුනාම ඇත්තටම ඇය සතුටු උනාද..? අතට අහුවෙන ගල් කෑලි, යතුරු කෑලි, කාසි, ගිල දාලා.. බාත්රූම් එකට ගිහින් කොමඩ් එකට අත දාලා ඒවා සොයා ගෙන...පසුව ඒවා සෝඳලා ආසවෙන් ගෙනත් .. සැමියට හොරෙන්.. තමන්ගේ කාමරේ ලස්සන පොඩි කලෙක්ෂන් එකක් විදියට එකතු කරන්න ඇය පටන් ගන්නවා...

මේ පුංචි රහස රහසක් විදියටම තියෙනවා දරුවා බඩේ වැඩී ඇත්දැයි ස්කෑන් එක කරන්න යනකම්ම.. නමුත්.. "හන්ටර්ට" වැඩේ වරදිනවා...

දොස්තර ස්කෑන් එකේදි සොයා ගන්නවා.."හන්ටර්" ගේ බඩේ දරුවා ට අමතරව තව තව ඒවා තියෙන බව.. ඊට පස්සේ මේ රූමතියගේ උගුරට කැමරාවක් එක්ක බටයක් බස්සලා බඩේ තියෙන.. යකඩ කූරු, කටු, ගල්, වීදුරු බෝල වගේ එක එක දේවල් "හන්ටර්" ගෙදර එහෙ මෙහෙ යනකොට ගිලදාපු ඒවා ඔක්කොම දොස්තර ලා එළියට ගන්නවා...

 

swallow 2

 

සැමියා මේ බව දැනගත්තාම අහන්නේ ඇයට පිස්සු ද කියලා....

පසුව ඇයගේ පස්සෙන්ම ඉන්න බැරි නිසා ඇය දිහා ඇහැ ගහගෙන ඉන්න බොඩිගාඩ් කෙනෙක් පත් කරනවා.. ඒත් "හන්ටර්" කොහොම හරි ඒ මනුස්සයාට පොඩ්ඩක් නින්ද ගිය වෙලාවක.. දිග උලක් තියෙන යකඩ කෑල්ලක් ගිලින්න උත්සහ කරනවා.. අර මනුස්සයා නැගිටිනකොට හන්ටර් අර ගිලපු උල ..උගුරේ හිර වෙලා හුස්ම ගන්න බැරිව වැටිලා ඉන්නවා.. එදත් කොහොම හරි බෙල්ලේ හිලක් විදලා අර උල අරන් හන්ටර්ගේ ජීවිතේ දොස්තරලා බේර ගන්නවා..... "හන්ටර්" මිදුලේ මල් ගස් වලට සාත්තු කරන ගමන් පස් මිටක් එහෙම අරන් කබායේ ඔබා ගන්නේ පස්සේ කන්න හිතාගෙන...

බලන් ඉන්නකොට ඇත්තටම පිස්සුවක් වගේ මේ චිත්‍රපටය .... ඒත් .. "හන්ටර්" එයා එක්ක කතා කරන්න ආපු මනෝවෛද්‍යතුමියට එයාගෙ ජීවිතේ ඇත්ත කියනකම්ම මේ චිත්‍රපටය බලන හැමෝටම හිතෙන්නේ "හන්ටර්" ට පිස්සු කියලා.. මෙච්චර ලස්සන තරුණියක්, මෙච්චර හොද ජීවිතයක් ලැබිලා තියෙද්දි ... මෙහෙම හැසිරෙන්නේ ඇයි?

"හන්ටර්" මනෝවෛද්‍යතුමියට කියන්නේ එයා යකඩ කෑල්ලක් වගේ දෙයක් කටේ දාගෙන හපනකොට ඒ වේදනාව රසයක් කියලා.. කට තුවාල වෙනකොට , උගුලෙන් ලේ එනකොට... ඒ වේදනාව එයා විදිනවා කියලා... මේක තමන්ටම හානි කර ගෙන සතුටු වෙන සියුම් මානසික රෝගයක්.. එතනදි තාවකාලිකව සතුටු වෙලා දිගු කාලීනව අත්වෙන වේදනාව, හානිය අමතක කරනවා... "හන්ටර්" ගෙන් මනෝවෛද්‍යතුමිය අහනවා.. "ඔබට එය ගානක් නැති වෙන්නේ කොහොමද ..ඔබ එකපාරක් බැටරියක් ගිල්ලා..ඒ බැටරිය ඔබෙ බඩේ එළියට එන්න කලින් කැඩුනා නම් ඒ ඇසිඩ් වලින් ඔබ මිය යන්නට තිබුනා කියලා.... " "හන්ටර්" එතකොට අහිංසක විදියට හිනාවෙනවා...

මේ රූමතිය පසුව මනෝවෛද්‍යතුමියට හෙළි කරනවා තමුන්ගේ ජීවිතේ අතීතයේ වළදාපු කුණු ගද ගහන රහස්.... "හන්ටර්" ගේ අම්මා අවුරුදු 19 දූෂණයට ලක් උනු කෙනෙක් .. "හන්ටර් " කියන්නේ ඒ ජරා සංසිද්ධියේ සදාකාලික පැල්ලම... දූෂකයගේ දරුවා.... හන්ටර් ගේ අම්මා කවදාවත් "හන්ටර්ට " ආදරේ කරන් නෑ....ඇය ඉන්පසු විවාහා වෙලා දරුවෝ ලබනවා.. ඇගේ සුළු පියා , ඇගේ සහෝරදයෝ ඇයට ආදරේ කරන්නට ඇති කියලා ඔබ සිතනවාද...?

 

swallow 3

 

"හන්ටර්" තමුන්ටම රිදව ගන්න එක... අවසන් වෙන්නේ.. චිත්‍රපටය අවසානයේ ඈ අර දූෂකයව හොයා ගෙන යනවා.... ඔහු වෙනස් වෙලා, වයසට ගිහින්..ඔහුට පවුලක් තියෙනවා ...දුවෙක් ඉන්නවා .... "හන්ටර් " අහන්නේ එක ප්‍රශ්නයයි... "මං ඔයා වගේද...?"

ඒ මනුස්සයා ගේ ඇස් වලින් කඳුළු එනවා...

ඔහු පිළිතුරු දෙන්නේ "ඔයා මං නෙවේ....!!!"

"You are not me"

කෙනෙක් තමුන්ගේ මුලු ජීවිත කාලෙම තමුන්ටම වෛරකර ගන්න එක දැනෙන්නේ කොහොමද කියලා හිතලා තියෙනවා ද? ජීවිතේ සමහර වෙලාවට අපිට "හන්ටර්" වගේ අයව මුණ ගැහෙනවා... විනිවිද දකින්න... ආදරේ කරන්න .... තේරුම් ගන්න... නොහැකිනම් අඩුගානේ වේදනාව ප්‍රශ්න කරන එක... වළදාපු අතීත මළකුණු හාරා අවුස්සන එක...පුද්ගල හැසීරිම් එකම කෝණයකින් විනිශ්චය කරන එක නවත්ව ගන්නටවත් ඔබට පිළිවන් වෙයි කියලා ඔබ හිතනවද...?

(Swallow Movie)

චමල්ක මධුරවල