SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

'බර්නාඩෝ බර්තොලුචී' නම් ඉතාලි අධ්‍යක්ෂවරයා විසින් එතෙක් පැවති හොලිවුඩි සුචරිත සිනමාවට අභියෝගයට ලක් කරමින් "ලාස්ට් ටැන්ගෝ ඉන් පැරිස්" චිත්‍රපටය නිර්මාණය කරන්නේ

එතෙක් ලිංගිකත්වය සෘජුවම සිනමාවට ගෙන එන්නට අපොහොසත් වු සිනමා මාධ්‍යය තුළ විවෘත නිදහසක් ඇති කරමිනුයි.

එසේම වතභාවයකින් යුතුව ලිංගිකත්වය, කේන්ද්‍ර සිනමාවක් ඇති කරන්නට දායක වු විශිෂට ගණයේ සිනමා නිර්මාණයක් ලෙසයි "ලාස්ටි ටැන්ගෝ ඉන් පැරිස්" සළකනු ලබන්නේ.

'ලාස්ට් ටැන්ගෝ ඉන් පැරිස්' චිත්‍රපටය පිළිබඳ බරපතළ විවේචන පවා එකල යුරෝපය සිසාරා පැතිරුණා. මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කළ රටවල දැඩි සේ වාරණයට පවා ලක් විය. ඒ වගේම සමහර රටවල මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කළේ ද ඇතැම් දර්ශන කපා දමමිනි.


'ලාස්ට් ටැන්ගො ඉන් පැරිස්' චිත්‍රපටයේ කතාන්දරය නම්, පැරිස් නුවර හෝටල් සංකීර්ණයක් හිමි, ඇමරිකානු ජාතික මැදි වයස් පුරුෂයෙකු වූ පෝල් සහ පර්සියානු තරුණ යුවතියක වන ජීන්ගේ අහඹු හමුවීමක ප්‍රතිඵලයක් ලෙස ඔවුන් දෙපළ ආදරයෙන්, ශෘංගාරයෙන් බැඳෙන අමු රති කෙළිවල නියැළෙන අයුරු පිළිබඳව ය.


මැදි වියේ පසු වූ බ්රැන්ඩෝගේ තීව්ර රඟපෑමත්, ලිංගික දර්ශනවල ඉතාමත් විවෘත වූ දෘශ්‍යමය අන්තර්ගතයන් හේතුවෙන්, 'ලාස්ට් ටැන්ගෝ ඉන් පැරිස්' නම් පෙරනොවු විරූ සිනමා බුබුළ ලෝක සිනමා කරළිය මත ක්ෂණයෙන් පුපුරා ගියා. පසුකාලීන සෙඩ්‍රික් කාන්ස් (1999), ලුවී මාලේස් (1992), පෝල් වහෝවන් (1992) යන යුරෝපාකරයෙන් බිහි වු සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සිනමා නිර්මාණවලට පවා ප්‍රමුඛ බලපෑම කිරීමට "ලාස්ට් ටැන්ගෝ ඉන් පැරිස්" චිත්‍රපටය සමත් විය.

මෙහි ප්‍රධාන චරිතය රඟපෑ 'මාලන් බ්රැන්ඩෝ' ගේ විශිෂ්ට රංගනය ද කිසිවිටෙක අමතක කළ නොහැකි එකක්. එහිදී සිය බිරිඳගේ දේහය ඉදිරියේ ඔහු වැළපෙන්නා වූ ආකාරය විශේෂ වෙනවා. නමුත් මෙහි ප්‍රධාන නිළිය ලෙසින් රඟ පෑ 'මාරියා ස්නයිගර්ගේ' රංගනය එතරම් උසස් මට්ටමක පැවතියේ නම් නැහැ.

'මාරියා ස්නයිගර්' විටෙක බර්තොලුචී සමඟ ගැටුම් පවා ඇති කරගත්හ. චිත්‍රපටය හි එක්තරා දර්ශනයක් සඳහා මාරියා විසින් බර්තොලුචී සමඟ ගැටුම් ඇති කරගත්හ. චිත්‍රපටයේ 'පෝල්'(මාලන් බ්‍රැන්ඩෝ) ලිහිසි තෙල් ලෙස බටර් භාවිතා කරමින් ජීන් (මාරියා ස්නයිගර්) දූෂණය කරන දර්ශනයක් අඩංගු වේ. එම ස්ත්‍රී දූෂණය රූපගත කරන්නට පෙර ස්නයිගර් පවසා ඇත්තේ මෙම දර්ශනය තවමත් ඇයට දැඩි ලෙස අහිතකර ලෙස බලපා ඇති බවයි. 2006 සම්මුඛ සාකච්ඡාවකදී මාරියා කියා සිටියේ මෙම දර්ශනය තිර රචනයෙහි නොතිබු බවත් "ඔවුන් මට පැවසූ විට මට කෝපයක් ඇති වූ බවත්” ය.

 

 

Tango



' පිටපතෙහි නැති දෙයක් කිරීමට කිසිවෙකුට බල කළ නොහැක. නමුත්. මම ඒ වනතුරු දැන සිටියේ නෑ, එවැනි දර්ශනයක් රූගත කරන්නට තිබෙනවා කියා."
2007 දී මාරියා ස්නයිගර් සිනමාපටයේ ස්ත්‍රී දූෂණ දර්ශනයට අදාළ ලිංගික නින්දාව පිළිබඳ හැඟීම මෙයාකාරයෙන් විස්තර කළේය.

"ඔවුන් මට ඒ ගැන කිව්වේ අපි දර්ශනය රූගත කිරීමට පෙර. මට ඇත්තටම තරහා ගියා. පිටපතෙහි නැති දෙයක් කිරීමට ඔබට යමෙකුට බල කළ නොහැකි නිසා මම මගේ නියෝජිතයාට කතා කළ යුතුව තිබුණි. මාලන් මට කීවේ: “මරියා, කරදර නොවන්න, එය චිත්‍රපටයක අනුකරණ දර්ශනයක් සඳහා පමණයි, සැබෑවටම නොවේ”

 
නමුත් දර්ශනය අතරතුර, මාලන් කරමින් සිටි දෙය සැබෑවක් නොවුනත්, මම සැබෑ කඳුළු සලමින් සිටියෙමි. අවංකව කිවහොත් මට මාලන් සහ බර්ටොලුචි යන දෙදෙනාම අතින් දූෂණය වූ බවක් දැනුනි. මෙම දර්ශනය රූගත කළාට පස්සේ , මාලන් මාව වචනයකින් සනසන්නට හෝ සමාව ඉල්ලන්නට උත්සාහ කළේ නැහැ. මට ඒ ගැන තියෙන්නේ බලවත් කණගාටුවක්"

මාරියාගේ දෝෂාරෝපණයත් සමඟ ඇය මියයන තුරුම බර්තොලුචී සමඟ කිසිදු සබඳතාවක් පැවැත්වුයේ නැත. මෙම මාරියාගේ දෝෂාරෝපණය මහත් ආන්දෝලනයකට තුඩු දුන්හ. පසුකාලීනව කාන්තා අයිතින් සුරැකීමේ සංවිධානයන් පවා මේ සිදුවීම සමිබන්ධව බර්තොලුචී විවේචනය කරන ලදී. එසේම චිත්‍රපටයේ ලිංගික දර්ශන සමිබන්ධව සමඟ මාලන් බ්‍රැන්ඩෝ ද බර්තොලුචී සමඟ මත ගැටුම් ඇති කර ගත්හ. මාලන් බ්‍රැන්ඩෝ ප්‍රථමවරට මෙවැනි ගණයේ චිත්‍රපටයක සිනමා රංගනය සඳහා දායක වුයේ ප්‍රථම වතාවට ය. ඔහු චිත්‍රපටය වෙනුවෙන් ලබා දුන් දායකත්වය පිළිබඳව ඔහුගේ ස්වයං චරිතාපදානයේ මෙසේ දක්වයි.



“Last Tango in Paris” චිත්‍රපටය සඳහා විශාල වශයෙන් මගේ හැඟිම් සහ භාවයන් මා තුළම සටන් කරන තත්වයකට පත්වීමට මට සිදු විය. චිත්‍රපටය අවසාන වූ පසු මා සිතුවේ මින් පසු කවරදාකවත් චිත්‍රපටයක් සඳහා ආධ්‍යාත්මික වශයෙන් මා මගේ අභ්‍යන්තරය විනාශ කර නොගන්නා බවයි. මම මගේ අභ්‍යන්තර චෛතසිකය පීඩාවට පත් කළ අතර එයාකාරයෙන් නැවතත් වධ වේදනා විඳිමට කිසිවිටෙකත් උත්සාහ නොකරන්නෙමැයි අදිටන් කර ගතිමි. මේ චිත්‍රපටය තුළදී වධ වේදනා විදීම සැබැවින්ම අත්දැකීමට මට හැකි විය. එය බොරු කිරීමට බැරි ස්වභාවයකි. මන්දයත්, වධ වේදනාව පිළිබිඹු කිරීමට නම් එය සැබෑවට විඳිය යුතු වීමයි. එකී මනෝ භාවය මුළු දවස පුරා පවත්වා ගැනීමට ද සිදු වේ. විශේෂයෙන්ම දුර රූපවලදී එය උච්චස්වරයෙන් මුදාහැර පසුව සමීප රූපයට කිසිවක් ඉතිරි කර නොගැනීම කළ නොහැක්කකි. එය නැවත නැවතත් ඔබ තුළ ගොඩනඟා ගත යුතු වන්නේ කිහිප වරක් රූගත කිරීමට සිදුවීම නිසයි. "

 

 

Tango In Paris 3



"ඇතැම්විට සියල්ල අලුතින්ම රූගත කිරීමට සිදුවන්නේ අධ්‍යක්ෂවරයාට යමක් අමතක වීම නිසයි. එය දැඩි පීඩනයක් ඔබ තුළ ඇතිකරන තත්වයකි.‘Last Tango in Paris’ එයාකාරයෙන් මා වෙහෙසටත්, අසහනකාරී තත්වයටත් පත් කළ චිත්‍රපටයකි. මන්දයත් බර්නාඩෝ ඉල්ලා සිටියේ ඇතැම් වේදනාකාරී අවස්ථාවන් මගේම අත්දැකීමක් බවට පත්කරගන්නා ලෙසයි.

ඉන් අනතුරුව මම කල්පනා කළේ මගේ රැකියාව සඳහා මෙයාකාරයෙන් වද වේදනා විඳිම නතර කළ යුතු බවයි. මින් අනතුරුව මා රඟපෑ චිත්‍රපටවලදී එය එසේ නොකොට කිසියම් යාන්ත්‍රික ක්‍රමවේදයක් අනුගමනය කිරීමට මම උත්සාහ කළෙමි. එහෙත් එහි වෙනසක් ප්‍රේක්ෂකයාට නොදැනුණු බැව් මම විශ්වාස කරමි. කථාව හොඳට ලියවී ඇත්නම් හා ඔබගේ ශිල්ප භාවිතාව නිවැරදි නම් ප්‍රතිඵලය එකම වේ. අඳුරු ශාලාවක් තුළ සිදුවන ඉන්ද්‍රජාලික ක්‍රියාවලිය හේතු කොටගෙන වැඩිපුර රංගනයේ නියැළෙන්නා වන්නේ ප්‍රේක්ෂකයායි.

 

tango 23


~ "අම්මා මට කියූ ගී' ~
මාලන් බ්රැන්ඩෝ ගේ ස්වයං චරිතාපදාණය
(පරිච්චේදය - 56 / පිටු අංක :285 - 286)
පරිවර්තනය : ඇම්.ඩි.මහින්දපාල



අවසානයේ 1976 ජනවාරි 26 වන දින ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් චිත්‍රපටය මුද්‍රා තබා තහනම් කළ අතර, එහි පිටපත් සියල්ලම විනාශ කිරීමට නියම කරන ලදී. බර්ටොලුචිට මාස හතරක අත්හිටවූ සිර දඬුවමක් නියම වූ අතර ඔහුගේ සිවිල් අයිතිවාසිකම් වසර පහක් අවලංගු කර ඔහුට ඡන්ද අයිතිය අහිමි කරන ලදි.

 

 

Last Tango In Paris 5

 


කෙසේවෙතත් "ලාස්ට් ටැන්ගෝ ඉන් පැරිස්" සිනමාපටය සමකාලීන ඉහළ මධ්‍යම පාන්තික ප්‍රංශ සමාජයේ ගති ස්වභාව නිරූපණය කරන්නා වූ එමෙන්ම කාලීන සාමාජික මංගලාභාවය වටහා ගැනීමට ද හැකි චිත්‍රපටයක් ලෙස සලකන්න පුළුවන. මෙහි අවසානය දුක්ඛාන්තයක් වුවත් එමඟින් චිත්‍රපටයේ අන්තර්ගතයට නව මානයක් මෙන්ම නව අරුතක් එක් කරන බව කිව යුතුයි. එය අවසානයේ මිනිස් සිත් තුළ පවත්නා සංකීර්ණ බව සහ ගූඪ ස්වරූපය පිළිබඳ අනාවරණය කරති.

 

 

මලින්ත විතානගේ