SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මරණය අප සියල්ලන්ම දේවදූතයන් බවට පත් කරන අතර කපුටන් නියපොතු මෙන් උරහිස් සුමටව තිබූ තැන අපට පියාපත් ලබා දෙයි. - ජිමි මොරිසන්

 

ඔබ ආගන්තුකයෙකු වන විට මිනිසුන් අමුතුයි
ඔබ තනිව සිටින විට මුහුණු කැත ලෙස පෙනේ
ඔබ අනවශ්‍ය විට කාන්තාවන් දුෂ්ට ලෙස පෙනේ
ඔබ බැස යන විට වීදි අසමාන වේ

 

 


jimi2

 
ජිමි මොරිසන් කියන්නේ ගායක ලෝකේ බිහිවෙචිච අමුතු විදියේ ගායකයෙක්ලු. අමුතු මිනිහෙක්ලු. මට නමි ජිමි මොරිසන් කියන්නේ අමුතු ගායකයෙක්වත්, අමුතු මිනිහෙක් නම් නෙවෙයි. තමන් එක්ක අභ්‍යන්තරයෙන් සටන් කරපු සොඳුරු මනුස්සයෙක්. සොඳුරු ගායකයෙක්. Fuck කියන වචනයත් එක්ක ජීවත් වෙච්ච මනුස්සයෙක්. ඒ එයාගේ විදිය. ඒ ටේස්ට් එක සමහර අයට දිරවන්නේ නෑ කියලා, ස්ටේජ් එකේදි කුණුහරුප කිව්වා කියලා, හත්දෙයියනේ ඒ මනුස්සයා කුඩුවේ දාලා හිරකරලා හරියනවද? ඒ ඉතින් අමන පොලිස්කාරයන්ගේ හැටි. බීපු මනුස්සයෙක් අල්ලගෙන යනවා. ගෑණියෙක්ට මහපාර මැදදි නෙළනකොට පොලිසිය මීක් නෑ. ගායක ලෝකේ විතරක් නෙමෙයි පෞද්ගලික ජීවිතයත් මෙයාගේ අමුතුයිලු. අනේ මන්දා! අමුතු මිනිස්සු කියලා ජාතියක් මිනිස්සු අතර නම් නෑ. ලෙයින්, මසින් හැදිච්ච මොළයක් පිහිටලා තියෙන, සමමිතික ශරීරයකට තමා මිනිහෙක් කියන්නේ. ඒක ජාතිය, වර්ණය, කුලය, විවිධ ආශාවන්වලින් වෙන්කරපු පලියට මනුස්සයෙක් අමුතු වෙන්නේ නෑනේ.



60 දශකයේ ඇමරිකාවේ The Doors කියන රොක් බෑන්ඩ් එකේ සින්දු ලිව්වේ හා කිව්වේ මෙයා තමයි. දෙලොවක් අතර ජීවත්වුනු මෙයා ලියපු සින්දුත් ඒ වගේ තමයි. රැඩිකල් චරිතයක්. සුචරිතයට අභියෝග එල්ල කළ චරිතයක්. සෙක්ස්, ඩ්‍රග්ස්, ලිකර් එක්ක මයික් එක අතේ තියන් සිංදු කියපු තරුණයෙක්.

 

 

jimi 700 700

 



මෙයාගේ Biography එක Based කරන් හදපු චිත්‍රපටය තමා "The Doors" කියන්නේ. අධ්‍යක්ෂකවරයා ප්ලැටුන්, නැචුරල් බෝර්න් කිලර්ස් වගේ චිත්‍රපට හදපු ඔලිවර් ස්ටෝන්. ස්ටෝන් ෆිල්ම් එක ඇතුළේ ජිමි මොරිසන් කියන්නේ කවුද කියන එක හොඳට පෙන්නනවා. එයාගේ මනෝභාවය කොතනද තියෙන්නේ සහ එයා අවුරුදු 27 දී තමන්ගේ මරණය දක්වා ජීවිතය ඇතුළේ ගන්න ඕන සියළුම සැප කන්දරාවක් එයා දෝතින්ම බදාගෙන මැරුනා කියන එක සිනමාරූපීව පෙන්නනවා. ජිමී මොරිසන් මරණය කියන එකට නව අර්ථ කථනයක් දෙනවා මෙන්න මේ විදියට. ඒක බොක්කටම වදින මාර quote එකක්.

 

 


jim 500 700

 



Death makes angels of us all and gives us wings where we had shoulders smooth as ravens claws.

Jim Morrison


සෙක්ස්ද, ඩ්‍රග්ස්ද, ජනප්‍රියත්වයද, මෙි සියළු දේම ජිමි මොරිසන් අවුරුදු 27 දී ලබාගෙන ඉවරයි. ඇත්තටම කිව්වොත් ජිමි මොරිසන් සංගීත ක්ෂේත්‍රයේ විප්ලවීය කලාකාරයෙක්. හැබැයි ජීමි මොරිසන් අපේ ලංකාවේ ගායකයෝ වගේ ස්ටේජ්වල නැඟලා බයිලා ගහන්නේ නෑ. ජිමි කරන්නේ ජිමිට දැනුන තනිකම එක්ක ස්ටේජ් එකේ ඉඳන් මයික් පොල්ල අල්ලන් ෆයිට් කරන එක. ජිමිගේ සංගීත ආගමනය සහ එයාගේ පෞද්ගලික ජීවිතය අතර ආතතිමය සහ සාංදෘෂ්ටික අරගලය තමයි මේ චිත්‍රපටයට පාදක වෙන්නේ. විශේෂයෙන් බටහිර පශ්චාත් - කාර්මික නාගරික ලෝකයේ විගලිත බව, වියටිනාම් යුද්ධයේ ඇමරිකානු අත පෙවීමෙන් ලත් මානසික ආතතිය, විගලිත බව ඇතුලෙම විකසිත වන නිර්මාණශීලි බව සහ ඒ ඔස්සේ ඉස්මතු වන දේශපාලනය, මානසික ලෝකයේ අධි යථාර්ත කානිවල් කරණය, මත්ද්‍රව්‍ය ඔස්සේ යථාර්තයෙන් පලා යාම සහ යථාර්තයක් වෙත ගමන් කිරීම මේ චිත්‍රපටයේ දකින්න පුළුවන් වෙනවා. ඒ තමා ජිමි මොරිසන්ගේ සැබෑ තත්ත්වය.

 

 

jimi 440 800



ජිමි අන්තිමට මැරෙන්න කලින් එයාගේ සිංදුවේ මෙහෙම දෙයක් කියනවා. ජිමි මොරිසන්ගේ යථාර්ථය තේරුම් ගන්න නම් මේ සිංදුව අහන්නම ඕන.


"People are strange when you're a stranger
Faces look ugly when you're alone
Women seem wicked when you're unwanted
Streets are uneven when you're down......
Jim Morrison

 

jim 6

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

මලින්ත විතානගේ-