SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පහුගිය දවසක මිත්‍රයෙකුගේ චරිතාපදානයක් කියවූ විට මට හැඟුණේ චරිතාපදානයක් 'නොලියවිය යුත්තේ කෙසේද' යන්නට එම කෘතිය ආදර්ශයක් බවයි.


ඊයේ සිට කියවා දැන් අවසන් කළ මෙම 'ප්‍රේමසිරි කේමදාස විචාරාත්මක චරිතාපදානය' කියවූ විට මට හැඟුණේ චරිතාපදානයක් ලිවීමට අයෙකුට ආදර්ශයක් ලෙස ගත හැකි මහඟුම කෘතියක් ලෙස මෙය නම් කළ හැකි බවයි.

එරික් මෙහිදී ඉදිරිපත් කරන්නේ ළමා වියේ සිට මරණය දක්වා ප්‍රේමසිරි කේමදාසගේ ජීවන පුවත් නොවේ. ඔහුගේ ජීවන පුවත ඇසුරින් ඔහු සක්‍රීයව දායක වූ කලා සංස්කෘතික ජීවිතයේ ඉතිහාස කතාව සේම, ඔහුගේ එකී දායකත්වය තුළ ලාංකීය කලා සංස්කෘතික භූමිකාව වෙත කරන ලද බලපෑමද අපට මෙයින් කියවා ගත හැකි වෙයි.

මෙය, ලාංකීය සංගීත ඉතිහාසයේ යුගයක් අධ්‍යයනය කරන්නෙකුටද මහාර්ඝ කෘතියකි; එම යුගයේ ලාංකීය කලා සංස්කෘතික සිතීම් විශ්වයේ හැඩය හා එය නවීකාරක කිරීමට කේමදාසයන් දැරූ අප්‍රතිහත දිරිය පිළිබඳ විවරණයකි; එකී යුගය තුළ ලෝකයේ සංගීත සම්ප්‍රධායන් තුළ අප සිටි තැන හා එතැනින් ඉහළට අප ඔසවා තබන්නට කේමදාසයන් දැරූ උත්සාහය පිළිබඳ විග්‍රහයකි;

කලාකරුවා යනු කවරෙක්ද, ඔහුගේ සමාජ භූමිකාව කවරක්ද, තමා අවට භූ දේශපාලන ක්‍රියාත්මකවීම් වෙත කලාකරුවෙකුගේ නිර්මාණාත්මක ප්‍රතිචාර සිදුවිය යුත්තේ කෙසේද හා ඒ තුළ කේමදාසයන්ගේ ක්‍රියාකාරීත්වය කෙසේ වුණිද ආදිය පිළිබඳ කෙරෙන පුළුල් විවරණයකි; මෙකී නිර්මාණාත්මක භාවිතාවන් තුළ කේමදාසයන් නිරත වෙද්දී සමාජය ඊට දැක්වූ ප්‍රතිචාර කවරක්ද;

පුද්ගලයෙකු ලෙස ඔහු තුළ වූ ප්‍රබලතා හා දුබලතා යනු අතිශය පුද්ගලික කාරණාද? පොදු කාරණාද?... ආදී ලෙස කේමදාස චරිතය හා ඔහුගේ නිර්මාණ භාවිතාව සමාජ, දේශපාලනික හා සංස්කෘතික බිමක නිවැරදිව පිහිටුවා කළ අගනා චරිතාපදාන රචනයකි එරික් ඉලයප්ආරච්චි ගේ මේ 'ප්‍රේමසිරි කේමදාස විචාරාත්මක චරිතාපදානය'.

කෘතියේ පසු කවරයේ ඇති මෙම උපුටනයන් කෘතියේ සමස්ථය අවබෝධ කර ගැනීමට අයෙකුට ප්‍රයෝජනවත් විය හැකිය.

"සිංහල සංගීතයේ ඉතිහාසය, දර්ශනවාදය සහ දේශපාලනය වෙනස් කළ මහා සංගීතවේදියාගේ සහ ඔහු විසූ කුඩා දේශයේ කතාව."
"අසහාය කර්තව්‍යයක් ඉටු කරන ලද මනුෂ්‍යයෙකු පිළිබඳ පුවත සමකාල (synchronic) හා විසමකාල (diachronic) වශයෙන් දෙයාකාරයකට කියැවීම මැනවි."
"සංගීතය ලෙස අපට අසන්නට ලැබෙන්නේ කුමක්ද? What to listen for? යන මූලික ප්‍රශ්නයට වාද්‍ය වෘන්ද්‍ය සංගීතයෙන්ද, දියුණු තියුණු කළ මිනිස් කට හඬින්ද කේමදාස ලබා දුන් පිළිතුරු මෙම කෘතියේ ඇතුළත් පන් සාළිස් පරිච්ඡේද තුළ මිණිකැට මෙන් දිදුළයි."

එරික් මෙම කෘතිය වෙනුවෙන් දරා ඇති අධ්‍යයන වෙහෙසට අපේ ගෞරවය ඔහුට හිමිවිය යුතුය.
යළිත් කියතොත්, චරිතාපදාන යනු මෙන්න මෙව්වාය.


(මෙම කෘතිය 2009 වසරේදී 'සුරස' ප්‍රකාශකයන් විසින් ප්‍රකාශනයට පත් කරන ලදී.)


ජනක ඉණිමංකඩ
(මුහුණු පොතෙන්)