SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

“මුළු ලෝකයම ඇයට ආදරය කලමුත් ඈ කිසිදු ආදරයක සුව නොවින්දාය.
සියක් යහන්ගත වූ මුත් එකෙක් ආදරයෙන් මුව සිපගත්තේ නැත.


දහසක් ඇස් අයා ඈ දෙස බැලූමුත්,
එකෙක් ඈ ආත්මයේ අන්ධකාරය දෙස බලන්නට ඇස් ඇරියේ නැත.
දෙනෝදාහක් ඈ පසුපස වල්මත්ව පැමිණියමුත්,
එකෙකු ඈ අත අල්ලා ඈ සමග ජීවනගමන පියමැන්නෙ නැත.”



maralin 1

ඇයගේ නිරුවත් මළසිරුර සයනයේ කෙලවරක මුනින්තලා ව වැතිර තිබූ අතර එක් අතකින් දුරකථන රිසීවරය තදින් මිරිකාගෙන සිටි ඈ ඇස අග කදුළක් සිරව තිබිණි.
යුගයක හදගැස්ම එසේ නිසළව තිබිණි!

නෝර්මා ජීන් ලෙසින් 1926 හි ජූනී මස පළමුවන දින උපත ලද ඈ උපතින්ම සුන්දරත්වයේ පරිසමාප්තික ලක්ෂණ කැටුව මුදු අවාසනාවද රැගෙන ආවාය. දන්නා කුඩා කාලයේ සිටම අනාථ නිවාසයකින් තවත් අනාථ නිවාසයකට මාරු වෙමින් බොහෝවිට තල්ලුකර හරිමින් විවිධාකාර අඩන්තේට්ටම් වලින් හා ලිංගික හිංසනයනගෙන් පිරී ගිය ඇයගේ ළමා කාලය අවසන් වූයේ 16 හැවිරිදි වියේදීම පස්වසක් වැඩිමහළු කම්කරුවෙකු හා විවාහපප්ත වීමට සිදු වීමෙනි.

අඩදබරින් හා පීඩාවෙන් ඇරඹි විවාහ ජීවිතය ඇගේ ජීවිතයට අමුත්තක් එක් නොකළ අතර ඇය සතුට යන්න උරුමව නූපන්නා සේ දුකම සතුටක් කොට දිවි ගෙව්වාය. ආර්ථික අවපාතයන් හමුවේ කර්මාන්ත ශාලාවක අත් උදව් කාරිනියක් ලෙස රැකියාවක් ඇරඹි ඈ සුන්දරත්වය කරනකොටගෙනම කාගේත් වැඩි අවධානයට ලක් වූ අතර ඈ ඒ කිසිවක් නොදැක්කා සේ තම කාරිය හරි ආකාරව ඉටුකරමින් ලැබුනු සුළු මාසික වේතනයෙන් දිවිය සරි කරගත්තාය.



marolin 800 1050


ඩේවිඩ් කොන්වර් නම් ජායාරූප ශිල්පියාට ඈ මුණගැසෙන්නේ මේ අතරතුරය. දුටු පළමු දිනයේම ඔහු මේ බලාසිටින්නේ හොලිවුඩයේ මීලග තාරකාව දෙස බව තේරුම් ගත් ඔහු කෙසේ හෝ එක් ජායාරූප සැසියකට සහභාගී කරවාගැනීමට ඇය කැමති කරවා ගත් අතර එම කිසිදු ජායාරූපයක් කිසිදු සගරාවක හෝ පුවත්පතක පළ නොවුනු මුත් ඒ ඇස ගැටුනු බොහෝ ජායාරූප ශිල්පීන් විසින් ඈට තවත් ජායාරූප සඳහා ඇරියුම් ලැබිණි. ලැබෙන සොච්චම කර්මාන්තශාලාවේ වැටුපට වඩා වැඩි නොවුනු මුත් කැමරාව ඉදිරියේ පෙනී සිටීමට ඈ ඇළුම් කළාය.


ඒ ඉදිරියේ ඇයට කිසියම් හුරුපුරුදු ගතියක් දැනුනු අතර ලැජ්ජාශීලී කුලෑටි තරුණිය තටු විදහාලමින් විකසනය වෙමින් සිටියා ය. කුඩාකල සිටම කාමාතුර වැඩිහිටියන්ගෙන් අපයෝජනය වී තිබූ ඇයට නිරුවත් වීම එතරම් අපහසු කරුණක් නොවූ අතර පළමු වසර තුල ඈ සගරා 33ක් තුළ පෙනී හිද තිබිණි.

නිරන්තර සගරාවක, පුවත්පතක ඇස ගැටෙන මෙම සුරූපිණිය තම මීලග චිත්‍රපටයේ සුළු චරිතයකට හෝ යොදාගැනීමට නිෂ්පාදකවරු පෙරුම් පිරූහ.



marolin 800 600


වසර කිහිපයකදී සුළු චරිතයක සිට ප්‍රධාන චරිතය දක්වා සිය රංගන භූමිකාව ඔසවාලත් ඈ 1951 වනවිට යන්තම් විසිපස් විය සම්පූර්ණ වූ කෙළිලොල් තරුණියකව, යෞවනයේ සිහින කුමාරිකාව බවට පත්ව සිටියා ය. ඇගේ සියළුම චිත්‍රපට වාගේ ආදායම් වාර්තා ඉපයූ අතර එකල ඇගේ චිත්‍රපට සමස්ථ ආදායම ඩොලර් මිලියන 200 (වර්තමානයට සාපේක්ෂ්ව ඩොලර් බිලියන 2) පසු කර තිබිණි. නිෂ්පාදන චිත්‍රාගාර මෙතරම් ආදායමක් ඉපයූමුත් ඇයට ඔවුහූ ගෙවනු ලැබුවේ මාසික වැටුපක් පමණි. ඉන් ඇයට සුඛෝපභෝගී ව ජීවත් විය හැකිව තිබූ මුත් ඇගේ හැකියාව, රූප සම්පත්තිය හා තාරුකාගුණය උන් කුණුකොල්ලයේ උරා බොමින් සිටිය හ.


maro 800 400


රංගන හැකියාවන් තව තවත් වර්ධනය කරගැනීමට ඈ සිය නිරන්තර අවධානය යොමු කල අතර එහි ප්‍රතිඵලයක් ලෙස 1959 දී 'Some like it hot' චිත්‍රපටය සඳහා ඈ හොදම නිළිය උදෙසා වූ ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයෙන් පිදුම් ලැබුවාය. මේ වනවිට ඈ, ඇයගේම කියා නිෂ්පාදන සමාගමක් ආරම්භ කරතිබූ අතර ඈ ජනප්‍රියත්වයෙන් මෙන්ම මිල මුදලින්ද අතිසාර්ථක ස්ථාවරත්වයකට පැමිණ හොලිවුඩයේ අංක එකේ තරුව බවට පත් වී සිටියාය.


නමුත් මේ සියල්ල මැද මහා අඩුපාඩුවක් ඇගේ ජීවිතයේ සන්තුෂ්ටිය ඇගෙන් උදුරා ඈට ලගා විය නොහැකි අදුරු මුල්ලක සගවා දමා තිබිණි. සියල්ල තිබුණු මුත් කිසිවක් නොමැති බව ඇයට දැනුනේ එහෙයිනි. ඇගේ ජීවිතය ආදරයෙන් අඩුපාඩු වී තිබිණි.


maro 9


මුළු ලෝකයම ඇයට ආදරය කලමුත් ඈ කිසිදු ආදරයක සුව නොවින්දාය. සියක් යහන්ගත වූ මුත් එකෙක් ආදරයෙන් මුව සිපගත්තේ නැත. දහසක් ඇස් අයා ඈ දෙස බැලූමුත් එකෙක් ඈ ආත්මයේ අන්ධකාරය දෙස බලන්නට ඇස් ඇරියේ නැත. දෙනෝදාහක් ඈ පසුපස වල්මත්ව පැමිණියමුත් එකෙකු ඈ අත අල්ලා ඈ සමග ජීවනගමන පියමැන්නෙ නැත.

පළමු විවාහය කෙළවර වීමත් සමග කඩකප්පල්ව ගිය තවත් විවාහ දෙකකින් හා ආදරයෙන් මගබලා සිටි දරුඵල දෙකක් ගබ්සා වීමෙන් ඈ ජිවිතයේ අන්ත දුක්ඛිත අගාධයක සිරවී සිටිය මුත් මැර්ලීන් නාමය හොලිවුඩයේ විරාජමාන තාරකාව ව දිදුලමින් සිටියා ය.


maro 10සතුට සොයා ජීවිතය හඹා යාම අත්හල ඈ ඒ වෙනුවට ඊට ගලායාමට ඉඩ දුන්නාය. දෛනිකව ගෙවී ගිය වැඩ කන්දරාවත් සමග කාර්යබහුල වූ ඈ විෂාදයෙන්, සාංකාවෙන් හා අනිද්‍රාවෙන් පීඩා විදි අතර ඉන් අත්මිදුනේ මානසික වෛද්‍යවරුන් විසින් නිර්දේශිත ඖෂධ මාර්ගයෙනි. කෙසේ හෝ ඈ ජීවිතය ගලපාගෙන ඉදිරියට යමින් සිටියා ය.

 

maro 800 400 3

 


කාලය ගෙවී යමින් තිබූ අතර ඒ උදා වී තිබුනේ 1962 වසරයි. ඇගේ හුදෙකලා ජීවිතයට විශේෂිත පුද්ගලයින් දෙදෙනෙක් එකතු වී තිබිනු අතර ඒ එවකට ඇමෙරිකාවේ ජනාධිපති වූ ජෝන් F. කෙනඩි සහ ඔහුගේ සහෝදරයා වූ එවකට රාජ්‍ය නීතිපතිවරයා වූ රොබට් කෙනඩි යන රටේ බලවත්ම චරිත දෙකයි.

ඔවුනොවුන්ගේ දැනුවත්භාවය ඇතුව ඈ ඔවුන් දෙදෙනාගේම පෙම්වතිය වූ අතර ඔවුන් දෙදෙනා සමග ඇගේ හැසිරීම රටේ ඉහළ පන්තිය අතර ප්‍රචලිත රහසක් ව තිබිණි. ඔවුන් හා අල්ලාප සල්ලාපයෙන් දැන නොගත යුතු බොහෝ රාජ්‍ය රහස් ඈ කන වැකුණු අතර ඇය ඒවා විනෝදාංශයක් ලෙස 'රතු දිනපොත' ලෙස ඈ විසින්ම නම්කල කුඩා දිනපොතක සටහන් කළාය.



marolim 800 600


අයියා මලෝ ගේ මේ පෙම් පළහිලව්ව රාජ්‍ය සංස්ථාවට මහත් හිසරදයක් වූ අතර CIA සහ FBI සංවිධාන දෙකෙන්ම මෙහි අනිටු අතුරු විපාක ගැන ජනාධිපති කෙනෙඩි වෙත දන්වා තිබූ අතර ඔහුටද මෙහි අවසානයක් දැකීමට අවශ්‍ය වී තිබිණි. ඔහු ගේ අවසන් හමුවීමෙන් පසු ඔවුන් යළි කිසිදා මුන නොගැසෙන බව දැනගත් ඈ ශෝකයෙන් දැවුණාය. ඉන් වරෙක කෝපයෙන් මුසපත් ව ඈ එක මොහොතක ජනපති අමතා සියල්ල එළිකරන බවට තර්ජනය කළාය. මෙය දිනෙක මහා ප්‍රශ්ණයක් බවට පත්වන බව සොයුරන් දෙදෙනාට තේරුම් ගිය අතර ඔවුන් පිටුපස CIA සංවිධානය රාජ්‍ය රැකගැනීම වෙනුවෙන් ඕනෑම දෙයකට සූදානමෙන් මගබලා සිටියහ.

 

maro 13

මූසල නිහඩ දෙමසක් ගෙවී ගිය අතර කරුණු කාරණාවල උණුසුම වියැකෙමින් තිබිණි.

1962 හී අගෝස්තු මස 04 වැනි සෙනසුරාදා මැර්ලීන් මොන්රෝ ට තවත් එක් සාමාන්‍ය දුක්බර දිනයක් විය. උදෑසනම ජායරූප ශිල්පී ලෝරන්ස් සිෂ්ලී ඇය හමු වීමට පැමිණි අතර ඉන්පසු ඇගේ ප්‍රකාශණවේදී පැට්‍රීෂියා නිව්කෝම්බ් සමග මීලග චිත්‍රපටය ගැන සංවාදයක් පැවත් වූවාය. සවස් යාමයේ ඇගේ පෞද්ගලික මනෝචිකිත්සක රැල්ෆ් ග්‍රීන්ස් සමග නිද්‍රාකාරක බෙහෙත් සඳහා ඈ අතිශය ඇබ්බැහි වීමේ ප්‍රශ්ණය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ජා කල අතර රාත්‍රී ආහාරයෙන් පසු සිය මිතුරෙකු සමග විනාඩි 30ක පමණ දුරකථන සංවාදයක යෙදුනා ය. ඇය නින්දට යනවිට යන්තම් රත්‍රී 8 වී තිබිණි.



maro 800 600 14


උදෑසන 3 ට අවදි වූ ගෘහ සේවිකාව තම ස්වාමි දුවගේ කාමරයේ තවමත් පහන් දල්වා ඇත්තේ මන්දැයි විමසිලිමත් වූයේ ජනේලය හරහා ඇගේ නිරුවත් සිරුර නිසලව මුණින්තලා වී ඇද හරහා වැටී තිබුණු ආකාරයෙන් බියපත්ව වහාම මනෝචිකිත්සක වරයා (පොලීසිය නොව) කැදවන ලදි.

ඔහු පැමිණ දොර කඩා ඇතුළු වනවිට ඈ මියගොස් ඇතිබව වහා තෙරුම් ගත් ඔහු වෛද්‍ය හයිමන් එංගල්බර්ග් කැදවූ අතර ඔහු පැමිණ පාන්දර 3 පසු වී 50 වෙනි මිනිත්තුවේදී ඇය මියගොස් ඇති බව ස්ථිරව ප්‍රකාශ කරන ලදි. ඉන්පසු පොලීසිය කැදවන විට 4.25 පමණ වී තිබිණි. ඉතා සුළු පරීක්ෂණයකින් පසු පොලීසිය විසින් ඇය බාබිටියුරේට් (නිද්‍රාකාරකයකි) අධිමාත්‍රාවක් ලබාගැනීමෙන් ඇය සියදිවි නසාගෙන ඇති බවට ප්‍රකාශ කරන ලදි.

maro 15


නමුත් ගැටළු සහගත කරුණු කිහිපයක් වහා ඇවිලී උඩට මතුවිය. බාබිටියුරේට් පෙති 40ක් පමණ ඇය විසින් පානය කර ඇති බව පැවසුවත් කාමරයේ එකදු තැනක හෝ වතුර වීදුරුවක් සොයාගත නොහැකි විය. ඇගේ පිට පුරා සීරීම් පැල්ලම් තිබුණු අතර කිසිවෙකු නිරුවත්ව සිය දිවි නසා ගනීවිය කියා සිතීම මදක් අපහසු කරුණක් විය.

වැදගත්ම හෝඩුවාව සොයාගනු ලැබූ වේ මරණ පරීක්ෂණයේදී වන අතර එහිදී ඇයගේ ආමාශයේ හෝ කුඩා බඩවැලේ කිසිම තැනක බාබිටියුරේට් පිළිබඳ කිසිදු සළකුණක් සොයාගත නොහැකි විය. ඒ වෙනුවට එම අදාල ලක්ෂණ සියල්ල හමු වූයේ ගුද මාර්ගයේ පටක වලිනි. ඇයට බාබිටියුරේට් ඇතුළු කර තිබුනේ ගුද මාර්ගයෙනි. එලෙස කිසිවෙකු සියදිවි නසාගනීවිද නැද්ද යන්න තීරණය කිරීම මම ඔබට බාර කරමි.

maro 800 700 14


කාරණා සියල්ල මෙසේ තිබියදී ඇගේ මරණය සියදිවිනසාගැනීමක් ලෙස වාර්තාකොට පරීක්ෂණ සියල්ල සමාප්ත කරන ලදි. ලෝකයම හඩා වැළපුණු අතර මැර්ලීන් නිහඩව වැතිර සිටියා ය. ලෝකයම සාධාරණය ඉල්ලා ඉල්ලා කෑ ගැසූ අතර සියළුම රහස් තමා තුළම සගවාගනිමින් මැර්ලින් අවසන් ගමන් ගියා ය.

ඊට වසර එකහමාරකට පමණ පසුව ජනාධිපති ජෝන්. F. කෙනඩි දෙනෝදහසක් බලා සිටියදී මහමග වෙඩිතබා මරා දැමුණු අතර ඊට වසර කිහිපයකට පසු ඔහුගේ සොහොයුරු රොබට් ද ඒ අයුරින්ම මරා දැමිණි.


maro 17



මැර්ලීන් මොන්රෝ ගේ ජීවිතය විනිශ්චය කිරීමට ඔබට හෝ මට හැකි වෙතැයි මම නොසිතමි. ඇගේ ශෝචනීය ජීවිතය විසින් ඇයට උදාකල හා ඇගෙන් උදුරා ගත් අවස්ථා ගැන නිශ්චයටම දන්නේ ඈ පමණි. එහෙයින් අප, ඇගේ ප්‍රණ අයිතිය ඇගෙන් උදුරා ඇය නසා දැමූ කවරෙකු හෝ වේ නම් උන් සියල්ලෝම නීතිය හමුවට පැමිණේවා යැයි කියා පමණක් එක සිතින් ප්‍රාර්ථනා කරමු.

 

උපුටාගැනීමකි.



maro 700 700

 

maaro18 700 600

 

maro 400 800 1234

 

maro 700 700 1212

 


maro last