SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec


වමට වැටිලා දකුණට කැපෙනවා. දකුණට කැපිලා වමට වැටෙනවා. දූස්රා චිත්‍රපටයේ ජීවත්වෙන චරිතත් අන්න ඒ වගේ.

ඊළග මෙහොතේ කොයි පැත්තට කැරකෙයිද? කියලා හිතාගන්න බැහැ. "රතී" වගේ ගම්බදව ජීවත්වෙන දුප්පත් කෙල්ලන්ට චන්න දේශප්‍රිය කැමරාව හරවනවා. රතී කියන්නේ පිරිමින්ගේ සාක්කුවල තියෙන මොණර ⁣කොළවලට විදින සුක්ෂම ගේම්කාරියක්. එයා ගම්බදව වාසය කරන අවවරප්‍රසාදිත තරුණියන්ගේ කුලකය නියෝජනය කරන්නේ.

 

 

 


හැබැයි රතී කියන චරිතයේ ඉරණම ලියාගන්නේ තමන්ට ඔින විදියට නෙමෙයි. තමන් කරන දේ එක්ක ඒ ඉරණම ලියවන්නේ එයා වටේ ඉන්න පිරිමි රොත්ත. චිත‍්‍රපටයේ කතාව ගෙතෙන්නේ මෙන්න රතීගේ දෘෂ්ටි කෝණයෙන්. "දූස්රා" චිත‍්‍රපටය බලලා කාටහරි ස්ත්‍රීවාදී ප්‍රවේශයක් ගන්නත් පුලුවන්. සාමාන්‍යයෙන් ගැහැණිය කියන්නේ පිරිමි වේදිකාව ඇතුළේ විකිණෙන සෙල්ලම් බඩුවක්. ගණිකාවක් විදියට වඩා දැන් නම් කාන්තාවන් ටෙලිනාට්‍යවල, පත්තරවල සදැල්ල වගේ ටැබිලොයිඩ් අතිරේක මුල්කවරවල, වෙළඳ දැන්වීම්වල ස්ත්‍රීයගේ අඟ පසඟ ලාබයට විකිණෙනවා.

 


බලය තියෙන කණ්ඩායම් විසින් ලියපු ඉතිහාසය පුරා, ස්ත්‍රිය, සුන්දර හෝ අසුන්දර වස්තුවක් විදියට ආකෘතිගත කළා. ඉතිහාසයම රූපවාහිනිය, සිනමාව, ගුවන් විදුලිය සහ සාමාජ මාධ්‍ය ජාලා මගින්, නැවත නැවත ගොඩ නගමින්, සමාජ ගත කිරීම ඛේදවාචකයක් බවට පත් වෙලා තියෙනවා. ස්ත්‍රිය එහෙමත් නැත්නම් ගැහැණිය කියන්නේ සුන්දර හෝ අසුන්දර වස්තුවක් නෙමෙයි. ඇය මනුෂ්‍යයකු පමණි. ස්ත්‍රී ගැටලුව වටහා ගැනීම වෙනුවෙන් ඇයව වස්තුකරණය ට නතුකිරීම ප්‍රායෝගික නැහැ කියලා මම විශ්වාස කරන දෙයක්. ස්ත්‍රීය වස්තුවක් විදියට ආකෘතිගත කරන්නේ, පිරිමියා විසින්ම යැයි කතිකාවක්, සමාජයේ අධිපති ව තියෙනවා. ගැහැණියක් වීම නිසා ම ඇයට එල්ල වන ප්‍රධානතම අභියෝගයක් තමයි ප්‍රචණ්ඩත්වයට ලක් වීම.

 

 

697084637_2484163445337624_7105805163096497183_n.jpeg

 


ස්ත්‍රී ප්‍රචණ්ඩත්වය සමාජීයමය ප්‍රපංචයක් (phenomenon). ඇයට හිමිවිය යුතු වරප්‍රසාද අහිමි කරමින් හෝ ⁣පුද කරන එකී සමාජයම ඇයට අවසානයේ තාඩන, පීඩන එල්ල කරනවා. රතීටත් ඒක ඒ විදියටම අත්විඳින්න ලැබෙනවා. මේ සියල්ල වෙන්නේ පුරුෂ මූලික සමාජ ක්‍රමයක් ඇතුළේ. කාන්තාවක් විදියට රතීට චැලෙන්ජ් කරපු පිරිමි එක්ක හොලිවුඩ් ෆිල්ම්වල ඉන්න ස්ත්‍රිවාදී චරිත වගේ ෆේස් ටූ ෆේස් ඇටැක් කරන්න බැරි වුණත් එයා තමන්ගේ පැවැත්ම වෙනුවෙන් යම් අරගලයක් කරනවා.

 


''දුස්රා" චිත‍්‍රපටය විශිෂ්ට ගණයේ චිත‍්‍රපටයක් නෙමෙයි. සාමාන්‍ය කතාවක් තියෙන හොඳ චිත‍්‍රපටයක්. මේ සාමාන්‍ය කතාව සිනමාත්මකව ගේන්නේ කොහොමද? කියන එක සෑහෙන විදියට රූපවලින් ගොඩනඟලා තියෙනවා. විශේෂයෙන් ධම්මික රත්නායකගේ කැමරා ඇස මෙහිදි විශේෂයි. චන්න දේශප්‍රියගේ අධ්‍යක්ෂණය එතරම්ම සාර්ථක නැහැ. සිනමාපටයේ අවසානය පිළිබඳ එකඟ වෙන්න බැහැ.

 


රතී⁣ගේ චරිතය නිරූපණය කරන තිලක්ෂිණි රත්නායක අති සාර්ථකයි. රතී කියන චරිතයට වෙන කිසිදු ආදේශක නිළියක් යෝජනා කරන්න බැරි තරමට තිලක්ෂිණි ඒ චරිතය යථාර්ථවාදීව නිරූපණය කරනවා. ඇත්තටම චිත‍්‍රපටය දුවන්නේ තිලක්ෂිණිගේ රූපණය නිසාමයි. තිලක්ෂිණිට පස්සේ වඩාත් අවධානයට ලක් වෙන චරිතය තමයි ශ්‍යාම් ප්‍රනාන්දුගේ රංගනය.

 

 

"දූස්රා" බලනකොට මතක් වුණේ සයිමන් නවගත්තේමගේ "සුද්දිලාගේ කතාව" නවකතාවේ එන "සුද්දිව". සුද්දිව පස්සේ රතී ආයෙත් වෙනම වේශයකින් අපිට හමුවෙනවා. "දූස්රා" ස්ථානගත කරනවා නම් ඒ, 2024 වසරේ තිරගත වෙච්ච චිත්‍රපටවලින් හොඳම චිත‍්‍රපටයක් විදියට හඳුන්වන්න පුලුවන්.

 

 

@ මලින්ත විතානගේ-

|"දූස්රා" සිනමා විචාරය| Malintha Vithanage

 

 

Full Movie review

 

නවතම ලිපි