SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සාරාංශය

 

“විජ්ජා–චරණ සම්පන්නෝ” යන ගුණ නාමය බුදුන් වහන්සේගේ ධර්මයෙහි මූලික ලක්ෂණයක් නිරූපණය කරයි.

එනම් දැනුම (විජ්ජා / න්‍යාය) සහ ජීවිතයට යෙදීම (චරණ / ව්‍යවහාරය) වෙන් කළ නොහැකි ලෙස එකට පවතින බවයි. බුදුදහම නිරාකාර දර්ශනයක් හෝ ආගමික ආචාර පද්ධතියක් පමණක් නොව, ජීවිතය සහ සමාජය පරිවර්තනය කරන සම්පූර්ණ මාර්ගයකි.

 

 

1. බුදුදහමේ න්‍යාය

බුදුදහමේ න්‍යාය යනු ජීවිතය, දුක්ඛය, සමාජය සහ සොබාදහම වටහා ගැනීමට උපකාරී වන මූලධර්ම පද්ධතියකි. චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාදය සහ මධ්‍යම ප්‍රතිපදාව එහි ප්‍රධාන උදාහරණ වේ.

 

 

2. බුදුදහමේ ව්‍යවහාරය

ව්‍යවහාරය යනු මෙම මූලධර්ම ජීවිතයට යොදා ගැනීමයි. එය සීල, සමාධි, ප්‍රඥා ලෙසත්, කරුණාව, අහින්සාව සහ සමාජ සාධාරණත්වය ලෙසත් ප්‍රකාශ වේ.

 

 

3. න්‍යාය හා ව්‍යවහාරයෙහි ඒකාබද්ධත්වය

බුදුන් වහන්සේ න්‍යාය හා ව්‍යවහාරය වෙන් කිරීම ප්‍රතික්ෂේප කළහ. එබැවින් “සුපටිපන්නෝ” සහ “   "න්‍යාය පටිපන්නෝ"   යන ගුණ වදන් ධර්මයෙහි  සදහන්වේ  .

 

 

4. සමාජ ව්‍යාපාර සහ අභ්‍යන්තර ගැටුම්

ඕනෑම සබුද්ධික සමාජ ව්‍යාපාරයක න්‍යායවාදීන් සහ ප්‍රායෝගිකවාදීන් දෙපිරිසම සිටී. මෙම දෙපාර්ශ්වය  අතර සමතුලිතභාවය බිඳ වැටෙන විට ව්‍යාපාර දෙකඩ වීම සිදුවේ.

 

 

5. බුදුදහමේ නියෝජන චරිත

සාරිපුත්ත මහරහතන් වහන්සේ න්‍යාය හා ප්‍රඥාව නියෝජනය කළහ. මුගලන් මහරහතන් වහන්සේ ප්‍රායෝගික අත්දැකීම සහ සාධනීය ධර්මය නියෝජනය කළහ. මෙය ශුද්ධ හා ප්‍රායෝගික බුදුදහමේ සම්පූර්ණත්වයයි.

 

 

6. මාර්ක්ස්වාදය සමඟ සමාන්තරය

මාර්ක්ස්වාදයද න්‍යාය හා ව්‍යවහාරය අතර සම්බන්ධය අවධාරණය කරයි. “න්‍යායෙන් තොර භාවිතාව අන්ධය, භාවිතාවෙන් තොර න්‍යාය වඳය” යන ප්‍රකාශය බුදුදහමේ  එන ඉගැන්වීමට  සමීප වේ.

 

 

නිගමනය

ශුද්ධ බුදුදහම හා ප්‍රායෝගික බුදුදහම යනු එකම මාර්ගයක වෙන් කළ නොහැකි අංශ දෙකකි.

 

 

#අතුරලියේ රතන හිමියන් විසිනි.

නවතම ලිපි