ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන හා අවසන් එක්දින තරගයේදී
ලකුණු 174 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(14) සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදෙමින් සිය පන්දුවාර 50 තුළ කඩුලු 04 ක් දැවී ලකූණු 281 ක් ලබා ගැනීමට සමත් විය.
පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිෂාන් මදුෂ්ක ලකුණු 51 ක් හා කුසල් මෙන්ඩිස් තමන්ගේ 05 වන එක්දින ශතකය වාර්තා කරමින් ලකුණු 101 ක් ලබාගත් අතර, නායක චරිත් අසලංක නොදැවී ලකුණු 78 ක් හා ජනිත් ලියනගේ නොදැවී ලකුණු 32 ක් ලබා ගත්තේය.
පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් Ben Dwarshuis, Aaron Hardie, Sean Abbott හා Adam Zampa එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණි.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දු වාර 25 ක් තුළ සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 107 ක් පමණි.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුලු 03 ක්, දුනිත් වෙල්ලාලගේ කඩුුලු 04 ක් හා වනිඳු හසරංග කඩුලු 03 ක් බිඳ හෙළීමට සමත් විය.
ඒ අනුව තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය.