SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

1966 සත් සමුදුරෙන් සිනමාවට පිවිසෙන ස්වර්ණා මල්ලවාඅරච්චි නම් අග්‍රගණ්‍ය රංගන ශිල්පිනි⁣ය

ස්වකීය වෘත්තීය ජීවිතයේ විශිෂ්ටත්වයේ පරිසමාප්තියට ද පැමිණ සිටියදී නුදුරේදී එළි දකින අශෝක හඳගම අධ්‍යයක්ෂණය කළ රාණී චිත්‍රරපටයෙන් නැවත වතාවක් දැක බලා ගැනීමේ මහා උමතුවකින් පෙළෙමි.

 

 

කිසිම නිළියකට සමකළ නොහැකි ඉතා තියුණු රංගන තීව්‍රතාවකින් වඩා සිත් බැඳ තැබූ ඇගේ කඩා හැළෙනා ශෘංගාරය (erotic beauty ) ගැන මේ මොහොතේ යමක් ලියන්නට සිතුවෙමි.

 images 4

 

1960 මුල් බාගය වන විටත් උත්තර භාරතීය සිනමාවේ සහ දකුණු ඉන්දීය සිනමාවේ අභාශය තවදුරටත් වැටී තිබුණු යුගයකි. ගම්පෙරළිය සහ රේකාව සිනමාවට නැඟෙන තෙක්ම එළිමහන් දර්ශන පවා සිදුව නොතිබුණි.එතෙක් ලාංකේය සිනමාපටවල රඟපෑ නිළියන් බොහෝ දුරට තෝරා ගැනුණේ පෙරකී දකුණු ඉන්දියානු සිනමාවේ හා උත්තර භාරතීය සිනමාවේ දුටු පිරිපුන් ශාරීර ශෝබාවක්, බෝල ඇඟක්, පිරිපුන් ළැමක් සහ ඉදිරියට නෙරා ආ ඉතා සිහින් උදරයක් සහිත නිළියෝය. වෛජන්තිමාලා, සයිරා බානු, හේමාමාලිනි වැනි නිළියන් ලාංකේය රසිකයා තදින් වැළඳගෙන සිටීමත් එයට හේතුවක් වන්නට ඇත. එහෙත් ස්වර්ණාගේ සිනමා ප්‍රවිශ්ටය මේ සම්මතයන් බිඳ දැමීමට සමත්  විය.

 

images 5jpg

 

සිරි ගුණසිංහයන් විසින් වික්ටෝරියානු ශරීර ලක්ෂණ සහිත ගැහැනිය සිනමාවට හඳුන්වා දෙනු ලබන්නේ ස්වර්ණා  හරහාය. වික්ටෝරියානු කාන්තාවගේ දක්නට ලැබෙන සිහින් දිග සිරුර, කඩා හැළෙන ශෘංගාරය කදිමට ස්වර්ණා මල්ලවාඅරච්චි තුළින් සිරි ගුණසිංහයන් හඳුනාගෙන තිබුණි. විශේෂිත වූ කාරණාව වන්නේ ස්වර්ණා සතු ඇගේ මුහුණේ පිහිටීමයි. වික්ටෝරියානු ගැහැනියක සතු jaw bone (හකු ඇට) පිගිටීම ස්වර්ණාගේ මුහුණේ තීවෘතාව සහ හැඩය වඩා හොඳින් ඉස්මතු කරයි. හකු අස්ථි සුන්දරත්වය සඳහා වැදගත් වන්නේ ඒවා මුහුණේ හැඩයට සහ සමෝච්ඡයට දායක වන නිසා වන අතර එය සමස්ත පෙනුමට බලපායි. හකු හැඩය සහ මුහුණේ සමබරතාවය ඉතා පැහැදිලි jaw lines(හකු රේඛාවක්) මුහුණකට ශක්තිමත් සහ කැපී පෙනෙන පෙනුමක් ලබා දිය හැකිය. හකු හැඩය ලස්සන සිනහවක් සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරයි. හකුවල පිහිටීම තොල්වල පෙනුමටද බලපෑ හැකිය.

 

images 2

 

ඉතාවිශාල දෙතොලක් නැතත් ස්වර්ණාගේ කාමුක දෙතොල් සහ සිනහවට jaw lines තීවෘව පිහිටීම බලපා ඇතිබව පෙනේ.

 

ඉතා ජනප්‍රිය ඉන්දියානු නිළියන් හකු වල හැඩය නිවැරදි කිරීම සඳහා, සැත්කම් සිදු කරන්නේ ඒහෙයිනි.. වාසනාව නම් ස්වර්ණා මල්ලවාඅරච්චි රංගනශිල්පිනියට බොහෝ දකුණු ආසියාතික නිළියන් සතු නොවූ වික්ටෝරියානු ගැහැනියගේ මුහුණේ හැඩය උපතින්ම හිමිවීමයි.

 

ස්වර්ණා සතු ආකර්ෂණීය සිහින් දිගු ගෙල ප්‍රදේශයත් ඇයටම ආවේණික ශෘංගාරාත්මක පෙනුම වැඩි කොට පනේවයි. සමහර සංස්කෘතීන්වල දිගු ගෙල අලංකාරය සමඟ සම්බන්ධ වී ඇත්තේ ඒවා විලාසිතාවෙන් යුක්ත බව සලකන නිසාය. බොහෝ ගෝත්‍රික කාන්තාවන් දිගු පෙනුමක් ලබා ගැනීම සඳහා ඔවුන්ගේ ගෙල වටා පිත්තල දඟර පැළඳ සිටින්නේ එබැවිනි.

 

hansa vilak

 

නිරූපිකාවන් සහ නිළියන් සඳහා දිගු ගෙලක්  පිහිටීම ඉතා වැදගත් වන්නේ ඒ නිසාය.

 

ජීව විද්‍යාත්මකව ගත්විට ගෙල යනු සෙල්ලක්කාර හා ආලවන්ත හැඟීම් පෑමට හැකි ස්නායු ජනක කලාපයකි.

 

සමහර සංස්කෘතීන්වල, දිගු බෙල්ල ඉහළ වටිනාකමක් ලැබෙන අතර ඒ නිරුවත් දිගු ගෙල ප්‍රදේශය තුළින් පවා ශෘංගාරය මතු කළ හැකිය. ස්වර්ණා රඟපෑ බොහෝ  චරිත මතක් කර බැලුවොත් එය මනාව පැහැදිලි වේ. දගු ගෙල වටා කඩා හැ⁣ළුණ කේශ කලාපයද ඇගේ ශෘංගාරය වඩ වඩා තීවෘ කරයි. පිරිපුන් ගෙල වටකට වඩා ස්වර්ණාගේ වල ගැසුණු සිහින් ගෙල, භාවයන් ඉස්මතු කිරීමට සහයෝගයක් වූ බව පෙනේ.

 

හංස විලක් චිත්‍රපටයේ කුඩය ඉසලාගෙන පිටුපා යන නිර්මලාගේ රෑප රාමුව, නිරැවතින් සිටිනා ගැහැනියකට හෝ ලිංගික දර්ශනයකට වඩා ශෘංගාරයක ගෙනාවේ කෙසේදැයි තවමත් පුදුමයකි. ඒ මැජික් එක  ස්වර්ණා මල්ලවාඅරච්චි නම් රංගනවේදිනියට හැර කාට නම් කළ හැකිද?

 

images 7

 

ස්ත්‍රී මනෝභාවයේ ගූඪ ස්වරෑපයන්ද ලිංගික සූරා කෑමද අසාධාරණය තුළින් මිරිකෙන ලාංකේය ගැහැනියගේ චරිතයද ස්වර්ණා තුළින් මතුකරද්දී එයට එරෙහි ප්‍රචණ්ඩ ගැහැනියවද ස්වර්ණා තුළින් කතා කරන්නට  අධ්‍යක්ෂවරු උත්සහ කලහ.

 

ඒ සෑම භූමිකාවක් හරහාම අතිසාර්ථක ලෙස රසිකයාගේ මනසේ නිදන් වූ අපූරු නිළියම බවට පත්වූවාය. එලෙස ලබා ගත් ජනප්‍රියතාව සිවිල් බලයක් කොට ගෙන රඟ දැක් වූ භූමිකාවෙන් ඔබ්බට ගොස් ඉහළට ඔසවා තැබූ මහ සමාජයට යමක් ආපසු දෙන්නට හැකි වූ අපූරු ගැහැනිය ඇයයි.

 

 images 3jpg 1

 

 

සමකාලීන සමාජයේ පවතින ගැටලු යථාර්ථවාදීව තිරය මත මවා රසිකයා කුල්මත් වෙද්දී,මෙරට ගැහැනුන්ගේ ආත්මය ඒ අයුරින්ම තිරය මත දිග හළ යකඩ ගැහැනිය ද ඇයයි. ඇතැම් චරිත හරහා ඈ නිරූපනය කළ ප්‍රගතිශීලී බව තරුණ අවධියේ මගේ මනසේ ඉතා දරුණු ලෙස තැන්පත් විය. ඈ රඟපෑ බොහොමයක් චරිත සිංහල චිත්‍රපටයේ සන්ධිස්ථානයක් ලෙස ඉස්මතු වී ඇත්තේ මෙම විශිෂ්ට නිළියගේ දක්ෂතා නිසාය.

 

1966 සත් සමුදුරේ සිට ⁣අද රාණි දක්වා එන ගමනේ නොවෙනස්ව තබාගත් stardom තරු ගුණය පුදුමාකාරය.

 www 1

 

එදත් අදත් හෙටත් මගේ නිළිය ඇයමය. නුදුරේදී අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ රාණි තුළින් ඇයගේ රංගන ප්‍රතිභාව නැවත විඳ ගැනීමේ උමතුවෙන් බලා සිටිමි.

 

@ඉරේෂා හේමමාලි

#සිනමාවේදීන්

නවතම ලිපි