SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර ඊයේ (02)

පැවති තෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේ දී ලකුණු 07ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් ව තිබේ.

 

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල කඩුලු 5 ක් දැවී ලකුණු 218 ක් රැස් කළ අතර එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් කුසල් ජනිත් පෙරේරා අගනා ශතකයක් වාර්තා කළේය.

 

ලකුණු 219 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත පිලට සිය පන්දුවාර 20 අවසානයේ දී ලබා ගැනීමට හැකිවූයේ කඩුලු 7ක් දැවී ලකුණු 211 ක් පමණි.