SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගෝවා පවුලේ එළවළු වර්ග ෆෝලේට් සහ විටමින් K, A, C වැනි විටමින් වර්ගවලිනුත්

ඛනිජ ලවන වලිනුත් පොහොසත් ය. තද කොළ පැහැති ගෝවා පවුලේ එළවළු විශේෂයෙන් විටමින් A සහ ​​C වලින් බොහොම සරුයි.

 

 

ඒ වගේම ගෝවාවල සෞඛ්‍යයට වටිනා කියන ෆයිටොනූට්‍රියන්ට්ස් රාශියක්ම අඩංගු වෙනවා. ඒවා, පිළිකා ඇතුලු බෝ නොවන රෝග ඇතිවීමේ අවදානම අඩු කිරීමට උපකාරී වන ශාක පදනම් වූ සංයෝගයන් වේ.

 

gowa 3

 

ගෝවා පවුලේ එළවළුවල සුලභව තියෙන ග්ලූකෝසිනොලේට්ස් කියන ශාක රසායනික සංයෝග ඉතාමත් සුවිශේෂී වේ. (Glucosinolates ) ග්ලූකෝසිනලේට් විශේෂයෙන් මහා බඩවැලේ පිළිකා, පුරස්ථි පිළිකා, පියයුරු පිළිකා සහ හෘදයාබාධ වැනි බරපතල රෝගවලින් මිනිසාට ආරක්ෂාව සපයන බව අධ්‍යයනවලින් පෙනී ගොස් තිබෙනවා. ඒ වගේම ග්ලූකෝසිනලේට් අක්මාවේ විසහරණ එන්සයිම සක්රිය කිරීමටද දායකවන බව සොයාගෙන තිබෙනවා. හානිකර කොලෙස්ටරෝල් අඩු කිරීමටත් ග්ලූකෝසිනලේට් උපකාරි වෙනවා.

 

gowa 4

 

ගෝවා පවුලේ එළවළුවල තියෙන ලාක්ෂණික සැර ගණ්ධයට හේතු වෙන්නේ මේවායේ අඩංගු සල්ෆර් සංයෝග වේ. සල්ෆර් මිනිස් ශරීරයේ බොහෝ වැදගත් ජෛව ක්රියාකාරිත්වයන් රාශියක් සඳහා අත්‍යවශ්‍ය වෙනවා. ඉන් ඉතා වැඳගත් කාර්යයක් තමයි අපගේ සෛල සහ ජාන මුක්ථ ඛණ්ඨක ප්රහාරවලින් ආරක්ෂා කිරීමට අවශ්‍යවන අපගේ ශරීරයේ තිබෙන ස්වභාවික ප්රතිඔක්සිකාරකය වන ග්ලූටතයන් (Glutathione) සංශ්ලේෂණය සඳහා සල්ෆර් දක්වන දායකත්වය.

 

කොහොම වුනත් සමහර අය ගෝවාවල මේ සැර ගණ්ධයට කැමති නෑ. කලාතුරකින් සමහර අය සල්ෆර් වලට අසාත්මිකයි.

 

හීනියට කපාගත්තු ගෝවාවලට විනාකිරි හෝ දෙහි ටිකක් දාලා ටික වේලාවක් තිබ්බාම සල්ෆර් ගන්ධය අඩු කර ගන්න පුලුවන් . ස්ටීම් කිරීම මගිනුත් යම් ප්රමාණයකට ඉවත් කර ගන්න පුලුවන්.

 

ගෝවා හෙඳ කෑමක් උනත් වැඩිපුර කෑමෙන් කෙනෙකු අමාරුවේ වැටෙන්නත් පුලුවන් කියලත් මතක් කරන්න ඕන.

 

  • ගෝවා පවුලේ එළවළු වල තියෙන ග්ලූකෝසිනලේට් වල බලපෑමෙන් වැඩිපුර ආහාරයට ගත්තොත් අයඩීන් ඌණතාවයට හේතු වෙන්න පුලුවන්. එහෙම වුනාම තයිරොයිඩ් ග්රන්ථියේ ආබාධ වලට හේතු වෙන්න පුලුවන් . (hypothyroidism)

 

  • ගෝවා පවුලේ එළවළු වල අධිකව තියෙන විටමින් K, රුධිර කැටි ගැසීම වැළැක්වීමට ඖෂධ ලබා ගන්නා රෝගීන්ට එච්චර හොඳ නෑ.

 

  • ගෝවා අමුවෙන් ටිකක් වැඩිපුර ගත්තොත් ආහාර අජීර්ණ වෙන්න පුලුවන් . ගෝවාවල තියෙන දිරවීමට පහසු නැති Riffinose කියන පොලිසැකරයිඩ නිසා තමයි එහෙම වෙන්නේ.

 

  • පිලිකා රෝගයට ප්රතිකාර ලබන , විශේෂයෙන් කීමෝ තෙරපි ලබන රෝගීන් ගෝවා ආහාරයට ගැනීමෙන් වලකින එක යහපත් වෙන්න පුලුවන් . එවැනි රෝගීන්ට ගෝවා නිසා බඩඑළිය යෑමට පුලුවන්.

 

  • තව දෙයක් මතක් කරන්න ඕන. ගෝවා කියන්නේ අපේ ගොවියෝ වස විසවලින් හොඳ පදමට තෙම්පරාදු කරන එළවළුවක්. ඒ නිසා උයන්න කලින් ගලන ජලයෙන් දෙතුන් පාරක් සෝදා ගැනීමත් (විනාකිරි සහිත ජලයේ ටික වේලාවක් ගිල්වා තැබීමද කළ හැකිය.) හැකිනම්, තමාගේ ගෙවත්තේ වගා කරගත්තු ගෝවා ආහාරයට ගැනීමත් බොහොම වැදගත්.

 

කොයික කොහොම උනත් ගෝවා රස ගුණ සපිරි කෑමක්. හැබැයි රස ගුණ වගේම පදම සහ පමණ දැනගෙන කෑවොත් තමයි හොඳ.

 

@ගැමුණු සාලිය පෙරේරා.

මහජන සෞඛ්‍ය පරීක්ෂක