පාකිස්තාන කණ්ඩායම පරාජය කර වසර 7කට පසුව පැවැත් වූ හොංකොං සික්සස්
ක්රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ලහිරු මධුසංකගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා කණ්ඩායම අද (3) සමත් විය.
අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 3.5කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 72ක් පමණි.
ඒ අනුව ලකුණු 73ක ජයග්රාහී ඉලක්කය කඩුලු 3ක් දැවී තිබියදී තරගයේ 5වැනි පන්දුවාරයේදී පසුකර යාමට ශ්රී ලංකාවට හැකිවිය.
තරග ඉතිහාසයේ ශ්රී ලංකා කණ්ඩායමක් ශූරතාව දිනාගත් දෙවැනි අවස්ථාව මෙය වන අතර 2007 වසරේදී මීට පෙර ශූරතාව දිනා තිබුණි.