ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ එළැඹෙන
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ම ක්‍රීඩා කිරීමට නියමිතයි.
ඒ ඔහුව ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් නොකර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ම රඳවා ගැනීමට එම කණ්ඩායමේ බලධාරීන් තීරණය කිරීම හේතුවෙන්.
එහිදී මතීෂට ඉන්දීය රුපියල් කෝටි 13ක් හෙවත් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.56ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 45ක් පමණ) හිමිවෙයි.
මතීෂ පතිරණට වඩා වැඩි මුදලකට ඊළඟ වාරය සඳහා චෙන්නායි සුපර් කිංග්ස් තවදුරටත් කණ්ඩායමේ රඳවාගෙන ඇති ඉහළම ගෙවීමක් ඇති ක්‍රීඩකයන් දෙදෙනා වන්නේ රටුරාජ් ගයික්වාඩ් සහ රවින්ද්‍ර ජඩේජා. ඔවුන් දෙදෙනාට ඉන්දීය රුපියල් කෝටි 18 බැගින් ගෙවයි.
#monara