ලෝක කුසලාන කාන්තා විස්සයි20 තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට
නවසීලන්ත පිල සමත් විය.
ඒ අනුව නවසීලන්තය හා දකුණු අප්‍රිකාව අතර අවසන් මහා තරගය හෙට (20) ඩුබායිහිදී පැවැත්වේ.
ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ පැවති බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි දෙවැනි අවසන් පූර්ව තරගයේදී නවසීලන්ත කාන්තාවෝ ලකුණු 8ක ජයක් ලබා වසර 14කට පසු අවසන් මහා තරගයට පිවිසීම විශේෂත්වයකි.
නවසීලන්ත පිල 2010 වසරේදී බටහිර ඉන්දීය කොදෙව්හි පැවති කාන්තා විස්සයි20 තරගාවලියේ අවසන් මහා තරගයට පිවිස ඔස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත් විය. ඉන් පසු පැවති තරඟාවලි වලදී ඔවුන්ට අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථා අහිමිවී ගියේය.
කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය මුලින් පන්දුවට පහරදී කඩුලු 9කට ලකුණු 128ක් ලබාගත් අතර, බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලු 8කට ලකුණු 120ක් ලබා ගත්තේය.
නවසීලන්ත කාන්තා පිල කඩුලු 9කට ලකුණු 128යි (ඕවර 20)
සුසී බේට්ස් 26, ජෝජියා පිල්මියර් 33, සොපියා දෙවිනි 12, ඉසෙබලා ගාස් නොදැවී 20 අතිරේක 1 (ඩෙන්ඩ්රා ඩොටින් 22/4, අෆී ෆ්ලෙචර් 23/2)
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල කඩුලු 8කට ලකුණු 120යි (ඕවර 20)
ක්වීනා ජෝෂප් 12, ස්ටැෆනි ටේලර් 13, හේලි මැතිව්ස් 15, ඩෙන්ඩ්රා ඩොටින් 33, අෆී ෆ්ලෙචර් නොදැවී 17, සයිඩා ජේම්ස් 14 (එඩන් කාර්සන් 29/3, අමෙලියාර් කර් 14/2)