SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික දින ද‍ර්ශනයට එක් වන නවතම තරගාවලිය ලෙසින් ලංකා ටී 10

සුපර් ලීග් තරගාවලිය එළැඹෙන දෙසැම්බර් මස 12 වැනිදා ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.

 

වසර කිහිපයක් පුරා පැවැත්වීමට නොහැකි වූ මෙම ලීග් තරගාවලිය දිවයිනේ ප්‍රදේශ 6ක් නියෝජනය කරමින් කණ්ඩායම් 6ක සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර එහි ක්‍රීඩක ලියාපදිංචි කිරීම පෙරේදා (15 වැනිදා) සවස 6 සිට ආරම්භ කෙරුණි.

 

විදෙස් ක්‍රීඩකයින්ට මෙන්ම හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ටද මෙම තරගාවලිය සඳහා ලියාපදිංචි වීමේ හැකියාව පවතින අතර ඒ සඳහා මෙම මස 23 වැනිදා දක්වා අවස්ථාව ලබා දී ඇත. 

 

තරගාවලියේ සංචිතයක් සඳහා විදෙස් ක්‍රීඩකයින් 7ක් සමගින් උපරිම ක්‍රීඩකයින් 17ක් ඇතුළත් කර ගැනීමේ හැකියාව පවතී. දින 10ක තරගාවලියක් වන මෙම ලංකා ටී 10 තරගාවලියේ අවසන් මහා තරගය දෙසැම්බර් 22 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇත.

 

 

marrikkar

නවතම ලිපි