SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ICC කාන්තා T20

ලෝක කුසලාන තරඟාවලියේ පළමු තරඟය ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර අද(03)  පැවැත්වේ.

 

 

ශ්‍රී ලංකාව කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පසුගිය තරඟාවලි  අටේදී කිසිදු දිනක අවසන් මහා තරගයට පිවිස නැත. එහෙත් ඔවුන් මෑතකදී ස්කොට්ලන්තයට එරෙහිව උණුසුම් තරගයක් පෙන්නුම් කළේය.

 

 

ශක්තිමත් පන්දු යැවීමේ ඒකකයක් සම්බන්ධයෙන් විශ්වාසය තබා ඇති  ශ්‍රී ලංකාව මෙම ඉසව්වේ තරග වදින විශාල කණ්ඩායම්වලට විශාල තර්ජනයක් විය හැකි බවට විචාරක පැසසුමට ලක් ව ඇත.

 

 

ශ්‍රී ලංකාව ද කාන්තා ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට යෑමේ අදහසින් අද පාකිස්තානයට එරෙහි ජයග්‍රහණයත් ලබාගතහොත්  ඔවුන්ට යම් උත්තේජනයක් ඇති කර ගැනීමට එය  උපකාරී වනු ඇත.

 

බංග්ලාදේශයට එරෙහිව පසුගියදා පැවැති පෙරහුරු තරගයේදී පාකිස්තානය ලකුණු 23කින් පරාජයට පත්විය. එහිදී පකිස්ථාන කණ්ඩායමේ හොඳම පිතිකරුවා වූ ඔමයිමා සොහයිල් ලකුණු 33ක් රැස්කරමින් දැවී ගියාය.

 

තරගාවලියට පෙර පැවැති පෙරහුරු තරගවලදී පාකිස්තානය ස්කොට්ලන්තය හමුවේ කඩුලු 8කින් පරාජයට පත්වූ අතර බංග්ලාදේශය හමුවේ ලකුණු 23කින් පරාජයට පත්විය.

 

ශ්‍රී ලංකාව එහිදී බංග්ලාදේශය ලකුණු 33කිනුත් ස්කොට්ලන්තය කඩුලු 5කිනුත්  පරාජයට පත්  කළේය.

 

මේ අතර ශ්‍රී ලංකාව මේ වසරේ ආසියානු කුසලානයේ අවසන් පූර්ව තරගය ඇතුළුව පාකිස්තානයට එරෙහිව අවසන් විස්සයි20 තරග තුනක් ජයගෙන ඇත.

 

ශ්‍රී ලංකා සංචිතය: 

චමරි අතපත්තු (නායිකාව), හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, කවිෂා දිල්ෂාරි, නිලක්ෂිකා සිල්වා, හසිනි පෙරේරා, අනුෂ්කා සංජීවනී (WK), සචිනි නිසංසලා, උදේශිකා ප්‍රබෝධනී, ඉනෝෂි ප්‍රියදර්ශනී, ඉනෝෂි ප්‍රියදර්ශනී, ජී. කාංචනා සහ සුගන්දිකා කුමාරි.

පකිස්ථාන සංචිතය:  

ෆාතිමා සානා (නායිකාව), අලියා රියාස්, ඩයනා බේග්, ගුල් ෆෙරෝසා, ඉරාම් ජාවෙඩ්, මුනීබා අලි (විකේ), නෂ්රා සන්ධු, නිදා ඩාර්, ඔමයිමා සොහයිල්, සදාෆ් ෂාමාස්, සාඩියා ඉක්බාල්, සිද්‍රා අමීන්, සයිදා අරූබ් ෂා, තස්මියා රුබාබ් සහ ටුබා හසන්.  

marrikkar

නවතම ලිපි