SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2024 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ

අවසන් මහා තරගය කඩුලු 8 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්  විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 165 ක් ලබා ගත්තේය.

පන්දුවට පහරදීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Smriti Mandhana ලකුණු 60 ක් හා Jemimah Rodrigues ලකුණු 29 ක් ලබා ගත් අතර ‍, පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කවීෂා දිල්හාරි කඩුලු 2 ක් හා සචිනි නිසංසලා හා චමරි අතපත්තු එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18 ක් අවසානයේ සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් විය. 

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අතපත්තු පන්දු 43කදී ලකුණු 61ක් ලබා ගත් අතර ජයග්‍රහණයේ නියමුවා වූ හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 69ක් රැස් කළාය.

ඇයට අනගි සහයක් දුන් කවීෂා දිල්හාරි නොදැවී ලකුණු 30යි.